වසන්තය ගෙනා ඔබ…..
2010 අප්‍රේල් 6
සෙනෙහසින් මා නෙතු විලට
එබී බලන ඔය තරු නෙතු යුග
ආලෝකය වී මගේ දිවි මාවත…
ගිම්හාන දාහය මැද සිසිල දි මා සනහන
මුදු සුළඟ වී ඔය සුවදැති සුසුම…
සුරැකිව මා තුරුළු කරන්
ඔබේ උණුසුම් ළය මඩලට
ඒ දැනෙන හද ගැස්ම
මියුරු තනුව වී මගේ දිවි පද වැලට…
ලඟින් හිද මා සුරත ගෙන
නොමැති හැම මොහොතෙහිම
නෙතු පියන් යට මැවෙන නුඹේ රූ සිතුවමින්
පණ පොවා ගැහෙයි මේ හදවත
තනිවූ පාළු දිවි කතර
මවා සෙනෙහසේ අරුමය
වසන්තය ගෙනා ඔබ
මගේම වන්නට මේ සසර පුරාවට
පාරමී පුරමි මම………..
ප්‍රතිචාර 20
leave one →
ලස්සනයි …
හිත් ගත් කොටස – “මියුරු තනුව වී මගේ දිවි පද වැලට…”
ස්තූතියි වැප්…..!!! ඔව් ඒ තමයි මියුරු පද වැල…….
වසන්තය වි හැමදාම
රැදෙන්නට නුඔ ගාව
පුංචි සමනලියගේ කුමරැන්ට
ලැබේවා සදාකල්……
ස්තූතියි Chandika…..!!! ස්තූතියි ඒ පැතුමට….. 🙂
ලස්සන්යි සමනලියේ
ස්තූතියි ilandhariya….!!!
සුන්දර අදහස්…. සංවේදී හිතක් තියෙන… ලස්සනට ලියන… පුංචිසමනලී…
පරිස්සමින් පියා සලන්න…දිගු ගමනක්….!
ස්තූතියි උන්නැහේ…..!! ස්තූතියි… සමනලී පරිස්සමින් දිගු ගමනක් පියාසලන්න තමයි හිතාන ඉන්නේ…. සමනලීව ආදරෙන් පරිස්සම් කරන්න අයිතිකාරයා හැමවෙලේම මහන්සි වෙනවා…..
සුන්දර පද පෙළක් සමනලී.
ස්තූතියි Raven අයියේ…..!!! 🙂
බලන් ගියාම සමනලිත් හරි කවි කාරියක් නෙවැ. මරු මරු. ඇත්තටම හරිම ලස්සනයි.
ස්තූතියි අනුරාධ…..!!! මේ දිරිමත් කිරීම් සමනලීට හරිම වටිනවා…. කවි සිතුවිල්ලේ ගෞරවය සමනලීගේ අයිතිකාරයාටයි….. 🙂
පාට පාට හීනයක් සමනලියේ, ආදරේ………… වේදනා වියෝගයක් ආදරේ නිසා ජීවිතේ.. පියඹා…………. හඬවා……. වෙන් නොවේවායි පතනෙමි සැමදා……….. 😀
ස්තූතියි ජේ.ඩී…..!!! මේ පැදි පෙල නම් හීනයක් නොවෙයි… මේ හිතට දැනුනු හැබෑම හැඟීමක්…. ඒ සිතුවිලි හීනයක් නොවෙන්නට සමනලීයි අයිතිකාරයයි මහන්සි වෙන්නම්…….
Aththatama lassanay samanali.oyage samanalaya meka dakkama sahena sathutu wei neda?koheda ithin mage ekkena kawi liyanna danne na ne
Eka newei ko meke samanalayage muna?
Mamath Chandika kiwwa dema prarthana karanawa.
ස්තූතියි ඔටුවා….!!! අනේ සමනලයා නෙවී එයා අයිතිකාරයා.. එයා තාම සමනලීට කීවේ නෑ මේ කවිය ගැන
ආහ්…… එයාගේ මූණ නෑ නේන්නම්……
නියමා………………………………යි සමනලී
ස්තූතියි Hasiya……!!! 🙂
KO samanali samanalaya kawiyata comments dunnada? (aaaa samanalaya newi aythikaraya)mokada kiwwe?maath thawa tika dawasakin mage ekkenath ekka awith kawiya pennananm.eth ekata kohomath tika dwasak inna wei mata
😦
ආ ඔව් ඔව් කමෙන්ට් ලැබුනා….. සමනලීට හරි සතුටුයි ඒ ගැන 🙂 🙂
ඉතින් ඔටුවගේ එක්කෙනාටත් කියන්නකො කවියක් ලියලා දෙන්න කියලා?