අන්තර්ගතයට පනින්න

ඊරිසියාව කරපින්නගෙන තව තවත් ඉහලටම….

2010 මාර්තු 21

නෙරංජි ලියාපු ඉහළටම ජීවිතේ ඉණිමගේ කියන පෝස්ට් එක දැක්කාම සමනලීත් ඒකට පොඩිපහේ කමෙන්ටුවක් දැම්මා…. පස්සේ සමනලීට හිතුනා ඒ පොඩිපහේ කමෙන්ටුව තව ටිකක් හරිගස්සලා අරන් මෙන්න මෙහෙම පළ කරන්න…. කට්ටිය ඒකත් කියවලා බලන්නකො…..

ඕං මේක නෙරංජිගේ නිර්මාණය කොපි කරන්න හදපු වෑයමක් නෙවී හොදේ? මේ තියෙන්නේ ඒකෙන් කියවෙන දේ ඇත්ත බව සමනලීට දැනුනු විදියයි…….

ඉහලටම ඉහලටම
යන්නට ඕනා තව ඉහලටම
එයා යනවා නම් ඉහලට
අනේ බලා ඉන්නට නම් බෑ මට

කෝ බලමු කරන්නේ මොකක්ද කියා එයා
අහා..! ඒකයි එයාගේ රහස
දැන් ඉතින් කරන්නම් මමත්
කොපි කරලා එයාව ඒ විදියටම

කියන්න නම් හොද නෑ එයාට
දන්නවා කියලා මම එයාගේ රහස
තව ටිකක් පෙන්නුවොත් බොරුවට හොද මූණ
තව වාසි ගත හැකියි නෙව මට හොදට

අතාරින්න හොඳ නෑ එයාව
ඉන්න ඕනා පස්සෙන්ම හැම දේටම ඇඟිලි ගහගෙන
දැනගෙන එයාගේ රහස් මම
පරද්දන්න ඕනා එයාවම

හඃ හඃ එයා දන්නේ නෑ තව මගේ තරම

අහිංසක මූණෙන් බොරු අනුකම්පාවෙන්

වැඩේ කෙරෙනකල් මගේ තිතට

ඉන්නට ඕනා මේ විදියටම

ඉණිමගේ ඉහලටම ඉහලටම
පාගා දමා මනුසත්කම
ඊරිසියාව කරපින්නගෙන
නගින්නම් මම තව ඉහලටම….

මේ සමනලී අහපු දැකපු ඇත්තක්….සමනලීට විතරක් නෙවී ඔයාලටත් මේ වාගේ අයව අහන්න, දකින්න, ආශ්‍රය කරන්න ලැබිලා ඇති නෙව?

“ඒ තමයි ඉතින් සමාජෙ හැටි…. ඒ එයාලට හොද අය වෙන්න පින නැති නිසා. ඒත් ඔයා ඒ වාගේ වෙන්න එපා….” සමනලීගේ අම්මා නම් කීවෙ එහෙමයි…. අම්මා කීව ඒ කතාව කියෙව්වේ නැති අයට මෙතැනින් ඒක කියවන්න පුලුවනි.

ඔයාලටත් හිතෙන්නේ එහෙමද? සමනලීට කියලා යන්නකෝ…….

Advertisement
ප්‍රතිචාර 7 leave one →
  1. 2010 මාර්තු 22 පෙ.ව. 5:37

    සමනළී ටිකක් ලොකු අකුරු යොදාගන්න පුලුවන්නම් වටිනවා

    සමාපේ පුදුමයි විෂමයි

  2. 2010 මාර්තු 24 ප.ව. 6:33

    මේ වගේ අය ඉන්න හින්දා තමා උඩට යන්න කැමති අයට උඩට යන්න හිතෙන්නේ 🙂

    • 2010 මාර්තු 24 ප.ව. 7:44

      ඒක ඇත්ත… ඔහොම කෙනෙක් ලඟ ඉදන් ඔය වාගේ හැසිරුණාම සමනලීට නම් තවත් උද්යෝගය එනවා වඩාත් හොදින් වැඩ කරන්න… ඒ කෙනාගේ ඉරිසියාව සමනලී දිරිමත් කිරීමක් විදියට පාවිච්චි කරනවා….. ඒ වාගේ අයට හොදම පිළිතුර ඒකයි…..

  3. Otuwa permalink
    2010 මාර්තු 27 ප.ව. 8:05

    E wage ayata uththara denna ona api karana dewal walin. eyalage irisiyawa moonen hodata penawa.kapila penawa. ithin HAMOMA e gana danagannwa. tawa kenekwa immitate karanawa kiyala.
    OYA OWAIN SALENNA EPA SAMANALI!!! OYATA DHAIRYAYA PRARTHANA KARANAWA

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: