අන්තර්ගතයට පනින්න

සමනලී තවත් භයානක කාලයක‍ට සූදානම් වෙයි….!!

2010 මැයි 29

ඉතින් කො‍හොමද යාලුවනේ? සෑහෙන කාලෙකට පස්සේ නේද?

“ම්….. මේ කවුද මේ?? මෙහෙම කෙනෙක් අපි අදුරනවද හැබෑට…?” කට්ටියට දැන් එහෙම හිතෙනවා නේද? අනේ අපොයි සමනලීව අමතක වෙලා එහෙම නෑ නේද?

සමනලී කාලෙකින් බ්ලොග් පිටුව පැත්තේ පියෑඹුවේ නෑ…. හෝ ගාලා වහින වැස්ස නිසා සමනලීට සමනලීගේ කොම්පියුටර් යාලුවා ලඟ වැඩිය ඉන්න ලැබුනෙත් නෑ….. චුට්ටක් විතර සමනලීට වැඩත් වැඩි උනා නෙව මේ දවස් ටිකේ…..

ඉතින් ඔන්න ඉස්සරහට හරිම විනාසයක් තමයි වෙන්න යන්නේ ඕං….. අපොයි හරිම භයානක කාලයක් එන්න යන්නේ සමනලීට..!!!!!! අනේ සමනලී මේ භයානක කාලෙට මූණ දෙන්න දැන් තියාම සූදානම් වෙන්නයි හදන්නේ. අනේ මන්දා දැනටමත් කල් මදිද කියලා…. සමනලී හැමදාම ඔහොමයි… කල් මදි වෙනකල් ඉදලා ඊට පස්සේ ලහි ලහියේ මහන්සි වෙන‍වා….

දැන් ඒ භයානක අත්දැකීමට මුහුණ දෙන්න ගොඩක් දේ සූදානම්…. ඒත් තව වැඩ ඉතුරුයි…. ආයුධ සේරම ලෑස්ති කරගන්න ඕනා, කොයිතරම් පිරිසක් එක්ක එකට හිටියත් අන්තිමේ සමනලී තනියෙම තමයි අවසාන අවස්තාවට මුහුණ දෙන්න ඕන….

පුංචි කාලේ ඉදලාම හැමදාමත් මේ කාලෙට හොදින් මුණ දීලා ජීවිතේ දිනන්න සමනලීට අම්මායි තාත්තායි යෝධ ශක්තියක් වෙලා ඉන්නවා…… සමනලී වගේම එයාලත් ගොඩක් මහන්සි වෙනවා…. බලාපොරොත්තු තියාගන්නවා…. ඉතින් සමනලී මේකට මූණ දෙන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා එයාලගේ සතුට දකින්න ලොකු ආසාවකින්…..

දැන් සමනලී ලඟින්ම තවත් කෙනෙක් ඉන්නවා සමනලීට ශක්තියක් වෙලා…. “අනේ මට බැ, මට බැරිවේවි” කියලා සමනලීගේ හිත ආපස්සට යද්දි සමනලීට පුලුවන් කියලා සමනලීට සමනලී ගැන විශ්වාස කරන්න එයා උදවු වෙනවා….. සමනලීව සතුටින් තියලා ගොඩාක් ආදරෙන් සමනලීව පරිස්සම් කරනවා…. එයා තමයි සමනලීගේ අයිතිකාරයා…….

හැබෑට දැන් මොකද්ද මේ සමනලීට එළැඹෙන භයානක කාලය??? අනේ ඔන්න කට්ටිය හිනා වෙන්න එහෙම එපා මේක අහලා හොදේ?

සමනලීගේ විශ්වවිද්‍යාලේ තවත් එක වසරක අවසාන විභාගය ලඟ ලඟම එනවා!!!!!

ඔන්න ඔන්න හිනා යනවා නේද සමනලීගේ විභාග භීතිකාව අහලා? සමනලී හැමදාම සෑහෙන හොද සූදානමකින් විභාගයට මූණ දෙනවා ඒත් ටිකක් බයයි හිතට……. ඒකයි මේ…..

විශ්වවිද්‍යාලේ විභාග වලට හැමදාමත් වගේ  මේ පාරත් හොදම ප්‍රතිපල ගන්න තමයි සමනලීගේ බලාපොරොත්තුව

ඉතින් එහෙනම්  විභාගය ඉවර වෙනකල් සමනලී වැඩිය (සමහර විට කොහෙත්ම  ) දකින්න නොලැබේවි සමනලීගේ ඉසව්වේ…..

විභාගය අවසන් වූ වහාම සමනලි එන්නම්….. එතකල් සමනලීව අමතක නොවේවි නේද?

හැමෝටම සුභ දවසක්……

Advertisement
ප්‍රතිචාර 20 leave one →
  1. 2010 මැයි 29 ප.ව. 1:12

    හැබෑටම කවුද ඔයා මට නිච්චියක් නෑ නොවැ.
    කමක් නෑ ඒ වුනාට විභාගෙ හොඳින් කරගන්න ශක්තිය ධෙර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  2. Hasitha permalink
    2010 මැයි 29 ප.ව. 1:19

    විභාගය අභාගයක් කරගන්නේ නැතිව සාර්ථකව විභාගෙට මුහුණු දීලා උසස් සාමාර්ථ ලබා ගන්න සමනලී අක්කට හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය ජය වේ 🙂

  3. 2010 මැයි 29 ප.ව. 1:49

    ඔබට ජයෙන් ජය වේවා …

  4. 2010 මැයි 29 ප.ව. 2:15

    ඔන්න මමත් ඇවිල්ලා සමණලීට විභාගය කියන මලේ රොන් ටික හොඳට ගන්න හැකිවේවායි කියලා ප්‍රාර්තනා කරනවා….

  5. හා පැටික්කි (MS) permalink
    2010 මැයි 29 ප.ව. 2:21

    ජයෙන් ජය සමනලියේ…….

  6. 2010 මැයි 29 ප.ව. 3:29

    IndraJ/
    අනේ ඒකනේ සමනලීව අමතක වෙලා නේද? 😦
    ඒත් බොහොම ස්තූතියි සුබපැතුම් වලට

    Hasitha/
    බොහොම ස්තූතියි සුබපැතුම් වලට….

    මහසෙන්/
    බොහොම ස්තූතියි සුබපැතුම් වලට මහසෙන්….

    චමීදේවා/
    ගොඩක් ස්තූතියි ඒ සුබපැතුමට…..

    හා පැටික්කි (MS)/
    හානේ ඔන්න දැන් හා පැටික්කි වගේම සමනලිත් පාඩම් කරනවා…. ස්තූතියි හා පැටික්කියේ….

  7. 2010 මැයි 29 ප.ව. 3:36

    හා අමතක උනා නෙව කියන්න…. ඔය තියෙන පින්තූරේ ගත්තේ නම් අන්තර්ජාලයෙන් ඒත් ඒක කලු සුදු එකක්… ඉතින් සමනලී පාඩම් කරන්න වෙලා මදි වෙලා ඉන්න අස්සේම ඒක පාට කලා Photo Shop වලින්……. එහෙම කරන්න පුලුවන් කියලා අහලා තිබුනට සමනලී ඒක කරලා බැලුවේ අදයි……

  8. 2010 මැයි 29 ප.ව. 4:03

    හැබැටම සමනලියෙ විභාග කෙසෙවෙතත් හොද පොටො පාට කිරීමෙ හැකියාවක්නම් ඔයාට තියනවා 🙂 අලි ලත්තනයිලේ මෙක.. 😀 ඔන්න ඉතින් අපෙනුත් සුභ පැතුම්…! ඔය විභාග භිතිකාව එදාට නැති වෙන්න කියලා මම සුභ පතනවා…!

  9. 2010 මැයි 29 ප.ව. 6:06

    ඔන්න ඉතින් දිල්ගෙ සුබ පැතුමත් පා කරන්න බැරි හින්දා ලියලා යන්න ආවා. හොඳින් ලියන්න.

  10. 2010 මැයි 29 ප.ව. 7:02

    මම ඒත් කල්පනා කළා ඇයි සමනළී පහු ගිය දවස් වල පේන්න හිටියෙ නැත්තෙ කියල. ඉතින් එහෙ මෙහෙ මල් වතු ගානෙ පියාඹින්නෙ නැතුව මේ දවස් වල හොදට පාඩම් කරන්නකො

  11. pahan permalink
    2010 මැයි 29 ප.ව. 8:56

    digatama liynna putha

  12. 2010 මැයි 29 ප.ව. 9:59

    සමනලී මේ පැත්තේ [බ්ලොග් එකේ] වැඩිය පේන්නේ නැති කොට මම හිතුවා මේ වගේ හේතුවක් වෙන්න ඇති කියලා.
    විභාගේ හොදට කරගන්න මේ වගේ බ්ලොග් ලියනවා වගේම 🙂

  13. 2010 මැයි 30 පෙ.ව. 11:03

    හොඳින් විභාගෙට මුණ දෙන්න… ඔයාට ජය…

  14. Otuwa permalink
    2010 ජූනි 1 පෙ.ව. 7:39

    Oya wage ekkenek issarat hitiya ;D
    Exam ekata unusum subha pathum!!! baya nowee hodat karanna

  15. Ansh Lucky Sri Jay permalink
    2010 ජූනි 4 ප.ව. 7:36

    හොඳින් විභාගෙට මුණ දෙන්න…
    ජය…!! 🙂

  16. 2010 ජූනි 30 ප.ව. 10:29

    මේ පැත්තේ නාවත් හොදට පාඩම් කරන්න…….

  17. 2010 ජූලි 15 පෙ.ව. 10:33

    කෝ තාමත් ඔය භයානක කාලෙ ඉව‍ර නැතෙයි.

  18. 2010 නොවැම්බර් 14 ප.ව. 7:56

    සමනලී මොනවද කරන්නෙ? මං ඇහුවෙ මොන විෂයයන් ද?

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: