අන්තර්ගතයට පනින්න

සමනලීගේ පිටුවට අලුත් දේවල් ටිකක්…..

2010 මාර්තු 24

ඔන්න සමනලී බ්ලොග් පිටුවේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කලා…. වෙනස්කම් කීවට තියෙන දේවල් තියෙද්දී තව අලුත් දේවල් ටිකක් එකතු කලා….

මේවා මේ සාමාන්‍යයෙන් ඔයාලගේ බ්ලොග් වල තියෙන දේවල්ම තමයි. ඒත් සමනලී ඔය වෙබ් පිටු වල වැඩ දැමීම ගැන ඒතරම් දන්නේ නැති නිසා වැරදි වැරදි කරලා බලලා තමයි ඔන්න මේ වෙනස්කම් කලේ……

දැන් මොනාද මේ සමනලී කලේ?

  • සමනලීගේ සිතුවිලි සිංහල බ්ලොග් කියවන හැමෝටම පෙන්වන්න ඉඩ හසර දුන්න සිංහල බ්ලොග් කියවනයේ සහ ලාංකීය සිතුවිලි වල බැනර් දෙකම එකතු කලා
  • සිංහල අකුරු ගන්න තැනක් එකතු කලා
  • සමනලී ලියන පෝස්ට් වල අකුරු හරිම පුංචියට නොවැ තිබුනේ… ඉතින් අකුරු ටිකක් ලොකු කලා. මේක නම් කලේ සමනලීගේ යාලුවෙක්ගේ උදවුවෙන්…. එයාට ගොඩක් ස්තූතියි!!
  • සමනලීව බලන්න එන ඔයාලාට සමනලීගේ මූණු පොතට ගොඩවැදිලා යන්න කියලා ඒකත් බ්ලොග් එකට ඇතුලත් කලා… ඉතින් හැමෝටම ආරාධනා කරනවා සමනලීගේ මූණු පොතේ යාලුවෙක් වෙන්න එන්න කියලා
  • සමනලී සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් නොවැ…. ඉතින් මේ පින්බර රටේ සිංහ කොඩිය දැන් සමනලීගේ බ්ලොග් පිටුවේ ලෙල දෙනවා අද ඉදන්

ආ….. තව ….සමනලීට හිතෙන හැටි බලන්න එන ඔයාලට පාලුව යන්නත් එක්ක පියාසලන සමනලීයන් දෙන්නෙකුත් ඉන්නවා දැන් සමනලී‍ගේ පිටුවේ……

අනේ මන්දා මේ සේරම එක්ක දැන් සයිබර් අවකාශයේ සමනලිගේ තෝතැන්න අච්චාරුවක් වාගේ පේනවද මන්දා….?

තවත් ලස්සනට පුංචි සමනලීට මේ විශාල සයිබර් අවකාශේ පියාසලන්න අදහස් එහෙම දෙන්න පුලුවනිද යාලුවනේ…..?

Advertisement
ප්‍රතිචාර 27 leave one →
  1. 'sulaga' permalink
    2010 මාර්තු 24 ප.ව. 6:02

    කරල තියෙන වෙනස් කම් නම් හොදයි…

    සමනලී,. ජාතික කොඩිය ඉහලට ගත්තොත් නරකද?

    මට නම් හිතෙන්නෙ ඒක ඉහල තිබුන නම් හොදයි කියලා…

    ~සුළග~

  2. 2010 මාර්තු 24 ප.ව. 6:16

    “සිංහල අකුරු නැති අයට” කියන ටයිටල් එක How to install Sinhala කියලා කඩ්ඩෙන් කෙටුවොත් හොඳයි. මොකද සිංහල දාලා නැති කෙනෙකුට ඒක පේන්නේ නෑ නේ.
    ඒක siyabas එකට ලින්ක් කරනවට වඩා හොඳයි මං හිතන්නේ මෙන්න මෙතනට ලින්ක් කලොත්. මොකද සිංහල පිහිටුවීම ගැන ලොකු විස්තරයක් එතැන තියෙනවා.
    http://www.sinhalabloggers.com/sinhala-install-guide

  3. 2010 මාර්තු 24 ප.ව. 6:49

    ආ………..දැං වැඩකාරියක් වෙලා නේද? ඔහොම යං.

    • 2010 මාර්තු 24 ප.ව. 7:53

      ස්තූතියි බුද්ධි……!!! සමනලී ඕවා ගැන වැඩිය දන්නේ නෑ…. එහෙන් මෙහෙන් දැකලා අහලා අල්ලගෙන තමයි මේ තරමට මේක ලියන්නේ… ඔයාලත් සමනලීව දිරිමත් කරනවනේ….. 🙂

  4. 2010 මාර්තු 24 ප.ව. 11:49

    තවත් කරන්න පුලුවන් වෙනස්කමක් මම යෝජනා කරන්නම්? 😀
    ‘සමන-ලී’ කියලා නමත් වෙනස් කලොත් කොහොමද?
    එතකොට නිකං බෲස්-ලී, ජෙට්-ලී, ෂැනන්-ලී වගේ ගතියක් එනවනේ 😀

  5. 2010 මාර්තු 25 පෙ.ව. 12:12

    වැඩේ නම් අපූරුයි සමනලී… දිගටම කරගෙන යමු

  6. 2010 මාර්තු 25 පෙ.ව. 2:15

    සමනලි….. අලුත් එවා නිසා සමනලි තවත් ලස්සන වෙලා…. හෑමදාමත් අලුත් වෙවි ඉදිරියටම යන්න

  7. 2010 මාර්තු 25 පෙ.ව. 10:28

    අම්මේ සමනලීගේ බ්ලොග් එකේ වැඩ කෑලි ගොඩ. . . මම නම් ඔය වැඩිය වැඩ දාන්න නොදන්න නිසා වැඩිය වැඩ නහැ . .ඒත් නැත්ත්මත් නෑ. ගොඩක් ඒවා බයිස්කෝප් එකේ ඉසිර මලයා දාලා දීපුවා නැත්නම් ලිෂන් දාලා දීපුවා. ඔයාගේ බ්ලොග් එක ලස්සන්යි අපි එන්නම්කෝ ඉතිං . . .හැබැයි වෙලාව ලැබෙන ලැබෙන විදිහට හොඳේ . .

    • 2010 මාර්තු 25 ප.ව. 6:24

      ස්තූතියි දුකා…..!!! නැතුව නැතුව ඉස්පාසුවක් ලැබුනාම සමනලී බලලා යන්න එන්න… ඔයාලාගේ කමේන්ට් අදහස් උදහස් තමයි සමනලීගේ ශක්තිය….. ආවාම අර පියාසලන සමනලී ඉන්නවා ඔයාලට ආයුබෝවන් කියන්න….. 🙂

  8. ළමයා permalink
    2010 මාර්තු 25 ප.ව. 2:11

    ආහ්………….
    දැන්
    පිලිවලයි..
    පියකරුයි…
    සුන්දරයි…
    ලස්සනයි….

  9. 2010 මාර්තු 25 ප.ව. 4:22

    හොඳා හොඳා….ඔහොම යන් තව ඉස්සරහට….

  10. hasanka permalink
    2010 මාර්තු 25 ප.ව. 9:06

    meva balanna mama hari asai
    mage wayasata mehema internet use karana aka pudumai
    mata blogs kiyana aka pissu wage
    mewanam maru wada
    mata sinhala unicord thibunata sinhala tipe karanna danne naa

    • 2010 මාර්තු 25 ප.ව. 11:32

      ස්තූතියි hasanka…!
      අනේ ඉතින් සිංහල බ්ලොග් කියවනයේ තියෙනවානේ සිංහල ටයිප් කරන හැටි ගැන… යාලුවේ ඒ පැත්තේ ගිහින් බලන්න පොඩ්ඩක්….

  11. 2010 මාර්තු 27 ප.ව. 8:12

    හොදයි හොදයි සමන-ලී එහෙනම් වැඩේ දිගටම කරගෙන යමුකො…..

  12. 2011 අප්‍රේල් 27 ප.ව. 7:36

    බ්ලොග් එක ලස්සනයි.. මමත් හුගක් දේවල් ඉගන ගත්තා..

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: