එහෙම නේද….?
පුංචිම දරුවෙක් වාගෙයි මං වෙලාවකට
කියන දේ අහන්නෙම නෑ… එහෙම නේද?
“මේ ළමයට කොහොම තේරුම් කරන්නද මන්ද…” ඔයාට හිතෙනවා ඒ වෙලාවට
එහෙම නේද?
උපදෙස් අවවාද වලින් කණ් දෙක පුරවන්න
වෙලාවකට හරිම පණ්ඩිතයි මම
අනේ අනේ මගේ පැහිච්ච කෙල්ල
“මේ ළමයා දන්න දේවල්…” ඔයාට හිතෙන්නේ එහෙමයි එවෙලෙට
එහෙම නේද?
අනේ වෙලාවකට නොදැනිම
හරියට ඔය හිත රිදෙනවා මා අතින්
“හරිම නරකයි මම…” මට හිතෙන්නේ එහෙම උනාට
“පව් මගේ පුංචි කෙල්ල…” ඔයා ලග හැමදාමත් සමාවක් තිබුනා මට
එහෙම නේද?
ලගින් ඉන්න කොට කණ් දෙක පිරෙන්නම
ගිරවි වගේ කතාකරනවා
“මම ඔයාට වදයක්ද මන්දා…?” මම එහෙම හිතුවාට
“පාලු නෑ ඔයා මා ලගින් ඉදන් කතාකරද්දී” ඔයාට දැනුනේ එහෙමයි
එහෙම නේද?
ජීවිතේ සමහර ප්රශ්න ඉස්සරහ
හුගක් සසල වෙලා මම… “අනේ මට බැරිඋනොත්…?”
“මම දන්නවා මගේ සුදුට පුලුවනි”
එහෙම මාව විස්වාස කලෙත්
මට මාව විස්වාස කරන්න දිරි දුන්නෙත් ඔයායි
එහෙම නේද?
මේ ජීවිත ගමනේ නොසිතූ විදියට මගේ පුංචි පාලු ලෝකෙට ඇවිත්
කාටවත් කියවාගන්න බැරි උන මගේ සිත් කතා පොත
හරියටම කියවාගෙන ඒ පාලු ලෝකේ එළිය කලේ ඔයයි
එහෙම නේද?
ආදරේ වෙන්න නොදැන උන්න මට ආදරේ දීලා
මේ පුංචි සමනලීට ජීවිත අහසේ පියාඹන්න අත්තටු දුන්නේ ඔයයි
එහෙම නේද?
පුංචි සමනලීව දෙමාපියන් වගේම
ආදරෙන් පරිස්සම් කරන්නෙත් තේරුම් ගන්නෙත් ඔයයි
එහෙනම්…….
මේ පුංචි සමනලී හැමදාමත් ඔයාගෙයි
එහෙම නේද…….?
සමනලීගෙන් සෙනෙහසින්
mama meka kiyewwe nathuwa thamai me post eka damme.
ආහ්….. ඒත් කමෙන්ට් එකක් දීලා සමනලීව දිරිමත් කලාට බොහොම ස්තූතියි samudrika…..! කියවන්න කම්මැලි කිසි පිලිවෙලක් නැති කතාවක් වගෙයි නේද මේක…?
samanaleetai eyage aithikarutai tiyenne hari sundara katawak wage? oyawa adaren bala ganna eyata hemadama adaren inna samanalee. mamat suba patannam!!
ස්තූතියි sawithri…..! 🙂
Hmmm…maath ithin dennatama subha pathannam.mama nam ithin kiyana de ahanne nethi wunama poddak THADIN katha karanawa. ethakota wede shape.kacha kache nathara karanna mama karanne “me..thapparayak kata wahan innawada” kiyala kiyana eka..e athi hodtama
😀
ඔටුවා ඔයා නම්………… 🙂
Ow otuwa serai thama. mage ekkenath kiyanawa eka. eth eyath serai iye mama ambanaka ahagththa
😦
ඔයාලට ඉතින් හොදක් පෙන්නන්න ගියාමත් කියන්නේ බනිනවා කියලානේ නේද? දෙන්නාම සැර නම් ඉතින් ගැටළුවක් නෑනේ ඔටුවා…? 😀
Apo genu lamai sera wenna hoda ne.eka genu lamekta hariyanne ne.ehema nedda samanali?
ඔව් ඔව් ඒක ඇත්ත තමයි….. ගෑණූ ළමයි සැර වෙන්න ඕනා ගානට…. පමණට….. 🙂
Apooo kohethma ona ne