අපොයි මාසයක් කියන්නේ මොකක්ද? ඒත්…… අද හරිම විශේෂයි……
අද මාර්තු මාසේ 26 වැනිදා….. මුකුත් විශේෂයක්ද? ඇත්තටම ඔව්….. සමනලීට හරිම විශේෂයි……. සමනලීගේ උපන් දිනේ නම් නෙවී…. ආදර සැමරුම් දිනයක් එහෙමත් නෙවී….. හැබෑටම මොකක්ද එහෙනම්???
අදට සමනලී සිංහල බ්ලොග් එකක් එක්ක සයිබර් අවකාශේ පියාසලන්න ඇවිත් හරියටම මාසයක් සම්පූර්ණ වෙලා….. “
“අපොයි මාසයක් කියන්නේ මොකක්ද? අපි මේ අවුරුදු ගනන් බ්ලොග් ලියන්නේ?” කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවනි ඒත්…..
තමුන්ගේම කියලා බ්ලොග් එකක් හදාගන්න දන්නේ නැතිව එහෙම එකක් ලියන්න ආසාව හිතේ පුරවන් හිටිය හැටි දන්නේ සමනලී විතරයි…. හැමදාම අනික් අයගේ සිංහල බ්ලොග් කියවලා ඒවයේ තියෙන දේවල් දිහා බලලා ඒවා කරන්න ඇත්තේ කොහොමද කියලා සමනලී තේරුම් ගත්තේ හරිම අමාරුවෙන්……
අන්තිමේ හරිම අමාරුවෙන් “හරියන්න හරි වරදින්න හරි කමක් නෑ” කියලා සමනලී මේක ලියන්න ගත්තේ හරිම ආසාවෙන්. මුල්ම පෝස්ට් එක දැම්මේ හරි සතුටින්….
“අනේ සමනලීට උදව් කරන්න…” කියලා සමනලී ඉල්ලුවාම හුඟක් දෙනෙක් ආවා සමනලීට අත දෙන්න… තවත් හැඩට මේ සයිබර් අවකාශේ පියාඹන්න…… ඒ හැමෝටම පින්….
සිංහල බ්ලොග් කියවනයටත්, ලාංකීය සිතුවිලි සින්ඩියටත් සමනලී හරිම සතුටින් ස්තූති කරනවා…. සමනලී ඉල්ලුම් කල ගමන්ම සාමාජිකත්වය දීලා සමනලීට හිතෙන හැටි අරගෙන පියාසලන්න ඉඩ කඩ වෙන් කරලා දුන්නට…..
මාසයක් යද්දී සමනලීව බලන්න ආපු යහලුවෝ ගනන 2500 ටත් එහා ගිහින්….. මේක යාන්තම් ගෙත්තම් කරන්න පටන් ගනිද්දී සමනලී හිතුවේ “අනේ අඩු ගානේ 10ක් වත් ඇවිත් ගියොත්….. අඩු ගානේ වැරද්දක් කියන්න හරි අනේ එකම එක කමෙන්ට් එකක් හරි ආවොත් හිත හදාගෙන දිගටම ලියන්නම්” කියලා…… එහෙම හිතපු සමනලී අද හරිම සතුටින්….. හිතාගන්නවත් බැරි තරම් සයිබර් අවකාශේ යාලුවෝ සමනලීව බලන්න ඇවිත් මේ වෙද්දී….. සමනලී ලියන දේවල් අගේ කරලා සමනලීව දිරිමත් කරන්න එකම එක කමෙන්ට් එකක් වෙනුවට කමෙන්ට් ගොඩාරියක් ලැබිලා……
මාසයක් සපිරුණු සමනලීට හිත පුරා සතුටු වෙන්න තවත් කාරණා මොකටද…?
පටන් ගැන්මේ ඉදන් මේ වෙනකල් සමනලීව බලන්න ඇවිත් පුංචිම හරි කමෙන්ට් එකක් සටහන් කරලා සමනලීට දිරි දුන්න හැමෝටමත්….. දහසක් වැඩ කටයුතු මැද උනත් කලබලෙන් ඇවිත් කමෙන්ටුවක් නොදා උනත් හරි සමනලීව බලලා යන්න ආපු ඔයාලා හැමෝටමත්, සමනලී ලඟින්ම ඉදන් මේ හැමදේම කරන්න සමනලීව දිරිමත් කරන සමනලීගේ අයිතිකාරයාටත්, සමනලීගේ ලිපි වල අකුරු විශාල කරන හැටි කියා දුන්න යාලුවාටත්……. මේ හැම දෙනෙක්ටම සමනලීගේ අහිංසක ස්තූතිය මේ වෙලාවේ පිරිනමන්නේ හදවතින්මයි….!
(නම් ගම් වෙනම දාන්නෙ නෑ හොදේ… කාවහරි මඟහැරුනොත් ඒක හොද නෑනේ….)
දැන් නම් ඇත්තටම සමනලී උනන්දුව පිරුණු හිතෙන් මේක ලියන්නේ….. හැමදාමත් වගේ සමනලී බලන්න එන්න….. සමනලීගේ වැරදි පෙන්වන්න…. ඒ ඇයි දන්නවද…?
“අපි හැමෝම එක යායක හදවතින් බැදුනු මිතුරන් නිසා….
දුකේදිත් සැපේදිත් අපි අපි ගැන සොයා බලන නිසා……
කාගේ උනත් හිතේ පිපෙන නැවුම් සිතුම් මල්
මේ යායේ හැමෝගෙම සිත් වලට සුවඳ දෙන නිසා….
සමනලීගේ සිතුවිලි වලට පියාපත් ලැබුනේ
ඔයාලා වාගේ සොඳුරු යහලුවන් නිසා……”
ස්තූතියි හැමෝටම….. දහස් වාරයක්……!!!
උනුවෙන් ම සුබපැතුම්…
දිගටම ඉන්න අපිත් එක්ක..
-ජය
ස්තූතියි යෝගී…..! ස්තූතියි…..! 🙂
අපෙන් සුභ පැතුම් සමනලියේ.. අනිවා දිගටම ලියමු.. සිංහල බ්ලොග් ලියන හැමෝම හැමෝටම උදව් කරගෙන ඉදිරියටම යමු… කවද හරි දවසක සමනලී වගේ තවත් කෙනෙක් සමනලී ගෙ බ්ලොග් එක දැකල බ්ලොග් එකක් ලියන්න හිතේවි.. එතකොට කාටද ආඩම්බර 😛
ස්තූතියි KaniRockz…..! ස්තූතියි…….
ඒක ඇත්ත…. එදාට ඒ කෙනාටත් අද සමනලීට හිතෙනවා වාගේ හිතේවි….. 🙂
මෙන්න නමෝවිත්තියෙන් මගෙන සුභම සුභක්..! කරන කියන වැඩ කාරණා තව තවත් සාර්ථක වේවා කියලා පතනවා…!
සමනලීට ජයෙන් ජය…!!!!
ස්තූතියි LishWish…..! ස්තූතියි…… 🙂
සුභපැතුම් සමනලී.. දිගටම ඔය මොනවා මොනවා හරි ලියන්න…
ස්තූතියි රවා…..! ස්තූතියි….. 🙂 මොන මොනා හරි වගේම අලුතෙන් යමක් කරන්නත් සමනලී උත්සාහා ගන්නම්…..
සුභපැතුම් සමනලී.
ස්තූතියි සමීර….! ස්තූතියි….. 🙂 🙂
උණුසුම් සුබපැතුම්!…… මගෙන්……..තවත් බොහො ධුර පියබන්න ෂක්ථිය ලැබෙවා……..
බොහොම ස්තූතියි ilandhariya…..!!! 🙂 නිවාඩු ඇති වෙලාවට මෙ පැත්තේ එන්න සමනලීව බලන්න….
මෙන්න මගෙනුත් සුබ පැතුම්…
~සුළග~
ස්තුතියි සුළඟ….! ගොඩක් ස්තුතියි…..!!! 🙂
අපිටත් සතුටුයි….අපිත් දිගටම ඔයත් එක්ක ඉන්නවා…වැඩිවැඩියෙන් ලියන්න…
අහන්නත් සතුටුයි සමනලී තනිවෙලා නෑ කියලා…… ස්තූතියි චමීදේවා ……! 🙂
ඔන් මගෙනුත් සුබ පැතුම්
ස්තූතියි ස්තූතියි වැප්…….!!!! 🙂
මගෙනුත් උණුසුම් සුබපැතුම්. හරවත් සහ රසවත් ලිපි ලියමින් තවත් බොහෝ දුර ගමනක් යන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනව.
ඒ ප්රාර්තනාවට බොහොම ස්තූතියි Raven…..!!! 🙂
සුභ පැතුම් ඔබට. දිගටම ලියන්න.
ස්තූතියි ප්රදීප්…..!!! 🙂
මගෙනුත් සුබ පැතුම් සමනලීට
ස්තූතියි දිල්…… ඔයාගේ අලුත් පෝස්ට් ටික නිවිසැනසිල්ලේ කියවලා යන්න එන්නම්……. 🙂
තවත් දිගු කාලයක් පියඹන්න මගෙනුත් සුබපැතුම් සමනලී……
බොහොම ස්තූතියි විශ්මි….!!! සමනලී ඔයාගේ බ්ලොග් එකත් හරිම ආසාවෙන් කියවනවා……!!!!
jaya !
ස්තූතියි දසුන්…..!!!!! 🙂
සුබ පැතුම් සමනලි.
ස්තූතියි palaamalla…….!!!!! 🙂
ඔන්න සමනළිට මගෙනුත් සුභ පැතුම්….
බොහොම ස්තූතියි $han…..!!! 🙂
මගෙනුත් සුබ පැතුම් පිලිගන්න.
ගෑණු ළමයි පොඩි පොඩි දේවලුත් මතක තියාගෙන සමරනවා නේද..? හොඳයි හොඳයි.
මාත් බ්ලොoග් එක පටන් අරන් මාසයක් විතර තමයි. ඒත් පටන් ගත්ත දවසවත් මතක නෑ.
ස්තූතියි මිස්සක….!!! ඇයි මිස්සක කියෙව්වේ නැද්ද සමනලී ලියාපු “පුංචිම දේටත් වටිනාකමක්” පෝස්ට් එක? සමනලීට හැම පුංචි දේකම ලස්සනක් වටිනාකමක් දැනෙනවා…. 🙂
ඇත්තටම සමනලී බ්ලොග් කියන්නෙ කලාවක් …ඒත් ඒ කලාව දන්න පිරිස අඩුයි විශේෂයෙන් කාන්තා පාර්ශවයේ දායකත්වය ඉතාම අල්පයි.ඉතින් අපි අතරෙ ලස්සන දඟකාර කෙල්ලෙක් ඉන්න කොට පොඩි ගතියකුත් දැනෙනව…ආපු ගමන සුන්දරයි යන්න හදන ගමනත් සුන්දර වෙන්න කියල එක සිතින් පතනව….
දඟකාර යෞවනය ..
නොපැමිණේ යලි යලී…..
“මනුස්සකම අඩවිය” වෙනුවෙන් “තිසර”
සමනලීට මේ සයිබර් අවකාශේ ඔයා කීවා වාගේ තැනක් තියෙනවා කියලා අහන්නත් සතුටුයි…..!! ස්තූතියි මනුස්සකම (තිසර)……!!!! ඒ කලාව හොදින් ඉගෙනගෙන තවත් දුර පියාඹන්න සමනලී උත්සාහා ගන්නම්…… 🙂
ආ තව දෙයක් ඔයාලෙ තීම් එක වෙනස් කරන් පොඩි පොඩි අවුල් තියනව…සලයිඩ් බාර් එක මදි
දිග ගමනකට ආසිරි
ස්තූතියි…… තීර්ත යාත්රිකයා !!!! 🙂
මගෙනුත් සුභ පැතුම් භාර ගන්න එහෙනම් සමනලී….
බොහොම සතුටින් භාරගන්නම් “`Outsider“`…… ස්තූතියි….! 🙂
පුංචි සමනලීට මගෙනුත් සුභපැතුම්..
බොහොම ස්තූතියි Roshan ….! 🙂
ඔන්න පරක්කු වෙලා හරි බුද්ධියත් ආවා! මගේනුත් උණු උණු සුබපැතුම් අහුරක් ආ…………………
ආ මේ ඇවිත් ඉන්නේ…. බොහොම ස්තූතියි බුද්ධි අයියේ…..!! 🙂
හොඳයි හොඳයි, මේ කාලය හරිම පොඩ්ඩයි තමා එක අතකින්, නමුත් මේ කාලෙට කරල තියෙන දේ එච්චරම පොඩි නෑ.
සුභ පතනව මමත් ඔයාට, ඔයාගෙ බ්ලොග් එක විතරක් නෙමෙයි ජීවිතේ වෙනත් දේවලුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල. 🙂
බොහොම ස්තූතියි madhawa….!!! සතුටුයි සමනලීව දිරිමත් කලාට….. 🙂
සුභ පැතුම් සමනලී…..
බොහොම ස්තූතියි Chandika@EkiCkS…!!!! 🙂
Magenuth unusum subha pathum samanalee!!!! goda dawasakin me paththe awe. salamanayatath santhosa athi neda?
බොහොම ස්තූතියි ඔටුවා…..!!! නැතුව නැතුව අයිතිකාරයා හොඳින් ඉන්නවා…. 🙂
සමනලීගෙ අදහස් හරි ලස්සනයිනෙ… සුබ පැතුම්! වෙලාවක් තිබ්බොත් සිතුවිලි අරණ පැත්තෙත් පියාඹලා එන්න… 🙂
බොහොම ස්තූතියි මධු…..! ඇත්තන්ම ඔව්….. ඉඩක් ලැබුනු ගමන් සමනලී එන්නම්….. 🙂
දිගු ගමනකට කෙටි සුභ පැතුමක්……..
කෙටි උනත් ඒ සුභ පැතුම සමනලීට හුඟාක් වටිනවා…. බොහොම ස්තූතියි hasithag…! 🙂
You are more than welcome samanalee!! apiata dan wada wadi kaale…..epa wela..oyalata nam mewata time toyenwa neda?
🙂
මොන ටයිම්ද ඔටුවා? කාලෙකය පස්සේ ඔන්න අදයි සමනලී මේ පැත්තේ ආවෙත්…. 🙂
සමනලී …ඊයේ තමා ඔන්න මම මේක දැක්කේ..
ඉතින් ගොඩාක් පරක්කු නිසා මොකුත්ම නොලියා ගියා.
ඒත් ඉතින් අදත් සුභ පතන්න අය ඇවිත් නේද..??
ඒ නිසා ..ඉතිංපරක්කු වෙලා උනත් ඔන්න
මගෙනුත් උණුසුම් සුභපැතුම්….!!!! ඔයාට
ආ ඒකට මක් වෙනවද නිමන්ති? පහු වෙලා හරි ලැබෙන සුභපැතුම සමනලී හරිම සතුටින් බාරගන්නේ…. ස්තූතියි..!!! ආයෙත් ඉඩක් ලැබුනාම මේ පැත්තේ එන්නකෝ හොදේ? 🙂
බ්ලොග් එක කියවන්න ලැබුනේ පහුවෙලා…
ඕං ඉතින් මගෙනුත් උණුසුම් සුභ පැතුම්…!!!!!
බොහොම ස්තූතියි sampathjt!!!!! 🙂