අන්තර්ගතයට පනින්න

අනේ ඇස් අරින්න පුංචි මල්ලියේ……

2010 මාර්තු 16

ජීවිතේ එක පාරක් ඔයාව කළු ගගට දැම්මාට ජීවිතේ කලුම කලුයි කියලා හිතන්නෙපා පුංචි මල්ලියේ…. දුප්පත්කම ඔයාගේ අහිංසක ජීවිතේ‍ට අභියෝග කලාට ඔයා වාගේම දරුවෙක් ඉන්න මාමා කෙනෙක් ඔයා වෙනුවෙන් වතුරට පැන්නේ ඔයාට තවත් මේ ලෝකේ හුස්ම පොදක් ගන්න ඔයා වෙනුවෙන්මයි….

“අනේ මගේ මල්ලී මා එක්ක තරහ වෙලාද? ඇස් ඇරලා බැලුවේ නෑ මගෙ මල්ලි…”

ඔයා එක්ක සෙල්ලම් කරන්න බලා ඉන්න පුංචි අයියා එයාගේ රත්තරන් මල්ලීව නැගිට්ටවන්න ඇස් දෙක උනත් දෙන්න බලා ඉද්දී ඔයා තාමත් ඇස් පියාන ඉන්නවද මල්ලියේ…?

දවස පුරා බඩගින්න උහුලන් උනත් ඔයා අයියලා අක්කලා එක්ක සෙල්ලම් කරපු ඔයාගේ සුවද පිරුණු ගෙදර, ඔයාගෙ අතින් ඇදපු පාට පාට කුරුටු සිතුවම් වලින් හැඩවුනු ඒ ගෙදර බිත්ති ආයෙත් ඔයාගේ කටහඩින් පිරෙනකල් මගබලන් ඉන්නවා මගේ මල්ලියේ……..

අගහිගකම් වලින් මිරිකුණු ඒ ගෙදර ඔයා හුගක් දුක් විදින්න ඇති අපි ඒක නොදන්නවා නෙවී…. ඒත් අද ඒ ගෙදර කවදාවත් නැති තරමට දුප්පත් වෙලා.. ඒ ගෙදර වටිනාම සම්පත රෝහලේ ඇදක් උඩ ඇස් පියාන ලොකු සටනක….

“මට හිටියේ මල්ලි විතරයි…. අනේ මගේ මල්ලිව ගෙදර එවන්න….” අයියාගේ ඇස් වලින් ඔයා පාවුන කලු ගගටත් වඩා ලොකු කදුලු ගගක් ගලනවා…. ඔයා තාමත් ඇස් පියාගෙන ඉන්නවද පුංචි මල්ලියේ….?

දුප්පත්කමට පරාද වෙලා ඔයාව ගගට දාන්න ඔයාව දස මසක් කුස දරන් ඉදලා මේ ලෝකට බිහි කරපු අම්මාට හිතුනත්, ඔයාව අහිංසක ළපටි ජීවිතේ සදහටම හංගාගන්න හිත් පිත් නැති කලු ගගවත් උත්සාහා කලේ නෑ……

වැරදුනු තැන කොතනද මන්දා…. ඒත් මල්ලියේ ඔයා කිසි වරදක් කරලා නෑ…. අපි තව පාරක් උත්සාහා කරමු…. අනේ ඇස් අරින්න….. “අනේ මගේ අම්මාටත් මාව එපා නම්” කියලා දුක හිතිලද ඔයා ඔහොම ඉන්නේ? පුංචි ඔයාටත් මේ ලෝකේ වෙන්වුන ඉඩක් තියෙනවා මගේ මල්ලියේ….. එන්න අපි ඒක හොයාගමු…… අනේ ඇස් අරින්න… එක පාරක්…. තව එක පාරක්….???

රෝහලේ ඇදක් මත ජීවිතය එක්ක සටන් කරන මිල කරන්න බැරි අහිංසක මලක් වුනු පුංචි අමිල  මල්ලි…… මේ සටහන ඔයා වෙනුවෙන්මයි… නොකල වරදකට වන්දි ගෙවන්න හිතන් ජීවිත සටනින් පරාද වෙන්නෙපා……

තෙරුවණ් සරණින් ඉක්මනින් සනීප වෙලා අයියාගේ කදුලු පිහිදාන්න එන්න පුංචි මල්ලියේ…….

Advertisement
ප්‍රතිචාර 27 leave one →
  1. 2010 මාර්තු 16 ප.ව. 8:21

    මල්ලි ඔයා වෙනුවෙන් අපට කරන්න පුලුවන් ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ත්නා කරන්න විතරයි……මල්ලියො ඔයාට හදවතින්ම ඉක්මන් සුව පතනවා

  2. 2010 මාර්තු 16 ප.ව. 9:14

    පෙරයිදා රාත්‍රියේ ප්‍රවෘත්ති වලින් ඒ අසරණ අයියා මල්ලි ගැන කිය කියා අඩපු හැටි තාමත් සමනලීගේ හිතේ කොනක රැදිලා ඇස් වලට කදුලු ගේනවා…..
    දැඩි සත්කාර ඒකකයේ මලානික වෙලා ජීවත් වෙන්න සටන් වදින පුංචි මල්ලි දැකලා “මල්ලි ඇස් ඇරලා බැලුවේ නෑ… අනේ මගේ ඇස් දෙක දෙන්නම්…. අනේ මල්ලිව ගෙදර ගේන්න….” කියලා ඒ අයියා හූල්ල හූල්ල ඇඩුවා… අයියා කීවට එයත් අවු 6ක විතර පොඩි දරුවෙක්…. දෙවියනේ ඒ පොඩි දරුවන්ට ඇයි මෙහෙම උනේ???

  3. 2010 මාර්තු 16 ප.ව. 9:43

    අපිත් ඹයත් එක්ක චූට් මල්ලීයෝ.

  4. දයියා permalink
    2010 මාර්තු 16 ප.ව. 10:38

    සමනලී
    මම ගොඩක් උත්සාහ කළා මට ලියන්න බැරි උනා ඒ දරුව ගැන. අපේ ගම්පලාතේ පාසලක අහිංසකම ගුරුපියෙක් මිය ගියා දරුවන්ගෙ ක්‍රීඩා උත්සවයෙ වැඩකදි. ඒ අවංක ගුරුපියාගෙ ජීවිතය කැප උනේ පාසල් දරුවන්ට ඒ පිනෙන්වත් මෙලෝ හසරක් නොදන්න ඒ අහිංසකයට ‍ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    • 2010 මාර්තු 17 පෙ.ව. 12:17

      අහිංසක අමිල මල්ලි වෙනුවෙන් හදවතින්ද කරපු ප්‍රාර්තනාවට බොහොම පින්…… ස්තූතියි…..
      ඔව් අපි අමිල මල්ලිට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්තනා කරමු…….

  5. 2010 මාර්තු 16 ප.ව. 11:43

    අද ඒ අයියා ඉන්න තත්වෙම මීට හරියටම අවුරුදු 11 මාස 1 දවස් 10 කලින් මමත් හිටපු නිසා මම දන්නව ඒ අයිය ඉන්න තත්වය. මම කරන එකම ප්‍රාර්ථනාව නම් ඒ පුංචි අයිය මම තරම් අවාසනාවන්ත වෙන්න එපා කියල විතරයි. අනේ පොඩි මල්ලියෝ ඉක්මනින් සනීප වෙලා ගිහින් ඒ අයියාගේ ඇස්වලින් ගලන ඒ කදුලු ගංගාව නතර කරන්න. ඔයාට ඉක්මනින්ම සුව වෙන්න කියල මම යාච්ඤා කරන්නම්.

    • 2010 මාර්තු 17 පෙ.ව. 12:15

      අහිංසක අමිල මල්ලි වෙනුවෙන් හදවතින්ද කරපු ප්‍රාර්තනාවට බොහොම පින්…… ස්තූතියි ආදර කතාව….
      ඒ වාගෙම ඔයාට මුහුණ දෙන්න සිද්ධ වුනු ඒ අවාසනාවන්ත සිද්ධිය ගැන සමනලීට ගොඩක් කණගාටුයි…..

  6. 2010 මාර්තු 17 ප.ව. 12:11

    ඇයි .. ඒ අම්මා .. එහෙම කලේ.
    දස මසක් කුස නොදරපු…
    ලේ කිරිකර නොදුන්….
    ඒ දරුවව..මේ තරමට උස් මහත් කරන්න..අබ මල් රේණුවක කරම්වත් දුක් නොවිඳපු…

    අපට…. මේ තරම් දුකක් දැනෙනවා නම්……
    මේ අම්මා, මොන හිතින් ද …මේක කලේ…

    මේ පැතුම් සියල්ලම…මල්ලී..ඔබට , දීර්ඝායුෂ සඳහා..ශක්තියක්ම වේවා….!!!!

  7. 2010 මාර්තු 17 ප.ව. 1:46

    මගේ මල්ලිට
    කන්න දෙන්නෑ
    අයියා අඬනවා
    පුංචි පැටියෝ
    මගේ ඇස් දෙක
    දීලා හරි අපි
    මල්ලි ඇහැරවමු
    කියයි අයියා
    තරහා වෙන්නෙපා
    අයියා එක්කලා
    මාත් අඬනවා
    එහෙම උනොතින්
    කාගෙ කාගේත්
    ඇස් ඇරිලා දැන්
    යන්න නම් බෑ
    අපිව අඬවලා …..!!!!
    මේ මගේ POST එකක්..මේක මෙතනට ගැලපෙන නිසා මම මේක දාන්න හිතුවා.මගෙත් ප්‍රාර්ථනය මේ දරුවට ආපහු ජීවිතය…!!!ලැබෙන්න කියලයි.

  8. 2010 මාර්තු 17 ප.ව. 3:37

    ඒ දරුව සනීප වෙයි දෙවියන්ගෙ පිහිටෙන්.‍
    ඒ වගේම සුවපත් වෙලා මෙවැනි අසරණයින්ට පා නගන්න සුදුසු වටාපිටාවක් මේ රටේ බිහිවෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

  9. shashi permalink
    2010 මාර්තු 17 ප.ව. 5:27

    nice post …

  10. Otuwa permalink
    2010 මාර්තු 17 ප.ව. 6:59

    Mage ekkenath mata sahena duken oya kathawa kiwwa. matahth ithin dukai.paw thama.maath asay matath malli kenek hitiyanam issara idan mama thaniyama.
    Kathawa lassanay samanali

  11. 2010 මාර්තු 18 ප.ව. 10:12

    අය්යා කෙනෙක්ට මල්ලි කෙනෙක් නැතිවෙන වේදනාව විදින කෙනෙක් හැටියට මමනමි පතන්නෙ කාටවත් එහෙම දුකක්නම් එපා කියලයි. අනේ පුංචි අමිල මල්ලියෝ…ඔයා වෙනුවෙන් කදුලු හලන අයියා වෙනුවෙන් ඇස් අරින්න..ඔයා ඔය ඉන්න විදිය එයාට දරාගන්න බෑ. (මෙහෙවු දැනුම් තේරුම් තියෙන අපිටත් බැරිකොට පුංචි ලමයෙක් කොහොම දරාගන්නද?). අමිල මල්ලි වෙනුවෙන් මමත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න, එයාට ආදරේ හැමෝම වෙනුවෙන්….

    • 2010 මාර්තු 19 ප.ව. 12:36

      මාර්කට් එකේ කූලී වැඩ එ‍හෙම කරලා නංගිලාටයි මල්ලියාටයි කෑම ගෙනත් දුන්න ඒ අයියාට මල්ලියා අර වගේ ඉන්න එක දරා ගන්න බැරිව ඇති… එයා එදා අඩද්දී කීවා “එයාලා මල්ලිට කන්න දෙන්නේ නෑ…. බට දාලා…. අයියෝ මල්ලිව ගෙදර එවන්න අනේ….” කියලා
      ඒ අයියා දුක කිය කියා අඩපු හැට් නම් සමනලීට කවදාවත් අමතක නොවේවි……

  12. නොකියා permalink
    2010 මාර්තු 19 පෙ.ව. 10:40

    ඒ දරුවට සනීප වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මේකත් බලන්න. http://palaamalla.wordpress.com/2010/03/18/

  13. Otuwa permalink
    2010 මාර්තු 20 ප.ව. 7:01

    Me dan mata harima kanagatudayaka news ekak ahanna labuna. e ahinsaka malliya me napuru loke dala sadahatama yanna gihin.
    EYATA NIWAN SUWA!!!

  14. 2010 මාර්තු 20 ප.ව. 7:30

    සමනලී……
    අමිල යන්න ගිහිං.

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: