අන්තර්ගතයට පනින්න

කවියක් වූ සොඳුරු ජීවිතය…. හිත රැදුනු ගීතයක්

2010 අප්‍රේල් 11

සමනලී කවි ලීවා….. සුන්දර පාසැල් කාලේ ගැන ලීවා…… හිත ගිය අපූරු කියමන් ගැන ලීවා….. සමනලීගේ මිහිරි බාල කාලේ ගැන ලීවා….. ඒ හැම සිතුවිල්ලක්ම ඔයාලා හැමෝම සමනලී එක්ක බෙදාහදා ගත්තා…. හරිම සතුටුයි සමනලීට ඒ ගැන 🙂

ඉතින් සමනලී අද හිතුවා සමනලීගේ හිත ගිය ගීතයක් ඔයාලා එක්කම රසවිඳින්න… මේක ටිකක් පරණ ගීයක්…. ජාතික රූපවාහිණියේ විකාශය වූ ගජමන් නෝනා ටෙලි සිත්තමේ තේමා ගීතය… ගායනා කරන්නේ විශාරද නන්දා මාලිනී මහත්මිය. මේ ගීතය මීට කලින් ඕනා තරම් අහලා ඇති…. ඒත් සමනලීට මේ ගීය කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ….

ජීවිතය කවියක්….. පසුපසින් හමා එන දුක අතවර අඩුවක් නැතිමුත් ඉවසා දරා ගෙන සිටින විට ඒ දුකම තනි වූ  හිතට වද දෙන……

සෙනෙහසින් ලඟ රැදියවුන් නොකියාම ඈතට ගිය දාට දුක ඉවසා දරාගෙන ඒ තනිකම මකන්නට කවුරු නම් ලං වේදැයි මඟ බලන ජිවීතය කවියක්……

ඒකාකාරීව ගලනවාට වඩා, හැමදාම හසරැල්ලෙන්ම පිරෙනවාට වඩා කඳුලැලි පොදක් ඉහුණාම පෙර නොවිදි රසයක් දැනෙන කවියක් ජීවිතය….. ආදරය එක සොඳුරු වදනක් වූ අපූරු කවියක් ජීවිතය…..

ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිදි රසයක්…..

පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා
හැඟුම් අවදිව නැගේ තනිකම

ජීවිතය කවියක්…….

සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට

ජීවිතේ කවියක්…….

සිංදුව මෙතැනින් ගන්න පුලුවනි…… ඔයාලත් අහලා රසවිඳින්න ජීවිත කවිය…….

ගීතයෙන් හිතේ මැවුන සිතුවිලි සමනලීටත් කියලාම යන්න……

ප්‍රතිචාර 32 leave one →
  1. 2010 අප්‍රේල් 11 ප.ව. 6:21

    “සෙනෙහසින් රැදී උන් නෙක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
    කවුරු නම් ලං වේද තනියට” ?

    දැනෙනම පද ටික..
    මාත් මේ ගීතයට කැමතියි.. ඇත්තටම කිව්වොත් එහි අර්ථයට..

  2. Hasiya permalink
    2010 අප්‍රේල් 11 ප.ව. 7:33

    මම හිටි ගමන් මුමුණන සිංදු set එකෙන් එක ගීතයක් තමා මේ ගීතයත්. හදවතට දැනෙන ගීතයක්

  3. 2010 අප්‍රේල් 11 ප.ව. 7:47

    ඇත්තටම ලස්සන ගීතයක් නෙව මටත් ආස හිතුන.

  4. ~ හා පැටික්කි (MS) ~ permalink
    2010 අප්‍රේල් 11 ප.ව. 8:44

    හා පැටික්කිත් ආසම ගීතයක් ඒත් කාලෙකින් ඇහුවෙ නෑ ස්තූතියි අහන්න සැලැස්සුවට සමනලියේ……….

  5. 2010 අප්‍රේල් 11 ප.ව. 9:45

    සමනලිව බලලා යන්න ඔන්න අදත් මම අවා.. සමනලි ඈත්තටම ජිවිතේ කවියක් පද පේලි 2කින් 4කින් නෙමේ දහස් ගනන්කින් වත් කියලා ඉවර කරන්න බෑරි….
    ජය වේවා

  6. 2010 අප්‍රේල් 11 ප.ව. 9:46

    මෙක අහලම නැහැනෙ සමනලි .. අපෙ ගෙදර කාලයක් VHF ගන්න බැරුවම තිබුනා.. එ කාලෙ ගිය කතවක සින්දුවක්.. දෙපාරක් තුම් පාරක් අහන්න ඔනා රවා කොලුවට තෙරුම් යන්න.. ටියුබ් ලයිට් නෙ ( හක්ක.. හක්ක…)

    • 2010 අප්‍රේල් 11 ප.ව. 10:21

      ම්…. එහෙනම් අහලා බලන්නකො රවා අයියේ…. 🙂 හිතට දැනෙන සින්දුවක් බව රවා අයියාට හිතේවි….. සමනලීට කියන්නකෝ එහෙම හිතුනෝතින්….

  7. 2010 අප්‍රේල් 11 ප.ව. 10:23

    “ දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා “ තමයි ටෙලියේ නම.
    කවුරුත් ලඟ නැද්ද මේකේ හොඳ කොලිටි mp3 එකක්? හැම තැනම තියෙන්නේ මේ විදියේ කොලිටි අඩු එකනේ.. 😦

  8. 2010 අප්‍රේල් 11 ප.ව. 10:35

    ඇත්තටම දැන් තියෙන චොකා බයිල ගීත වෙනුවට මේව කොයි තරම් අපූරුද …..?

  9. Indraj permalink
    2010 අප්‍රේල් 12 පෙ.ව. 12:07

    ස්තුතියි මතකය අවධිකලාට
    මෙන්න ටෙලි නාට්‍යයේ ගීතය ඔබනළයෙ තියෙනවා.

  10. Ansh Lucky Sri Jay permalink
    2010 අප්‍රේල් 12 පෙ.ව. 8:24

    මාත් මේ ගීතයට කැමතියි.
    🙂

  11. Madhu permalink
    2010 අප්‍රේල් 12 පෙ.ව. 8:27

    මේක මම හුගක්ම ආසා කරන කවියක්. ඒ දවස් වල ගජමන් නෝනා ටෙලිය බැලුවෙ හුගාක් ආසාවෙන්.

    ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්
    කඳුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනේ
    පෙර නොවිදි රසයක්…

    මේ මම ආසම පද ටික. ඇත්තටම ඒකාකාරී ජීවිතයකට වඩා හැල හැප්පිලි තියෙන ජීවිතය සුන්දරයි. ඒ වෙහෙස නිවන්න ආදරය කියන දේ හිතට ලැබෙන ඔසුවක් වගේ. ආදරේ කරන අය දන්නවා ඇතිනෙ, පොඩි පොඩි තරහ මරහ වලට පස්සෙ ආදරේ තවත් වැඩිවෙනවා.

    හරිම ලස්සන කවියක්. මේක ආයෙත් අහන්න සැලැස්සුවාට සමනලීට ගොඩක් ස්තූතියි. 🙂

    • 2010 අප්‍රේල් 12 පෙ.ව. 8:42

      ස්තූතියි මධු……!!!
      ඔව් සමනලී හිතන්නෙත් එහෙමයි….. හැලහැප්පිලි චුට්ටක් එකතු උනාම ජීවිතේ වඩා සුන්දරයි… අපි ඒකෙන් අලුත් අත්දැකීම් ලබනවා ජීවිතේ…..

  12. 2010 අප්‍රේල් 12 පෙ.ව. 10:42

    අර්ථයක් තියෙන ලස්සන සිංදුවක්…මේවා හැමදාම මිනිස්සුන්ගේ හිත්වල් තියෙන්නේ ශබ්ද රසය වගේම අර්ථ රසයෙනුත් ඉහළ හින්දා වෙන්න ඕන… 🙂

  13. 2010 අප්‍රේල් 12 පෙ.ව. 11:17

    මමත් ආසම කරන ගීතයක් සමනලී…… කාලෙකින් ඇහුනෙ නෑ….. ස්තුතියි………

  14. 2010 අප්‍රේල් 12 ප.ව. 8:30

    මේ සින්දුව නදීශාගෙත් ආසම සින්දුව.

    • 2010 අප්‍රේල් 12 ප.ව. 8:59

      බුද්ධි අයියා සෑහෙන කාලෙකින් නේද සමනලී බලන්න ආවේ? ස්තූතියි….!!
      ම්…? නදීශා කීවේ ඔයාගේ මැරියන් නේද? එහෙනම් සමනලී මැරියන් අක්කාවත් ආදරෙන් මතක් කලා කියන්න….. 🙂

  15. pabasara permalink
    2010 සැප්තැම්බර් 28 පෙ.ව. 11:58

    akki samanali oyage adahas nam marai

  16. Ranil Mudunkotuwa permalink
    2010 නොවැම්බර් 3 ප.ව. 4:12

    කරුණාකරලා මේ ගීතෙ ලිව්ව සහ තනුව කාගෙද කියලා හොයල දෙන්න..ගොඩක් තැන් වල මේක දැකල තියනවා…ඒත් විස්තරයක් නෑනෙ…

විශ්මි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න