හිස් වූ දෙනෙත මඟ බලන්…..
2010 අප්‍රේල් 10
යනෙන හැම තැනක
ගෙවෙන හැම ඇසිල්ලක
දැනේ මේ පාලු සිතට
මා ලඟම පිය නගනු ඔබ…
අනන්ත සීත රාත්‍රිය
දකින නිදි නැති දෙනෙත
අද්දර මැවේ ඔය රුව
සෙනෙහෙබර සිනහ ගෙන…
නෙතු වසා නලල සිඹ
දැන් ඉතින් නිදියන්න
කියා හිස පිරිමදිනු
දැනී සැනසෙයි පාලු සිත…
නිවාඩුව සැනින් ගෙවෙන තුරු
ඔබේ රුව හනික දකින තුරු
නුඹ කී ලෙසම හරි පරිස්සමින්
හිදී මේ හිස් වූ දෙනෙත මඟ බලන්…..
ප්‍රතිචාර 12
leave one →
ආදරය කරන දෙන්නෙකට චූටි කාලයකට වෙන් වෙන්න වෙලා…දිග නිවාඩුවක් මේ දෙන්න අතරට පැනලා…අනේ..චුට්ටක් හිතට දුක පිරිලා…දෙනෙත් හිස් වෙලා…ඔහුගේ රුව දසුනින් ඈත් වූ නිසා…
අපුරු පද ටිකක් සමනලී….
ස්තූතියි දිල් අක්කේ…..!
නිවාඩුවක් මැදට ආවාම නිවාඩුවේ සතුට මැදින් පුංචි දුකක් එක්ක හිත පාලු වෙලා දෙනෙත හිස් වෙලා…. ඒකත් හරිම පුදුම හැඟීමක් තමයි…….. ඇත්තමයි
හා හා ඉවසිල්ලක් නෑ නේද? කෝල් එකක් දෙන්න නංගියෝ…… මමත් ඔහොම තමයි… මට මතකයි ඒ කාලෙ….. අපි හැමෝම ආදරේට හරි ලෝබයි නේද?… ඒකයි ඔය…… ඉක්මනින් හමුවේවි….. 19 ආයෙ පටන්ගන්නවනෙ….. ඉවසලා ඉන්න සමනලී……
ස්තූතියි Chandika අයියා ….!!!
කෝල් එකක් නෙවී ගොඩක් දෙනවා…. තාක්ෂණය ඒ වාගේ නැති උනා නම් තමයි වැඩේ……. 🙂
හිතට නැගෙන පාලුව අපූරුවට ගෙත්තම් කරල තියනව සමනලී. ලස්සනයි.
ස්තූතියි Raven අයියේ….!!
හිතට පාලුව දැනෙද්දි කවි පද ගෙත්තම් උනේ නොදැනීම…….
නියමා……………………..යි 🙂 🙂 🙂
ස්තූතියි Hasiya……!!!! 🙂
දේවා ට ගොඩක් ලොකු ශක්තියක් සමනලි වගේම මාව බලන්න එන අයට ත්… සමනලි ඈත්තටම මම තම මාසයක් නම් නෑ ලියන්න පටන් අරන් මගේ බ්ලොග් එක… ඔයාගේ සයිට් එක ඈත්තටම ලස්සනයි සමනලියේ තෑන්ක්ස් මාව බලන්න ආවට මම ආයෙත් එනවා බලලා යන්න
මල්ලි නොහොත් දේවා
ස්තූතියි දේවා……!!
එන්න එන්න….. සමනලීගේ බ්ලොග් පිටුවට එන කොයි කවුරුත් සමනලී සතුටින් පිලිගන්නවා…… මේ සයිබර් අවකාශේ අපි අපේ අදහස් අත්දැකීම් බෙදාහදා ගමු…… 🙂
ගොඩාක් ලස්සන පැදි පෙලක්. මාත් ඉතින් හිස් වූ දෙනෙතින් මග බලන් ඉන්නවා ඊළඟ සඳුදා වෙනකල්
ස්තූතියි බඹරා …..!!! තව ටික දවසයිනේ……. 🙂