Skip to content

සමනලීගේ පමා වූ උපන් දින තෑග්ග….

2010 මාර්තු 4

පහුගිය මාස කිහිපයේදීම සමනලී උන්නේ වැඩ ගොඩ ගැහිලා… විභාග, පැවරුම්, වාර්තා.. සහ තවත් බොහෝ දේ එක්ක සමනලී හිටියේ හරිම දුකෙන්… ඒත් ඒ වැඩ වැඩි නිසාම නොවෙයි. එක පිට එක ආපු වැඩත් එක්ක සමනලීට හුගාක් වැදගත් වැඩක් අතපසු උනා.. ඒ සමනලීට හුගක් ආදරේ දෙන සමනලී ලගින්ම ඉන්න එයාගේ උපන් දින තෑග්ගයි සුභ පැතුම් පතයි එකලස් කරලා දෙන එක…. ඒකවත් වෙලාවට කරන්න බැරි උන සමනලී කොයිතරම් නරකද..? 😦

මේ ගැන සමනලී උන්නේ හරිම කනස්සල්ලෙන්…. සුභ පැතුම් පත සමනලීගේ අතින්ම හදන්න පටන් ගත්තේ උපන් දිනේට මාස ගණනාවකට කලින්. ඒත් තෑග්ග ගන්න නම් හරිම අමාරු උනා… සමනලීව පරිස්සමින් ගෙදර කිට්ටුවටම එයා හැමදාම එක්කන් එනවා, ඉතින් කොහොමද සමනලී තෑග්ගක් ගන්නේ? අමාරුවෙන් වෙලාවක් ලැබිලා තෑග්ගක් තෝරන්න ගියාම අනේ සමනලී අතේ තිබුනු සල්ලි මදි… සමනලී ඉතින් තාමත් යැපෙන්නේ අම්මා තාත්තාගෙන්නේ….. ඔන්න කොහොමහරි ඉතින් සමනලී අතේ තිබුනු පුංචි ගානට පුංචි තෑග්ගක් තෝරා ගත්තා… ඒක පිලිවෙලට ලෑස්ති කරගන්නත් සමනලීට පොඩ්ඩක් කල් ඕනා උනා….

පහුගිය දවසක සමනලීටත් එයාටත් දෙන්නාටම ඉස්පාසුවක් නිවාඩුවක් ලැබුනා. ඒ පුංචි තෑග්ගයි සමනලී අතින්ම හදපු කාඩ් එකයි අරන්  සමනලී එදා ගියේ හරිම සතුටින්…… ඒත් සමනලී අතින් මේ දේවල් දෙන්න පරක්කු උනාට සමනලී දුකින් උන්නේ…. උපන් දිනේ සමරන්න කියලා සමනලීට රස දවල් කෑමක් එක්ක රසම රස කර්තකොලොම්බන් ice cream එකකුත් අරන් දුන්නා සමනලීගේ අයිතිකාරයා….. පරක්කු වෙලා සමනලී දුන්න පුංචි තෑග්ග දිහා බලලා එයා හුගක් සතුටු උනා. ඒ පුංචිම පුංචි තෑග්ග මහමෙරක් තරමට අගේ කලේ හරිම ආසාවෙන්….

සමනලීගේ අවිවේකී ජීවිතේ කාලේකට පස්සේ නිදහසේ සතුටින් පැය කිහිපයක් ගෙවුනා… සමනලීට උපන් දිනේට වෙලාවට ආදරෙන් මතක් කරලා තෑගි දුන්න සමනලීගේ අයිතිකාරයාට වෙලාවට කාඩ් එකක්වත් දෙන්න බැරි උනාට එයාගේ හි‍තේ ඒ ගැන කිසිම නෝක්කාඩුවක් තිබුනේ නෑ… ඒ වෙනුවට එදත් එයා කලේ හැමදාම වගේ සමනලී දිහා ආදරෙන් බලන් උන්න එක… ප්‍රමාදය ගැන සමනලී දුකින් කතා කලාම එයා කලේ ” මම කියලා තියෙනවනේ මට තෑගි ඕනා නෑ කියලා සුදු… ඇයි මේවා උස්සන් ආවේ…?” කියලා අහපු එක…. හිතන් උන්න තරම් ලොකු දෙයක් දෙන්න බැරි උනා කියලා සමනලී දුක් උනාම එයා කීවේ ” මේවා හරිම ලස්සනයි, මම මේ වගේ එකක් හොය හොයා හිටියේ… ලස්සනයි සුදු….” කියලා සමනලීගේ මහන්සිය අගේ කරලා සතුටින් ආසාවෙන් ඒවා පාවිච්චි කරන එක……

ඇත්තටම සමනලී කොයිතරම් වාසනාවන්තද….. සමනලීගේ අයිතිකාරයා හැමවෙලේම සමනලීව හොදින් තේරුම් ගන්නවා… සමනලීව සතුටින් තියන්න, සමනලීගේ හිත හදන්න එයා සමනලීගේ අම්මා තාත්තා තරමටම දන්නවා….

දිවියේ එක් නැවතුමක

නැවතී මා තෝරාගත් මාවත

ආදරය පුරවා සරසන්නට

ඔබ වාසනාවක් වී මගේ දිවියට

දිවියේ හැම සතුටම ලැබගෙන

තබන තබන හැම පියවර ජයගෙන

මගේ ආයුෂත් ලැබ නිති මගේ සද

සුරකීවා දෙවියන් හැමදින ඔබ

සමනලීගේ අයිතිකාරයාට සුභ උපන් දිනයක්!!!

Advertisements
ප්‍රතිචාර 36 leave one →
  1. 2010 මාර්තු 4 ප.ව. 8:09

    පව් නේ සමනලී , බලන්න ඔයාව කොච්චර ආදරෙන් බලාගන්නවද කියලා.අනිත් උපන්දිනේට නං වෙලාවටම තෑග්ග දෙන්න හොදේ.
    සමනළයට සුබ ම සුබ උපන්දිනයක් වේවා කියලා කිව්ව කියන්න.අනිත් දවසේ අපිටත් කර්තකොලොම්බන් Party එකක් දෙන්න කියලත් කියන්න.
    සමනළිත් එයා මෙයා අයිතිකාරයා කියන්නැතුව , කෙළින් ම සමනළයා කියන්නකෝ.
    වැඩේ ඉවරයි නේ.
    -ජය

    • 2010 මාර්තු 4 ප.ව. 9:16

      ස්තූතියි යෝගී ප්‍රතිචාරයට…. එයා සමනලීගේ අයිතිකාරයා තමයි ඉතින්…. එහෙම තමයි එයා කියන්නේ…. එහෙම තමයි සමනලී හිතන්නෙත් 🙂
      ලබන සැරේට දැන් තියාම ලැහැස්ති වෙන්නයි සමනලීගේ කල්පනාව. ප්‍රමාද උන එක ගැන තාමත් සමනලීට දුකයි ඒකයි…….

      • 2010 මාර්තු 4 ප.ව. 10:19

        හෝව් හෝව්… සමනළී වරද්දගත්තනේ. යෝගියා පොඩි නෑදෑකමක් ගලපල දෙන්ඩනේ හැදුව්.අපි දන්නවා එයා ඔයාගේ අයිතිකාරයා කියලා 🙂
        සමනළී ගේ අයිතිකාරයා = “සමනළයා”
        ඔන්න ඕකයි අපි කියන නෑදෑකම. බලන්ඩකෝ ගැලපෙනවද කියලා.

  2. 2010 මාර්තු 5 පෙ.ව. 6:46

    සමනළී යෝගිගේ කථාව ඇත්ත .. සමනළීගේ අයිතිකාරයා කියන එකට වඩා සමනළයා කියන එක ගොඩක් ගැලපෙනවා…………….. මේවගෙන්ම හැමදාම ආදරයෙන් ඉන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

  3. 2010 මාර්තු 5 පෙ.ව. 6:49

    සමනලීට පරක්කු වෙලා හරි උපන්දිනේ මතක් වුණු එක ගැන සතුටුයි. සමනළී ගේ අයිතිකාරයා වගේ කෙනෙක් ලබන්න සමනළී හරිම වාසනාවන්තයි.

  4. 2010 මාර්තු 5 පෙ.ව. 9:07

    පරක්කු වෙලා හරි පුංචි තෑග්ගක් උනත් දුන්නු එක වටිනවා…සමනලීටත් සමනලයාටත්(අයිතිකාරයා) දිගු කල් සතුතින් ඉන්න ලැබෙන්න ඕන! 😀

  5. Otuwa permalink
    2010 මාර්තු 5 ප.ව. 12:25

    Apoi apoi.samanalaya ohoma idala nam hariyanne ne.mama nam mage ekkenagen thaegi late wunoth dawasak hari katha nokara innawa.ethakota nokerena wada ibetama kerenawa,me SALAMANAYA oyawa nalawanawane.anika mokatada bus eke ge lagata bassanne.mage nam oya boru nelawili ne ne.ko dan samanali kiwwata.eya kiyanne sudu kiyalada?
    Kamak na otuwagenuth smanalayata suba pathum.
    HAPPY BIRTHDAY WEWA!
    (ki weni birthday ekada?)
    amataka unane.apitath katha koloppan party ekak ona

    • 2010 මාර්තු 5 ප.ව. 7:44

      අපොයි සමනලීගේ අයිතිකාරයා ඔටුවා වාගේ සැර නෑ…. එයා සමනලීව තේරුම් ගන්නවා. ආදරෙන් පරිස්සම් කරන එකට ඔටුවා දීලා තියෙන නිර්වචනයට නම් සමනලී කොහෙත්ම එකග නෑ ඔන්න….!
      ම්…. එයා ඉතින් සමනලීට ආදරේට තවත් නම් කියනවා…. 🙂 මුලින්ම කීවේ සමනලී කියලයි….. තාමත් අනික් නම් එක්ක සමනලී කියලාත් කියනවා….

  6. 2010 මාර්තු 7 පෙ.ව. 2:34

    සමනලි මිට අවුරුදු 4 කට කලින් මටත් උපන්දින තැග්ගක් ලැබුනා..එක වටිනා සෙන්ට් බොතලයක්…. එදා මගෙ තිබුන අහංකාර මානය පිරුනු හිත නිසා කටින් පිට වුනෙ ” ඇයි නංගි ඔයා මෙවගෙ දෙයකට වියදම් කරෙ.. ඔයා හොදටම දන්නවනෙ මම සෙන්ට් ගාන්නෙ නැහැ කියලා “. එයගෙ මුණ අඳුරු වුනා ඉතාම ඉක්මනින්… මම එදා එ කරපු වැරැද්ද හදා ගන්න දැන් මට බැහැ. එ වගෙ පුංචි පුංචි දෙවල් ගොඩක් එකතුවෙලා..මට එයාව නැති උනා.. මම හැමතිස්සෙම දැන් හිතන්නෙ මමයි වැරදි කියලා….. මට මෙ කථාව කියවද්දි එයාව මතක් උනා.. ඔයා වාසනාවන්තයි…..

    • 2010 මාර්තු 7 පෙ.ව. 11:14

      ඇත්තෙන්ම සමනලී වාසනාවන්තයි රවා…. ඒ වගේමයි පුංචි පුංචි වැරදි ගොඩක් එකතු වුනාම ආයේ හදන්න මකන්න බැරි ලොකු කැලළක් හිතේ ඉතුරු වෙනවා. පොඩි පොඩි වැරදීම් නැති ජීවිත නම් නෑ… පුංචිම හරි ප්‍රශ්නයක් ආවොත් දුක හිතුනොත් සමනලී එයාගේ අයිතිකාරයා එක්ක හිත ඇරලා ඒ ගැන කතා කරනවා, අයිතිකාරයත් එහෙමයි. ඉතින් ඒ වාගේ කතාවල් හැමදාමත් කෙලවර වෙන්නේ සතුටින් හිනාවෙන්…
      ආයෙමත් රවාට ආදරේ දෙන කෙනෙක්ට රවා අතින් ඔහොම වෙන එකක් නෑ… දැන් රවා දන්නවානේ එහෙම කරන එක හරි නෑ කියලා නේද? 🙂

  7. 2010 මාර්තු 7 ප.ව. 1:39

    අනේ වාසනාවන්…..
    පිරිමි ලමයෙක්ට සමනලයා කියන එක හරි නෑ තමයි. මොක්ද අපි සමනලයා කියන්නෙ නංගි මල්ලිලාට. එක නිසා ඔය එක එක නම් ඕනෙ නෑ. සමනලීගේ අයිතිකාරයා කියලම කියන්න.

  8. 2010 මාර්තු 7 ප.ව. 2:50

    සමනලීගේ අයිතිකාරයාට සුබ උපන් දිනයක්.
    ඔබ දෙපලට සුබ අනාගතයක්.

  9. 2010 මාර්තු 8 පෙ.ව. 11:42

    සුබ පතනවා දෙන්නටම.. හැමදාමත් ආදරෙන් ඉන්න….. :)……. සමනලීගෙ අයිතිකාරයට සුබම සුබ උපන් දිනයකට සුබ පතනවා……..

  10. Otuwa permalink
    2010 මාර්තු 8 ප.ව. 1:46

    Ay ayyo.me salamanaya oyawa nalawanwane.mage ekkenath(mama eyata kiyanne ruwi kiyala) sahena kiyawana kanak ahila inna na.matath ahan idala epa unama mam mehema kiyana “dan athi neda.windaiyak kata wahan innawada kiyala”.smahara daata eya nisa mata yaluwo ekka inna widiyakuth na.gedarata genihin danna kiyanawa.edata ithin mamath akamaththen yanwa.kohomahari dawasa iwarawenne randu wela thamay. apo randu nethnam kisi kick ekak ne samanali. ape ekkena oyage me blog eka dekkoth ehema mama idala iwarai.matath hamadama eyawa gedaratama bassanna wei.anika ithin oya podi lamayekda gedrata gihin daanna.dan campusuth yanawane neda?ekai mam kiwwe salamanaya oyawa nalawanawa kiyala.ohomanam bae.salamanaya set unoth mam eyata kiyannam
    😀

  11. Otuwa permalink
    2010 මාර්තු 8 ප.ව. 1:53

    Sorry samanalee comments dekak awane.blog eke back ground lassanay. aeth ay green gaththe. dan ganan ganna colour ekak neweine
    😀

  12. 2010 මාර්තු 8 ප.ව. 10:57

    දෙන්නටම සුභ පතනවා…..සමනලී වගේම සමනලයත් හරිම වාසනාවන්තයි….
    සමනල යාලුවේ…සුභ උපන් දිනයක් වේවා……..

  13. Otuwa permalink
    2010 මාර්තු 9 පෙ.ව. 11:43

    smanali athdakeem maru karaganna kamathi ne wagene. keti uththarane denne. mata ithin mage weradi gena katha karanna yaluwek nethi nisa oyata kiwwe.ewa bedaganna kenek ne mata. yaluwo ithin kollone.eyala kiyanne “kellaonta bayawennepa kiyala”.maath ehema thamay hithanne. eth oyage salamanaya nam ehema ne wage. eya nam oyata bayay wage neda?
    😀

    • 2010 මාර්තු 9 ප.ව. 4:03

      ඇයි නැත්තේ? සමනලීගේ අත්දැකීම් තමයි මේ බෙදා ගන්නේ…..
      අනේ නෑ ඔටුවා.. අයිතිකාරයා සමනලී‍ට ආදරේ මිසක් බය නෑ…. සමනලී නම් එයාට ට්කක් බයයි. ගෑනු ළමයව තේරුම් අරන් ආදරේ වෙන එකට කියන්නේ බය වෙනවා කියලා නෙවී!!!

  14. Otuwa permalink
    2010 මාර්තු 9 ප.ව. 6:06

    Ahaa. ae kiyanne salamanaya serada?eyath oyata baninawda?mata nam penne eya oyata bayay wage.mata nam ehema behe

  15. 2010 මාර්තු 12 ප.ව. 4:11

    ‍ඹටු අයියා මාරයිනේ 😛 … ඔටු අයිය ඔහොම කිව්වට ගෑණු ළමය‍ට බයයි ද කියල මට නිකන් හිතෙනව 😛

    සමනලීටයි එයාගෙ අයිතිකාරය‍ටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම

  16. Otuwa permalink
    2010 මාර්තු 13 පෙ.ව. 11:06

    Heh heh…kaputu pothakaya danna tarama tamay oya…eyata kaputiyak innawanm itin baye ati.mama nam baya ne. me lagadi mama karapu hora wadakut maattu una.eya eka kiwwe nam eayama hoyagatta wage..mamama tama kiwwe itin
    😉
    Eka tamay mama samanalita kiwwe aytikaraya oyawa nalawanawa kiyala..tawa monada eya gena wistara???

    • 2010 මාර්තු 13 ප.ව. 1:47

      හී හී…… ඔන්න කපුටු පෝතක සහ ඔටුවා අතර බය පිලිබද කතාවක් වගෙයි……
      සමනලී එයාගේ අයිතිකාරයාගේ විදියට ආසයි ඔටුවා…. එයා දන්නවා සමනලීව බලාගන්න ඕනා විදිහ….. 🙂

  17. Otuwa permalink
    2010 මාර්තු 15 පෙ.ව. 10:22

    Balaganna? ane manda?
    Eth ko me kaputu petiya?
    🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: