අම්මාගෙයි දූගෙයි කතාබහ……
අම්මා….
ඇයි දූ?
මම දැන් ලොකුයි නේද?
කවුද කියන්නේ?
ඔයා තාම මගෙයි තාත්තාගෙයි පුංචි දුවනේ..
ඒත් මට බෑනේ ඉස්සර වගේ අම්මාගේ උකුලේ නැලවෙන්න?
ඒත් ඔයා තාමත් අපේ පුංචි පැංචි තමයි දූ…..
හැමදාමත්?
ඔව් මගේ දූ හැමදාමත්…..
අම්මගේ චූටි දුව ලස්සනයිද අම්මා?
ඔව් මගේ දූ හුගක්…. හැමදාම ආදරේ පිරුණු ලස්සන හදවතක් තියාගන්න.. එතකොට දූ හැමදාමත් මේ වාගෙම ලස්සනයි
අම්මාගේ පුංචි පැංචි දගයි නේද?
ම්… ටිකක් විතර… ඒත් දග කලාට මගේ දූ දන්නවා ගෑණු දරුවෙක් විදියට හැසිරෙන්න ඕනා විදිය
අම්මා…. මම සැරයිද? නපුරුයිද?
නෑ චූටි දූ…. ඒත් අසාධාරණ විදියට ඔයාව යටකරන රවට්ටන අය ඉස්සරහා අහිංසක වෙන්නේ පරිස්සමින් හොදේ…..
ඇයි මේ ලෝකේ නපුරු මිනිස්සු ඉන්නේ අම්මා? සමහරු හරිම කපටියි
ඒ එයාලට හොද මිනිස්සු වෙන්න පින් නැති නිසයි දුවේ… මගේ දූ කවදාවත් එහෙම වෙන්න එපා…
මට දැන් යාලුවෝ ගොඩක් ඉන්නවා අම්මා
යාලුවෝ එක්ක සතුටින් ඉන්න.. මගේ දූ එයාලට උදව් කරන්න… හොද යාලුවෙක් වෙන්න ඒත්……. හැමෝම දූ වගේ නෑ…. එයාලව විශ්වාස කරන්නේ පරිස්සමින්
මම අම්මාගේ හොද දුව නේද අම්මා?
ඔව් දූ… ඔය වාගෙම හැමදාමත් කාටවත් ඉරිසියා නොකරන කපටිකම් නොකරන අනුන්ගේ දේ හොරකම් නොකරන හොද දරුවෙක් වෙලා ඉන්න…..
අම්මා දැක්කාද මම අලුත් කවියක් ලීවා?
ලස්සනයි මගේ දූ… මේ වාගේ හැමදාමත් අලුත් දෙයක් කරන්න… අනිත් අය කරන දේම කරන්නේ නැතුව දූගේම නිර්මාණ වලින් ජයගන්න
මම හරියට කතාකරනවා නේද අම්මා? අම්මාට එපා වෙන්නේ නැද්ද?
දූට අම්මා එක්ක කතාකරන්න එපා වෙන්නේ නැද්ද?
නෑ අම්මා…. අම්මා මගේ හොදම යාලුවනේ……
අම්මාටත් එහෙමයි මගේ දූ…
දූ ඉපදුන දා පටන් අම්මාගේ හොදම යාලුවා මගේ දූ තමයි
පුංචිම කාලේ පටන් මම දූ කියන සේරම අහන් උන්නා….
අඩද්දී හිනාවෙද්දී…. වචන කියවෙන්නේ නැති චූටිම කාලේ දූගේ කතාකරන ඇස් දිහා බලන් අම්මා දූ කියන සේරම අහන් උන්නා……..
එහෙනම් අම්මාට මම තවත් කතාවක් කියන්නම්?
කියන්න දූ … අම්මා අහගෙන ඉන්නේ
“අම්මාගේ පුංචි දුව අම්මාට ගොඩාක් ආදරෙයි……!”
ඒ තමයි අම්මා අහන් ඉන්න ලස්සනම කතාව මගේ සුදු දුව
ඒත් අම්මා කියන්නේ නෑ අම්මා දූට කොයිතරම් ආදරේද කියලා
අනේ ඒ ඇයි අම්මා…..?
අම්මාගේ ආදරේට එහෙම කියන්න සීමාවක් මායිමක් නෑ මගේ දුවේ……………….
amma, mea loake thiyena sonduduma wadana amma
ස්තූතියි චේජනා….! සමනලීත් හරිම ආසාවෙන් කියෙව්වා ඔයා අම්මා ගැන ලීව ලිපි….. ඒවා කියවද්දී සමනලීට දැනුනේ සමනලීගේ අම්මා ගැන කියනවා වාගේමයි……
කපටි දූ පොඩ්ඩා….;)
අපූරැයි සහෝදරී…
🙂
ස්තූතියි මිස්සක……!
ඔය බටර් පාර ගාල ඊට පස්සේ මොනාද අම්මගෙන් ඉල්ලුවේ ??;)
අනේ මොනවත් ඉල්ලුවෙ නෑ….. 🙂
මේ ඇත්තටම සමනලීගේ අම්මා සමනලීට හුගක් ආදරෙන් ජීවිතේ ගැන කියාදුන්න දේවල් වලින් ටිකක්…….
අනේ සාදු!
🙂
අම්මාගේ ආදරේට එහෙම කියන්න සීමාවක් මායිමක් නෑ මගේ දුවේ……
200% agreed.
ස්තූතියි බිඟුවා….! අයියා මේ දවස් වල අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපවීම ආදරේ හොදින්ම දකිනවා නේද?
ලස්සන සබැඳුම සමනලී… අම්මා ගැන ලියල නිම කරන්න බැහැ…
ස්තූතියි සමීර….!
ඇත්ත ඒක මෙහෙම ලියලා නිම කරන්න බැහැ….
meka nam attatama lassanai. amma kenekgei duwekgei adaraneeya sambande oya hari apuruwata liyala.
ewagema samanalee amma dunna advice amataka karanna epa.. yaluwo wiswasa karanne parissamin.hugak aya inne wade kerenakal witarai, udin pennana adare hite na……
ස්තූතියි sawithri…! ඒක ඇත්ත සමනලීටත් ඉන්නවා එහෙම යාලුවෝ. ඒත් අම්මා කීවා වගේ සමනලී එයාලව පරිස්සමින් ආශ්‍රය කරනවා, එයාලට හොද යාලුවෙක් වෙනවා උදව් කරනවා…. එයාලගේ හිතේ නරක සිතුවිලි වල විපාක ඒ අයටමනේ……
හිතට දැනුනා මේ සටහන. අම්මා ගැන ලියල, කියල නිම කරන්න බැහැ.
ස්තූතියි Raven….! ඇත්ත අම්මා ගැන ලියලා නිම කරන්න බෑ… මේ අම්මා වෙනුවේන් හිතේ නැගුනු පුංචි අහිංසක සටහනක්….
නියමයි සමනලී………………
ස්තූතියි dyjanaka….! 🙂
tikak alut version 1k hondai,,,,
ස්තූතියි indika ….! 🙂
සමනලී
කවදාවත්ම අම්මගේ හිත රිද්දන්නෙ නෑ නේද? ඔයාට දුවෙක් ඉන්න දවසට, ඔයාට නොකිව්වට නොදැනුනාට ඔයාට දැනුනට වඩා තව ගොඩක් අම්ම ලඟ ආදරේ තිබිල තියෙනව කියල දැනේවි. එදාටත් බ්ලොග් එක්ක් ලියන්න මමත් හිටියොත් කියවන්නනම්. මම ගොඩක් ආසයි අම්ම ගැන ලියපුව කියවන්න.
සුභ දවසක්
ස්තූතියි දයියා….!
සමනලී හැකි සෑම උත්සාහයක්ම ගන්නේ අම්මා වගේම සමනලීව ඇස් දෙක වාගේ බලාගන්න තාත්තාවත් හැමදාමත් සතුටින් තියන්නයි. සමනලී දුක් විදලා ඉගෙන ගන්නවා… හොද රස්සාවක් කරනවා මොකද ඒ දෙන්නාව සතුටින් හැම සැපක්ම දීලා බලාගන්න සමනලීට ඕනා නිසා…..
ow samanali, amma kiyana wachane kiyaddi pawa danena sathuta nisama mama wena rataka mage yaluwo ekka engrisiyen katha karath ‘amma’ kiyalamai amma gena katha karanne, eyalata eta kalin kiyana mother kiyana eka mage language eken amma kiyala
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා..
අහස් ගැබෙන් මරු කතරට වහින වැස්ස අම්මා…
ස්තූතියි Outsider…..!
අම්ම ගැන තියෙන ආදරය වැඩි කරල දුන්නට ස්තුතියි ගොඩක් ..
ඒ ස්තූතිය සමනලී සතුටින් බාරගන්නම්…. ඒ වාගේම ස්තූතියි සමනලීට හිතෙන දේ කියවා අගය කලාට…. 🙂
Ow samanali me loke smahara aha puduma kapatei. hithaganna amaru tharam kapatei.oyage amma e dewal oyata hodata terum karala dila thiyenwa
mage ekkenath ehema kollekge kapatikamakata ahu una kenek. meya posath kiyala hithala eyagen wena waasi balagena boru karala meyata kiitu wela ath aththta denagaththata passe duka dila ayn una. mama sera unath kohoma unath eya dannawa mama eyata adare bawa. mama eyawa dala noyana bawa. mona randu unath api 2 athare ae wishwase thiyenwa.mama eyawa rawattala yalu karagaththe ne. eyath ehemay. mokada boru karala yaluwela dennagen ahu una kena aththa denagthta daata relationship eka dedaranawa.ehema neda?
ape amma genath mata wenas widiyata hithanna purudu kale eya
Oyage ammatath deergayusha!!
එහෙනම් ඒකත් ලස්සන ආදර කතාවක් වගෙයි…… සමනලී ඔයාලා දෙන්නාටම සුභ පතනවා…..!!! ඒවගේම ස්තූතියි ඔටුවා සමනලීගේ අම්මාට දීර්ඝායුෂ පැතුවාට…
E comment eka diga wadi wageda?oyage profile eka ketha wenawanam dannepa samanli. eth mama aasai mage athdekeem oya ekka bedaganna. meke wedi hariyak inne kollone. eyalata serious katha therenne ne. serious deyak kiwwoth wihiluwata gannawa. karadarayak nam samawenna!!
Ape ekkenath oya gena den dannwa
අනේ නෑ ඔටුවා… කිසිම කරදරයක් නෑ…. අත්දැකීම් බෙදා ගන්න මේ සයිබර් අවකාශය හොද තැනක්…. හැම පිරිමි ළමෙක්ම ප්‍රශ්න විහිළුවට ගන්නේ නෑ….. සමනලීගේ අයිතිකාරයාත් ඒ වාගෙයි…..
ඔයාගේ එක්කෙනාව සමනලී ආදරෙන් මතක් කලා කියන්නකෝ…… 🙂