අන්තර්ගතයට පනින්න

අහෝ දෙවියනි කලේ වරදක් මවා ලොව වනසන්න මිනිසා……

2010 මාර්තු 20

ඔන්න ටික දවසකට පස්සේ සමනලීට ආයෙත් ඔයාලගේ හිත් අද්දරින් පියාසලන්න හිතුනා…

මේ දවස් ටිකේ හරිම කම්මැලි කමකින් ගෙවුනේ. වැඩ තියෙද්දී කරගන්න බැරි තරම් පෝළිමට එක පිට එක එනවා…. ඒත් වැඩ නැතිකොට හිතෙනවා අනේ වැඩ තිබුනානම් කියලා…. ඒ ඉතින් මිනිස් සිතේ හැටියක්නේ, කවදාවත් තියෙන දෙයින් සෑහීමට පත්නොවීම….

විශේෂ වැඩකුත් නැති නිසා සටහන් ගොන්න ලංකරගත්තා.. අනේ ඒක කියවන්නත් කම්මැලියි වාගේ. කොහොමත් සමනලීට ඕවා හරියට කියවෙන්නේ විභාගේ ලඟටම ඇවිත් අත වැනුවාම තමයි ඉතින් 😀

මේ දවස් වල ඉර මාමත් හරිම සැරයි නෙව!!! සමනලීට එලීයට පහලියට බැහැලා පොඩ්ඩක් නිදහසේ පියඹන්නත් බෑ ඒ සැරට…. ඒත් පොඩ්ඩක් කන් තියාන හිටියාම සමනලීට ඇහුණා වටපිටාවේ ගස් වැල් ‍බොහොම තරහෙන් කථා කරනවා…

“අපි කවදාවත් මේ පොළොවට කිසිම නරකක් කලේ නෑ… මේ මිනිස්සු කියන ජාතිය කරන්න පුලුවන් හැම විනාශයක්ම කරලා පරිසරය නාස්ති කලා… දැන් ඉතින් අපිටත් එයාලා නිසා දුක් විදින්න වෙලා….”

බලන් ගියාම එයාලා කියන්නේ ඇත්ත තමයි…

තව ටිකක් හොදට කන් දීගෙන ඉන්නකොට සමනලීට ඇහුණා දුම පිරුණු අහසේ පියාඹමින් ඉන්න පුංචි කුරුල්ලන්, කිලුටු උන වතුර ගලායන දොලේ පීනාගෙන යන චූටි මාළු රංචුව.. මේ සේරම ගස් වැල් එක්කලා එක්කාසු වෙලා මනුසතාට විතරක් නෙවී ලෝකේ මවාපු දෙවියන්ටත් නොසෑහෙන්න බනිනවා……..

සැමට එක ලෙස සතුට විදිනට පොළෝතල මත දිවිගෙවන්නට

ලොව මැවු දෙවි පෑවෙ දස්කම් මවා නෙක විධ ජීව සිත්තම්

එකා සැමටත් සැම එකාටත් බැදී සුරැකෙන සේ මැවු ලොව

මනා ලෙස සැම කොටස් නිමවා තැබු මුත් දෙවියන් තෙදින් සොද

වඩා හොද ලෙස මවා මනුසත් බුද්ධි බල අන් සැවොම පරදා

අහෝ දෙවියනි කලේ වරදක් මවා ලොව වනසන්න මිනිසා……

ඉර මාමත් තව තවත් සැර වෙවී අහසේ මුදුනට ආවා…. හැමෝටම සතුටින් දිවි ගෙවන්න කියලා අපූරුවට මවාපු ලෝකෙක කොයිතරම් ලැබුනත් පිරෙන්නේ නැති හිතකුයි අනිත් සතුන් හැමෝටම වඩා හොද නුවණකුයි එක්ක මනුසතාව මවන්න දෙවියන්ට හිත් පහළ උනේ ඇයි කියලා කල්පනා කර කර සමනලී හෙමින් හෙමින් ආපහු පියාඹගෙන ආවා………

කරන්න දෙයක් නැති තැන කැරකෙන ෆෑන් පෙත්ත යට වාඩි වෙලා සමනලී ඔය ගැන කල්පනා කරන්න ගත්තත් අනේ වැරදුනේ කාටද කොතැනද කියලා නම් සමනලීට කල්පනාවට ආවේ නෑ….. සමනලීගේ හිත කියවන්න ආපු යාලුවනේ…. ඔයාලට ඒ ගැන මුකුත් හිතෙනවද? එහෙනම් ඒකත් කියලාම යන්නකෝ………

Advertisement
ප්‍රතිචාර 21 leave one →
  1. වැප් permalink
    2010 මාර්තු 20 ප.ව. 4:38

    ආ මේ ඉන්නේ කොහෙද ගියේ කියලා බැලුවා ..

  2. chejana permalink
    2010 මාර්තු 20 ප.ව. 6:15

    නිල් අහසට තනි රකින්න සඳ මැවු සේ..
    මහ පොළොවට තනි රකින්න තුරු මැවු සේ…
    වන සතුන්ට තනි රකින්න මැවු මිනිසා…
    වන සතුනුත් තුරු ලතාත් මහ පොළොවත්
    අහවර කර…
    තනයි පියාපත් සඳ වෙත…..

  3. Indraj permalink
    2010 මාර්තු 20 ප.ව. 6:52

    දෙයියන්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.
    මිනිහා මැව්වෙ දෙයියො නම් දෙයියො මැව්වෙ කව්ද?

  4. 2010 මාර්තු 20 ප.ව. 7:05

    අපි කල වැරදි වලට අපිම වඳි ගෙවන්න එපැයැ නේද….මේ මිහිතලය ජීවියකුට ඉන්න බැරි තත්වයට පත්වීමේ පෙරමග ලකුණු තමා මේ…

  5. 2010 මාර්තු 20 ප.ව. 8:38

    හ්ම්…
    අපේ වැරදි තමයි මේවා..

  6. 2010 මාර්තු 20 ප.ව. 9:11

    අපි ගැන කතා කරන කොට අපි ගැනම දුක හිතෙනවා

  7. 2010 මාර්තු 21 පෙ.ව. 6:25

    කිහිප දෙනෙක් කරන වැරදි නිසා මුලු ලෝකයාම දුක් විදින්න වෙලා….

  8. 2010 මාර්තු 21 පෙ.ව. 10:52

    භූ ගර්භයේ වායු නිධියක නිදන් වී තිබූ ප්‍රධාන පෙලේ හරිතාගාර වායුවක් වන මීතේන් ටොන් ගණනින් දැන් රුසියාවට උතුරෙන් ආක්ටික් සාගරයෙන් බුබුලු දමමින් නිකුත් වන බව දැන් සොයාගෙන තියෙනවා. සමනලී දන්නව ඇතිනේ මේකේ විද්‍යාත්මක පැත්ත. වසරකට නිකුත්වීමේ ශීඝුතාවය වායු ටොන් මිලියන 8ක්ලු.

    Judgement Day එක ලඟදිම එයි කියලයි මට හිතෙන්නේ.

    • 2010 මාර්තු 21 පෙ.ව. 11:16

      හ්ම්….. විනාශය ගැන ඇස් ඇරලා බලන්න කියලා ජයටම චිත්‍රපටි එහෙමත් හැදුනා නෙව? ඒවයින් ඒ තරම් පළක් උනේ නෑ… අනික හැමදාමත් මිනිස්සු කළේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහපු එක……..
      ස්තූතියි ඉන්දරේ…..!

  9. 2010 අප්‍රේල් 11 ප.ව. 8:44

    මාත් හිතනව මිනිසා ලඟදීම….. සියලු දෙය නැති කර ගනීවි… කියලා…..

  10. 2010 ජූලි 6 පෙ.ව. 9:40

    දෙවියන් මැවු මිනිසා සෑම අතකින්ම දියුණු වුනත් සමනල ී ………………
    “දියුනණු වෙන්න බැරිම වුණ දියුණු වෙන්න නොහිතපු එකම දෙය “ඕකයි
    අපි කරපු වැරදි නිසා දැන් අපට දඩුවම් ලැබෙන්න පටන් අරගෙන, දැන්වත් අපි ඒ ගැන හිතුවෙ නැතිවුනොත් කොහෙන් කොහොම විසදෙයිද මන්දා………………….
    “අපේ වැරදි නිසයි මේ ඔක්කොම……………..”

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: