අන්තර්ගතයට පනින්න

අලුත් ඇදුම් ඇදන් සමනලී ඇවිත් නෑගම්……

2010 අප්‍රේල් 16

ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ලැබුවා…… හැමෝගෙම මුණු වල සතුටු සිනා හෙම පිරිලා හරිම ලස්සනයි….. ම්…. ඔය.. ඔය බලන්නකො සිරියාව………

නැකැත් එහෙම බලලා චාරිත්‍ර කරලා අපි සේරම අවුරුද්ද පිළිගත්තා. සමනලී දැක්කා ලංකාවෙන් දුර ඈත රටක ඉදගෙන උනත් කට්ටිය කැවිලි පෙවිලි එහෙම හදලා ජයටම අවුරුදු සමරලා තිබුනා…. රයිස් කුකර් කිරිබත්, වැලි තලප, හත්මාලුව එහෙම හදලා තිබුනේ…… ඒ කට්ටියගේ බ්ලොග් පිටු දිහා බලන්නත් ආසයි ඕං …… රස වෑහෙනවා නෙව 🙂

දැන් කට්ටියම හිසතෙල් එහෙමත් ගාලා දීර්ඝායුෂ එහෙම ලබාගෙනනේ ඉන්නේ නේද? 19 වැනිදා වෙනකල් විතරයි අවුරුදු නිවාඩු…. ඒත් සමහරුන්ට ඒ තරම්වත් නිවාඩු නෑ……. නිවාඩු ඉවර වෙන්න කලියෙන් දැන් ඉතින් කට්ටිය ලහිලහි‍යේ බුලත් හුරුළු, තෑගි බෝග අරන් නෑගම් යන කාලේ……. අලුත් ඇදුම් එහෙම ඇදලා…. පරණ තරහමරහා අමතක කරලානේ නෑගම් යන්නේ……..

ඉතින් ඔන්න සමනලීත් සයිබර් අවකාශේ ඔයාලගේ දිහාට පියාඹලා නෑගම් ආවා මෙන්න….. අලුත් ඇදුමක් එහෙම ඇදලා…… අවුරුද්දට අලුත් වෙන්න එපෑයැ නේද? සමනලි ඉතින් වැඩිය හැඩ වැඩ දාන්න දන්නේ නම් නෑ…. අනේ මන්දා අලුත් ඇදුම හොදද කියලා…….?



නෑගම් ආවා කියමුකෝ…. දැන් මොනාද සමනලී අරන් ආව තැගි…??? කෝ කෝ තෑගි…? ඒකනේ අවුරුද්දට හිස් අතින් එන්නේ කොහොමද? අනේ ඉතින් සමනලී කල්පනා කරලා බැලුවා මොනාද ගෙනියන්නේ කියලා….. අන්තිමේ සමනලී හිතුවා සමනලි අහපු පුංචි සුන්දර කියමන් ටිකක් ඔයාලට ගේන්න…..

    “ඔබ අමුවෙන් සිටින තාක් කල් වැඩෙයි. පැසුණු තැන සිට ඉදී කුණු වීමට පටන් ගනියි….”

    “සතුටින් සිටින තැනැත්තා මෙම සූත්‍රය දනියි…..
    ඉඩ ප්‍රස්තාව = විවෘත බව + සර්ව ශුභවාදීභාවය “

    “මම බලාපොරොත්තු වෙනවා”, “සමහර විට මම” යන වැකි වෙනුවට “මම කරනවා” යන වැකිය යොදා ජීවිතේ වෙනස අත්විදි අය බොහෝය….

    “සිනහව හා මිතුරු වන්න… නිතරම සිනහ වන්න… උද්යෝගීමත් බව බෝවන්නකි…”

    “ජීවත් වීමට යමක් උපයා ගැනීමට වැඩි බොහෝදෙයක් වැඩ කිරීමෙහි තිබෙන බව ජයගත්තෝ දනිති…..”

    “උදාරතම ක්‍රියාව වන්නේ නොවැටී සිටීම නොව වැටෙන හැමවිටම නැගිටීමය”

    “ලෝකය දෙන්නන් ගෙන් හා ගන්නන් ගෙන් සමන්විතය. ගන්නන්ට වඩා හොඳ කෑම කන්නට පුලුවන…. එහෙත් දෙන්නන් වඩා හොදින් නිදියනු ඇත…..”


මේවා එක්කම සමනලීගේ මුලු හදවතින්ම කරන අහිංසක පැතුමකුත් තියෙනවා…..

“ජීවිතේ අලුත් අත්දෑකීම් එක්ක දුක සතුට සමව ලැබිලා හිතේ තියෙන පැතුම් ඉටු වෙන සුන්දර අලුත් අවුරුද්දක් වේවා…..!!!”

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කියනවනේ…… ඒ නිසා ඔයාලත් මේවා තව කෙනෙක් එක්ක බෙදාගන්නකෝ……

එහෙනම් සමනලී ගිහින් එන්නම්……. පරිස්සමින් නෑගම් යන්න…… හැමෝටම සුබ දවසක්……. 🙂

Advertisement
ප්‍රතිචාර 50 leave one →
  1. 2010 අප්‍රේල් 16 ප.ව. 4:40

    සමනලි ඉතින් වැඩිය හැඩ වැඩ දාන්න දන්නේ නම් නෑ….
    ඒකට කමක් නෑ. සරල වෙන තරමට කියවන කෙනාට පහසුයි.. එක එක අනවශ්‍ය වැඩකෑලි තියෙන සමහර බ්ලොග් වල කියවන කෙනාගෙ නිදහස සීමා කරලා තියෙනවා (mouse click වගේ දේවල්)

  2. 2010 අප්‍රේල් 16 ප.ව. 4:46

    කියමන් ටික නම් ඇත්තටම සුන්දරයි…

  3. 2010 අප්‍රේල් 16 ප.ව. 4:54

    අලුත් ඇදුම නරකම නෑ…….අවුරුදු තෑග්ගත් ෂෝයි!ඔයාට සුබ අලුත් අවුරුද්දක්………

    • 2010 අප්‍රේල් 16 ප.ව. 5:11

      ස්තූතියි හසිත……!!!! 🙂 සමනලීට ඉතින් වෙන ලොකු ලොකු තෑගි ගේන්න තේරෙන්නේ නෑ….. ඔයාලාට මේ තෑග්ගෙන් ප්‍රයෝජනයක් උනා නම් ඒ ඇති සමනලීට……

  4. 2010 අප්‍රේල් 16 ප.ව. 5:02

    සෙරටම කලින් සමනලිට සුභ අලුත් අවුරුද්දක් කියලා සුබ පතනවා… තෑගි ගෙනවාහම හිස් අතින් ආපහු යවලත් බෑනේ මොනවද ? සමනලිට ඔනේ

    • 2010 අප්‍රේල් 16 ප.ව. 5:13

      ම්….. ඔන්න සමනලී ඉල්ලුවොත් දේවා තෑග්ගක් දෙනවද? 🙂 හා එහෙනම් තවත් ලස්සන කවියක් එහෙම ලියන්නකෝ දේවාගේ බ්ලොග් එකේ???? සමනලීත් ඒ තරම් දක්ෂ නෑ කවි ලියන්න, ඒත් ආසයි ඒවා රසවිදින්න…….. ඔන්න එහෙනම් සමනලී බලන් ඉන්නවා…….

  5. 2010 අප්‍රේල් 16 ප.ව. 6:37

    සමනලි මාතර පැත්තේ පියාඹනවද?

  6. 2010 අප්‍රේල් 16 ප.ව. 7:19

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා, කියමන් වලට ස්තුති

  7. 2010 අප්‍රේල් 16 ප.ව. 7:35

    හරි ලස්සනයි ඇ ත්තටම සරල උනාම හොඳයි තමා. තමන්ටත් ලේසියි.
    කියමන් ටිකත් අපූරුයි සමනලි.
    ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!!!!!!! කියලත් මම ප්‍රාර්ථනා කරන්නම් කෝ

  8. 2010 අප්‍රේල් 16 ප.ව. 7:43

    හරිම අපූරු තෑගි ටිකක්නෙ සමන්ලී..දිල් හුගාක් සතුටු උනා
    මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් මා ගැන හොයලා බැලුවට සමනලීට හුගාක් ස්තුතියි…..කාත් කවුරුත් නැති මට ඔයාලගෙ සෙනෙහස මහ මෙරක් වගේ..

    ඉතින් ඔයාටත් සුනම සුන නව වසරක් වේවා !

  9. Hasiya permalink
    2010 අප්‍රේල් 16 ප.ව. 8:04

    අළුත් ඇඳුම ෂෝක් ෂෝක්…………

    • 2010 අප්‍රේල් 16 ප.ව. 8:18

      ඔය ඇත්තද? එහෙනම් හොදයි…. මේ අලුත් ඇදුම කොයිවගේද කියලා සමනලී හිතේ සැකෙන් උන්නේ…. ඒක ලස්සනයි නම් ඔන්න සමනලීට සතුටුයි….. 🙂

  10. 2010 අප්‍රේල් 16 ප.ව. 8:51

    සමණලිත් එක්ක මම තරහා නැහැ මගෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ නැහැ කියලා, එහෙම හිතන්නත් එපා.. මෙතන ඉන්න කවුරුවත් එහෙම තරහා වෙන අය නෙමෙ.. හිතෙ කාන්සිය පාලුව යන්නත් එක්ක ඔය පොඩි සින්දුවක්, කතාවක් ලියලා දාන අය..

  11. 2010 අප්‍රේල් 16 ප.ව. 8:59

    අලුත් ඇඳුම අගෙයි…සරල වෙන්න වෙන්න පහසුනේ…තෑග්ගත් බොහොම වටිනවා…(පළමූ වැකිය තමයි හුඟාක්ම මගේ සිත් ගත්තේ..)සමනලීටත් සුභම සුභ අලුත් අවුරුද්දක් .. !!!

  12. 2010 අප්‍රේල් 16 ප.ව. 9:23

    සමනලීට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල පතනවා…

  13. ~ හා පැටික්කි (MS) ~ permalink
    2010 අප්‍රේල් 16 ප.ව. 9:33

    අනේ මංද අපි තෑගි නොදී යන එක හරි නෑනෙ සමනලියේ….. . 😦 😦
    ඒත් ඉතින් මොනව දෙන්නද…..
    තව ටිකක් මිත්‍රත්වය තමා ….. 😀 😀 😀 😀 😀

  14. indraj permalink
    2010 අප්‍රේල් 16 ප.ව. 9:50

    සුභ අළුත් අවුරුද්දක් වේවා හැම දෙනාටම!!!!!!!.

    අළුත් ඇඳුම නිසා දැන් කියවන්න ලේසියි නොවැ….
    ස්තූතියි කියමන් වලට ඔය කියමන් ක්‍රියාත්මක කරන එකනෙ අමාරුම රාජකාරිය. බලමුකො මේ අවුරුද්දෙවත් උත්සාහ කොරලා.

    • 2010 අප්‍රේල් 16 ප.ව. 10:16

      එසේම වේවා indraj ….!!! 🙂
      ඒකනේ… ඉතින් ජීවිතේ හුඟක් වටින දේවල් ලේසියෙන් ලබා ගන්න බෑනේ….. උත්සාහ කරන්න ඕනානේ……
      එහෙම උත්සාහා කරලා දිනන්න පුලුවන් වෙන්න කියලා සමනලි සුබපතන්නම්…….!

  15. 2010 අප්‍රේල් 16 ප.ව. 11:54

    ඔන්න බඹරා සමනලීව බලන්න නෑගම් ආවා..සේරම වෙනස් වෙලා නේද?මගේ අවුල් ලිහා ගත්තා..බොහෝම ස්තුතියි උදව් වලට..:)
    සමනලීගේ උපදේස නම් පංකාදු පහටත් ටිකක් වැඩියි

    • 2010 අප්‍රේල් 16 ප.ව. 11:59

      හා හා….. එන්න එන්න….. කොහොමද බඹරා…? සතුටුයි මේ පැත්තෙන් පියෑඹුවාට…… ෂා…. ඔය තියෙන්නේ ලස්සනට දැන් බඹරාගේ වදේ!!!!! සමනලීත් ඉතින් වැඩ බැරි දාසගේ නංගි වගේ එක එක ඒවා කරලා බලලා තමයි මේ අලුත් ඇදුම ඇන්දුවේ….. 😀

  16. 2010 අප්‍රේල් 17 පෙ.ව. 12:05

    ඇඳුම ලත්තනයි !

  17. Otuwa permalink
    2010 අප්‍රේල් 17 පෙ.ව. 8:51

    onna samanalee otuwa goda kalekin me patte awe. samanali godak wenas welane.onna mama samanalitai salamanayatay subhama subama suba alut awruddak prartana karanawa

  18. 2010 අප්‍රේල් 17 ප.ව. 12:03

    ෂා අලුත් ඇදුම නම් පංකාදුයි සමනලි…. හරිම අගෙයි…

  19. 2010 අප්‍රේල් 17 ප.ව. 2:31

    ඔන්න මාත් ඉස් ඉස්සෙල්ලම සමනලීගේ නවා‍තැනට නෑගම් ආවා.
    අඳුනනවද මන්දා…

    අලුත් අවුරුදු තෑග්ග නම් බොහෝම වටිනවා.
    සමනල අඩවියත් ලස්සනට සරසලා..අවුරුද්ද‍ට.

    ඔයාටත්…සිතුම් පැතුම් ඉටුවන , වාසනාවන්ත අලුත් අවුරුද්දකට මගෙනුත් සුවහසක් පැතුමන්….මෙන්න.

    • 2010 අප්‍රේල් 17 ප.ව. 3:50

      එන්න එන්න….. සමනලී සතුටින් පිලිගන්නවා නිල් අහස….. 🙂 එසේම වේවා!!!!!!
      සමනලී අඳුරනවා….. සමනලී නිල් අහස දකින්න විදින්න ඇවිත් තියෙනවා….. හැබැයි ඒ කාලේ සමනලී කමෙන්ට් කරන්න කෝඩු කාලේ……
      ඉතින් ආයේ දවසක එන්න…. සමනලිත් එන්නම් නිල් අහස දකින්න….. 🙂

  20. 2010 අප්‍රේල් 17 ප.ව. 6:35

    අලුත් තීම් එක නං එල! මේ වගේ සරල තීම් එකක් තිබුනාම කියවන්න ආස හිතෙනවා. හැබැයි ඒ මගේ view එක. අනිත් අයට නං කොහොමද කියන්න මම දන්නෙ නෑ.
    ම්.. මට හිතෙනවා සමනලී හෙට අනිද්දම ඔය header image එක නං වෙනස් කරයි කියලා… 😀

    • 2010 අප්‍රේල් 17 ප.ව. 7:54

      ස්තූතියි ඉන්දරේ……!! 🙂
      සමනලීටත් හිතුනා මේ තීම් එක කියවන්න පහසුයි කියලා….. ඔව් ඔව් සමනලීට header image එක සැරින් සැරේ වෙනස් කරන ආසාවක් ඇතිවෙලා තියෙන්නේ…. හැබෑටම ඉන්දරේ කොහොමද දන්නේ????

  21. 2010 අප්‍රේල් 18 පෙ.ව. 8:20

    ලැබුවා වූ නව වසර ඔයාටත්, පවුලේ සැමෝටමත් සතුටින් සාමයෙන් පිරි සෞභාග්‍යමත් එකක් වේවා !

  22. හසී permalink
    2010 අප්‍රේල් 18 පෙ.ව. 8:45

    අලුත් ඇදුම හරිම සරලයි. ලස්සනයි සමනලී…

  23. 2010 අප්‍රේල් 19 පෙ.ව. 10:21

    හරිම පංකාදු තෑගි ගොඩ, ඔන්න අපිත් අර ගත්තා ස්තුති කරලා.

    ගොඩාක් කැමැති තෑග්ග නම්:
    “උදාරතම ක්‍රියාව වන්නේ නොවැටී සිටීම නොව වැටෙන හැමවිටම නැගිටීමය”

  24. 2010 අප්‍රේල් 24 ප.ව. 5:41

    “ඔබ අමුවෙන් සිටින තාක් කල් වැඩෙයි. පැසුණු තැන සිට ඉදී කුණු වීමට පටන් ගනියි….”
    මේකනම් සෑහෙන්න වටින කියමනක්.
    ස්තූතියි සමනලියෙ.

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: