පෙරහැර සහ විලාසිතා
කොයිතරම් වැඩ ගොඩක් තිබුනත් කාලෙකට පස්සේ “අපි පෙරහැර බලන්න යමුද?” කියලා තාත්තා ඇහුවාම සමනලීටත් ආසා හිතුනා ගිහින් එන්න. ඉතින් සමනලීත් අම්මයි තාත්තායි එක්ක ගියා පහුගිය දවසක තිබුනු කොළඹ ගංගාරාම පෙරහැර බලන්න. සමනලී පෙරහැර සංවිධානය ගැනවත් ඒකේ අඩුපාඩු ගැනවත් කථා කරන්න නෙවෙයි මේ හදන්නේ……
මේ පෙරහැර බලන්න විදේශිය රටවල් වල අමුත්තන් රැසක් සහභාගී උනා. පෙරහැර නරඹන්න ආපු මහ සෙනග දිහා විමසිල්ලෙන් බැලුවාම සමනලීට තමුන්ගේ රටේ මිනිස්සු ගැන හරියට දුක හිතුනා….. අතේ ඇගිලි ගනනටත් අඩු සංඛ්‍යාවක් ඇරුනු කොට එදා ඇවිත් හිටිය සේරම විදේශිකයන් පෙරහැරට තවත් ආලෝකයක් ගෙනාවා.. සුදට සුදේ හරිම චාම් විදියට ඒ විදේශිකයන් සංවර ඇදුමින් සැරසිලා ආසාවෙන් පෙරහැර නරඹනවා දැකලා සමනලීට සතුටු හිතුනා.
සමනලීට අර කතාවත් මතක් උනා “රෝමයට ගියාම රෝමන් කාරයෙක් වාගේ ඉන්න ඕනා..” මේ විදේශිකයන් නම් එහෙම තමයි උන්නේ ඒත්…….. “රෝමන් කාරයා රෝමයේ විදියට ඉන්නේ නැතිනම්..???” එදා සමනලීගේ රටේ උදවිය හිටියේ අන්න ඒ වාගෙයි……
සමනලීගේ රටේ උදවිය ඒ පෙරහැර විලාසිතා දැක්මක් කරගෙන තිබුනා. නා නා ප්‍රකාර (විකාර) විලාසිතා තොරොම්බල් ඇදපැලදගෙන ඒ කට්ටිය ඇවිත් උන්න හැටියට එයාලා සංදර්ශනයක්/කානිවල් එකක් බලන්න ඇදගෙන ඇවිත් වැරදිලා පෙරහැර බලන්න ආවාවත්ද කියලා සමනලීට සැක හිතුනා????
ඇත්තටම තැනට ඔබින විදියට ඇදගන ඇවිත් තිබුනු අර විදේශිකයන් ඉස්සරහා සමනලීට සමනලීගේ රටේ උදවියගේ වැඩ ගැන දුක වාගේම ලැජ්ජා හිතුනා…..
එතකොට සමනලීගේ රටේ උදවිය ගැන අර ඇවිත් හිටපු විදේශිය අමුත්තන්ට මොනවා හිතුනද දන්නේ නෑ…….
අපේ අය තැනට ඕන විදිහට අදින්න දන්නෙ නැහැ
ඒකනේ…..
අපේ මිනිස්සු ගැන දුක හිතෙනවා. ඒත් ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරන්න හරිම අමාරුයි.
ඔය ලංකාවෙ අය දේශීයත්වය, වීදේශීය කුමන්ත්‍රණ ගැන මොර දුන්නට වලිකන්නෙ පිට රට පදිංචියට යන්න.අඳින්නෙම සුද්දන්ට නොදෙවැනි ඇඳුම්.අපි අපටම බොරු කරගන්නව නේද?
ඒක තමා තියෙන ප්‍රශ්නේ…. හැමදාම එක තැන පල් වෙන්න ඕනා නැති උනත් තැනට සුදුසු විදියට අදින්න පලදින්න සමනලීගේ රටේ බොහොමයක් දෙනා දන්නේ නෑ….
ඔය ලංකාවෙ කට්ටිය දේශීයත්වය, විදේශීය කුමන්ත්‍රණ ගැන මොර දුන්නට බලන්නෙම පිටරටක පදිංචියට යන්න.විලාසිතා කරන්නෙත් සුද්දන්ට නොදෙවිනි විදිහට. අපි අපටම බොරු කරගන්නව නේද.
සමාවෙන්ඩ මම හිතුවෙ මගෙ කොමෙන්ට් එක පෝස්ට් උනේ නෑ කියල එකයි දෙපාරක් වැටුනෙ.
ආ ඒකට කමක් නෑ කලවැද්දා… සමනලීට හිතෙන හැටි බෙදා හදා ගන්න ආවට ස්තූතියි 🙂