අන්තර්ගතයට පනින්න

නව වසරේ මේ කවි පද ගෙතුනයි…. සමනලීගේ පැතුමන් ගෙන එන්නයි

2010 අප්‍රේල් 14

තවත් සුන්දර අලුත් අවුරුද්දක් අභියස පුංචි සමනලී මේ ඉන්නේ……. ඉතින් අවටින් ගිගුම් දෙන රතිඤ්ඤා හඩ මැද පබැඳුනු මේ පුංචි සුබපැතුම ඔයාලා හැමෝටමයි……..

නැවුම් පැතුම් මල් හදවත උපදින
ඔබෙ නෙතු අද්දර විකසිත වන්නයි
මුවින් මුවට හසරැලි නිති පැතිරෙන
සතුට සපිරි වත නිබඳ දකින්නයි

උතුරායන කිරි පැණියෙන් සුභ වී
දිවිය ඔබේ සිරි අසිරි මැවෙන්නයි
රබන් සුරල් හඩ මැදින් එකලු වී
සාමය සමඟිය ලොව රජයන්නයි

හිත බිදි නොසතුට මකා දමා නිති
මිතුදම් හැඩවී සිත සැරසෙන්නයි
නව වසරක් මේ උදාවෙලා ඇති
වාසනාව සැම අත පැතිරෙන්නයි

කරන කියන සැම ජය ගෙන දෙන්නයි
යනෙන තැනක රැකවරණ ලැබෙන්නයි
නව වසරේ මේ කවි පද ගෙතුනයි
සමනලීගේ පැතුමන් ගෙන එන්නයි

සමනලීගේ පුංචි වෙබ් අවකාශයට සපැමිණි ඔබට සහ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් සැමට සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

Advertisement
ප්‍රතිචාර 48 leave one →
  1. 2010 අප්‍රේල් 14 පෙ.ව. 1:08

    ඔයාටත්, පවුලේ සැමටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!! සමනලී.
    සමනලියේ වෙලාව කීයද ඔයාට දැන්.. 🙂

  2. 2010 අප්‍රේල් 14 පෙ.ව. 5:55

    Wish Your Happy New Year

  3. 2010 අප්‍රේල් 14 පෙ.ව. 6:13

    අද දිනයෙන් උදාවන නව වසර “සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!”

  4. 2010 අප්‍රේල් 14 පෙ.ව. 7:36

    සමනලී නම් ජයටම අවුරුදු කන්න වගේ සූදානම. සුබ අලුත් අවුරුද්දක් සමනලීටත්

  5. Hasiya permalink
    2010 අප්‍රේල් 14 පෙ.ව. 8:03

    ලබන්නා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!!!

  6. ~ හා පැටික්කි (MS) ~ permalink
    2010 අප්‍රේල් 14 පෙ.ව. 8:17

    ඔයාටත් පවුලේ සැමටත්,
    ඔයාගෙ සමනලය ඇතුළු සියලුම දෙනාටම,
    සියළු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!

  7. 2010 අප්‍රේල් 14 පෙ.ව. 8:50

    සමනලීට සහ පවුලේ සැමට සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා.

  8. sanjboy permalink
    2010 අප්‍රේල් 14 පෙ.ව. 9:12

    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!

  9. 2010 අප්‍රේල් 14 පෙ.ව. 9:20

    ඔබටත් පව්ලේ සියලු දෙනාටත් සාමය සතුට නිරොගිමත් බව සපිරි සුභම සුභ නව වසරකට ආසිරි. 😀
    අපිට ගෙනාවනම් බලන්න සමනලී හදපු කැවිලි පෙවිලි ටිකක් 😀

  10. Madhu permalink
    2010 අප්‍රේල් 14 පෙ.ව. 9:25

    ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා සමනලී! 🙂

  11. ඉලංදාරියා permalink
    2010 අප්‍රේල් 14 පෙ.ව. 9:37

    සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ………..

  12. 2010 අප්‍රේල් 14 පෙ.ව. 10:19

    New Thoughts…
    New Spirits…
    New Hopes…
    New Challenges…
    May the Blessing of the Sacred Tooth Relic be with You this year…

    ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද…
    සාමය, සතුට සපිරි…
    සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

  13. 2010 අප්‍රේල් 14 පෙ.ව. 10:52

    ~~~සයිබර් අවකාශයෙ හෙළ හඬ~~~

    ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරිෙයන් පැනියෙන්, බත බුලතින් ඉතිරී සපිරැනු තම තමන්ගේ බලාපොරාත්තු ඒකාන්තෙයන් ඉටුවන සුභ නව වසරකට ආසිරි…………..!

    ඔන්න අපිත් නෑගම් ආව සමණලීව බලන්න…..
    බුදු සරණයි….

    • 2010 අප්‍රේල් 14 පෙ.ව. 11:40

      බොහොම ස්තූතියි මහසොහොන් සෙන්පති…..! 🙂 සාදරෙන් පිලිගන්නවා සමනලීගේ තෝතැන්නට…… ආයෙත් දවසක එන්න
      තෙරුවණ් සරණයි…..!!!

  14. 2010 අප්‍රේල් 14 පෙ.ව. 11:14

    ඹබ හා පවුලේ සියළුදෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අළුත් අවුරුද්දක්ම වේවා!

  15. 2010 අප්‍රේල් 14 පෙ.ව. 11:30

    හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ දාන මුල්ම කමෙන්ට් එක.. එහෙම නම් සමනලීටත් සුබ නව වසරක් වේවා

  16. 2010 අප්‍රේල් 14 ප.ව. 5:37

    කවි වැලේ පැතුම් සියල්ල ඉටු වේවා කියලා පතනවා… 🙂

  17. 2010 අප්‍රේල් 14 ප.ව. 6:08

    සමනලීටත් සුබම සුබ නව වසරක් වේවා !….

  18. 2010 අප්‍රේල් 14 ප.ව. 6:49

    සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!

  19. 2010 අප්‍රේල් 14 ප.ව. 7:50

    මගේ blog1 සමනලී දාපු සටහන දැකලයි මේ ආවෙ බලල යන්න.ලස්සනට පවත්වාගෙන යන blog1ක්.nice.ඔයාගේත් සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ!

  20. 2010 අප්‍රේල් 15 පෙ.ව. 11:03

    ඔයාටත් අති සාර්ථක නව වසරක් වේවා…

  21. 2010 අප්‍රේල් 15 ප.ව. 10:00

    හානේ සමනලි අලුත් වෙලා! 🙂

  22. 2010 අප්‍රේල් 16 ප.ව. 1:29

    ආ..අලුතින් ඇඳුමක් එහෙමත් අන්දලා තියෙන්නේ.. ලස්සනයි

    සුබ අලුත් අවුරැද්දක්ම වේවා

  23. 2010 අප්‍රේල් 17 ප.ව. 12:01

    සුභම සුබ නව වසරක් වේවා සමනලී….

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: