ඉතිරි කොටස ඔබම කරගත යුතුය…..
2010 මාර්තු 12
ඔන්න අද සමනලී මේ කියන්නේ සමනලීට හිතුනු දෙයක් නෙවී… සමනලී හෙමින් හෙමින් පියාඹගෙන යද්දී දැකපු ලස්සන කියමනක්….. මේක දැක්කාම සමනලීට හිතුනා ඔයාලා හැමෝම එක්ක මේ පණිවිඩේ බෙදාගන්න.
එහෙනම් කියවලා බලන්නකෝ……
“සාගරය විවෘතයි
වළාකුලු ඔබට මග දක්වයි
කදුවැටි දියදහරා ගලා බස්වයි
අනපේක්ෂිත උපකාර සැලසී තිබේ
සියල්ල ඔබගේ විශිෂ්ටත්වය සදහා ඒකරාශි වී තිබේ
ඉතිරි කොටස ඔබම කරගත යුතුය…….”
– නිකොලායි මැකියාවෙලි –
මේ ගැන මොකද හිතුනේ කියලා සමනලීට කියලා යන්න අමතක කරන්න එපා……..
ප්රතිචාර 6
leave one →
ඒ කථාව හරියටම හරි සහෝදරී… පාවුලෝ කොයියෝ කියනවා අපිට මොනවාහරි දෙයක් දැඩිව වුවමනා කරනවා නම්, අපි අපේ හීන නවතින්නේ නැතුව ලුහුබැඳගෙන යනවා නම්, මුලු විශ්වයම අපිට අපේ අරමුණ සාක්ෂාත් කරලා දෙන්න කුමන්ත්රණ කරනවා කියලා… ඒක සහතික ඇත්ත, මට අත්දැකීම් තියෙනවා…
කොහොම වුනත් ඉතිහාසයේ නම සඳහන් කරලා තියෙන්නේ අභියෝග හොයාගෙන ගිය මිනිස්සු මිසක් මහත බැටලුවෝ වගේ ජීවිතේ හැමදේම කරලා දෙනකම් බලාගෙන හිටි මිනිස්සු නෙවෙයි…
සහෝදරි, නුඹ, මම. අපි වගේ මිනිස්සු… මේ මැකියාවෙල්ලි උද්ධෘතය අපි හැමෝටම මතක තියාගන්න වටින දෙයක්… ස්තුතියි සහෝදරී…
ස්තූතියි Pathum…..! ඔයා කියලා තියෙන කතාවත් හරිම ලස්සනයි. සමනලී මීට කාලෙකට කලින් අහලා තිබුනා දෙයක් ලබා ගන්න යමක් ඇත්ත කරගන්න සිතේ ඇතිවෙන ආකර්ෂණය මේ ලෝකේ ප්රධාන ශක්තීන්ගෙන් එකක් කියලා. පාවුලෝ කොයියෝ කියලා තියෙන්නෙත් ඒකමයි මට හිතෙන්නේ…….
අපේ අම්මෝ….. පුංච් උනත් හරිම බරසාර කථාවකනෙ සමනලී….නියමයි….ඇත්තටම ඔයා කොහෙන්ද අනේ මේවා හොයාගන්නෙ. කොහොම උනත් කමක් නෑ. මේ නිසදැස ගොඩක් අර්ථවත්. මම මේක මගේ නිසදැස් එකතුවේ සටහන් කරගත්තා…බොහෝම ස්තුතියි සමනල් පැංචියේ…
ස්තූතියි Chandika….!
සමනලීත් මෙක දැක්කේ අහම්බෙන්…. ඒත් ඒක සමනලීගේ හිතට තදින්ම දැනුනා
හැමොටම පොදු වෙන්නෙත් නෑ නේද ? ජීවිතය එකිනෙකාට සාපේක්ෂයි ……..
සමහර අයට විවෘත සාගරය සුනාමියක්
වළාකුලු කුණාටුවට අහුවෙලා ගහගෙන යන්නත් පුලුවන්
කදුවැටි දෙගොඩ තලා යන මහා ජල ප්රවාහ ගලා බස්වයි
ස්තූතියි indraj …..! ඒ අදහසට සමනලී එකගයි….. ඒත් සමනලීට ඒ ගැන හිතෙන්නේ මෙහෙමයි.. අපට අපේ ජීවිත ගොඩනගා ගන්න ඇති තරම් උදව් පරිසරයෙන් සම්පාදනය වෙලා තියෙන්නේ. ඒත් මිනිසා කියන සත්වයා ඒ වෙනුවෙන් පරිසරයට කළගුණ දක්වන්න පුරුදු වෙලා නෑනේ. තමුන්ට සිද්ධ වෙන අවනඩුවට පරිසරයත් ඉවසන් ඉදලා බැරිම වෙද්දි සැරින් සැරේ උත්තර බදිනවා…. අන්න ඒ උත්තර වලට මිනිස්සු කියන්නේ ‘ස්වභාවික පාරිසරික විපත්’ කියලයි………