අන්තර්ගතයට පනින්න

පාවෙනා නිල් වලාවක සැඟවුනු ඇගේ කැලුම්…. හිත රැදි ගීයක්

2010 අප්‍රේල් 12

ඔන්න හැමෝටම වගේ සමනලීටත් ඉතින් අවුරුදු නිවාඩුනේ මේ දවස් වල….. ඒත් අවුරුදු සිරි අසිරි මැද නෑගම් ගමන් බිමන් අතරින් අනේ නිවාඩුව නොදැනීම ගෙවීගෙන යාවී ඉක්මනින්…….. නිවාඩුවේ සැහැල්ලුවෙන් ඉන්න ගමන් සමනලීගේ හිතේ රැදුනු ගීත කිහිපයක් හරිම ආසාවෙන් ආයේ ආයේ ඇහුවා….. ඇස් පියාන අහන් උන්නාම හිතට අපූරු විවේකයක් ගේනවා ඒ ගීත…….

ඉතින් ඇයි සමනලී ඒවා තනියෙම රස විඳින්නේ ඊටත් තෑගිබෝග බෙදාහදා ගන්න මේ අවුරුදු කාලේ…? නෑ නෑ…. සමනලී ඒ ගීත ඔයාල එක්කත් බෙදා ගන්නයි අදත් මේ ආවේ…. සමහර විට මේ ගීතය ඔයාලා ලඟ දැනටමත් ඇති…. ඕනා තරම් අහලත් ඇති….ඒත් මේවා කොයිතරම් ඇහුවත් එපා නොවෙන ගීත කියලයි සමනලීට හිතෙන්නේ…….

මේ ගීතය පණ්ඩිත් අමරදේව මහත්මයා ගායනා කරන අපූරු ගීයක්….. ගීතයේ අර්ථය වගේම බටනලා වාදනයක් එක්ක ඇහෙන සංගීතයත් හරිම මිහිරියි……..

පාවෙන නිල් වලාවක රිදී ජලා‍ශෙක සැඟවුනු ඇගේ කැලුම් සොයන ඔහුගේ දෑස පාලු නිල් දියේ තනිවෙලා……. සිහින නිම්නයේ සැරිසරමින් ඒ අප්සරාවිය සොයන තුරුණු සිතේ පැතුම් ඈතට පාවෙලා…….

පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාශේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුනාවේ
පාවෙනා නිල් වලාවේ…….

දියඹ සැලෙන තරඟ පෙලක
අතරමං වෙලා
පාලු නිල් දියේ තනිවෙලා
සොයමි රුව ඔබේ අප්සරාවියේ……//

පාවෙනා නිල් වලාවේ……..

තුරුණු සිතක පැතුම් වැලක
ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබේ අප්සරාවියේ….//

පාවෙනා නිල් වලාවේ……..

සිංදුව මෙතැනින් ගන්න….. අහලා රසවිදින්න තුරුණු සිතක පැතුම් වැල……

සිතුනු දේ සමනලීටත් කියලා යන්න……..

සුභ දවසක්….!!!!

ප්‍රතිචාර 17 leave one →
  1. ~ හා පැටික්කි (MS) ~ permalink
    2010 අප්‍රේල් 12 ප.ව. 10:09

    සමනලිත් හොඳ සංගීත ලෝලියෙක් නේ බලන් ගියාම…….
    හා පැටික්කිත් ආස ගීතයක් තමා….

  2. 2010 අප්‍රේල් 12 ප.ව. 10:29

    සමනලී හිත හරිම සොදුරුයි නේද ඒකනෙ මේ වගේ ගීත වලටම හිත ඇදිල යන්නෙ.

  3. 2010 අප්‍රේල් 12 ප.ව. 10:49

    ela

  4. කුම්භකර්ණයා permalink
    2010 අප්‍රේල් 13 පෙ.ව. 2:56

    ස්තූතියි කිව්වා. මමත් හරිම ආස කරන සින්දුවක්.

  5. 2010 අප්‍රේල් 13 පෙ.ව. 8:48

    සිතට වදින ගීතයක් තමයි සමණලී…
    හොඳයි..

    ” ඔබට සුබ අලුත් අවුරැද්දක් වේවා !”

  6. 2010 අප්‍රේල් 13 ප.ව. 7:59

    තුරුණු සිත් වල පැතුම් වැල් වල දිග අනන්තයි. කිසිදාක එපා නොවෙන ගීයක්

  7. මම දන්නේ නෑ permalink
    2010 අප්‍රේල් 28 ප.ව. 8:31

    ඔන්න සමනලී මාත් මේ සින්දුව බා ගත්තා.
    කලින් අහලනම් නෑ.දැන් අහලා බලන්නම්.බලලම කියන්නම්කො ලස්සනද කියලා හොදේ

  8. මම දන්නේ නෑ permalink
    2010 අප්‍රේල් 28 ප.ව. 8:44

    මම සින්දුව ඇහැව්වා.අපරදේ මං මේක download කලේ.මං අහලා නැති උනාට මේක මගෙ ගීත එකතුවෙ තිබිලනේ.මගේ කිව්වට ඉතින් මගෙම නෙවෙයි මගේ com එකෙ තියෙන වෙන කෙනෙක්ගේ ගී එකතුවක්.කොහොම උනත් සමනලීට ස්තුතියි.මං ගාව තිබුනත් ඔයා නිසයි මං මේ සින්දුව ඇහැව්වේ.ඇත්තටම ලස්සනම ලස්සන සින්දුවක් නේ සමනලියෝ….

    • 2010 අප්‍රේල් 28 ප.ව. 8:53

      ආහ්… ඒත් කමක් නෑ ගීත එකතුවේ තිබිලත් අහලා තිබුනේ නෑ කීවනේ නේද? ගීතය ලස්සනයි නම්, අහලා රස විදලා සතුවු උනා නම් සමනලීගේත් සතුට ඒකයි …… 🙂

  9. 2010 ජූලි 12 ප.ව. 9:15

    මං ආසම සිංදුවක්

කුම්භකර්ණයා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න