භයානක කාලය නිමා වෙයි…. පුංචි සමනලීට පුංචි ඉස්පාසුවක්…….
සමනලි මේ පැත්තේ පියාඹන්නේ මාස දෙකකට විතර පස්සේ….. දීර්ඝ නිහැඩියාවක්. අනේ සමනලීව හැමෝටම අමතක වෙලා ඇති නේද? මොනා කරන්නද ඉතින් සමනලීට විභාගයක් තිබුනානේ….. සති 3ක් ඇතුලත විෂයයන් 15ක්ම තිබුනා. යුද්ධයක් කලා වාගෙයි….
දැන් විභාගේ නම් ඉවරයි ඒත් විභාග පැවරුම් කෝටියයි!!!! සමනලීට දැනෙන්නේ අත්තටු බැදලා දාලා හිරකරලා වගෙයි 😦 චිත්‍රයක් අදින්න, මැහුමක් ගෙතුමක් කරන්න, පොතක් කියවන්න… කිසිම දේකට වෙලාවක් නෑ…
සමනලී මේ පැත්තේ නාවත් සමනලීගේ ඉසව්වට ඇවිත් බලලා යන්න ඇවිත් තිබුනා හුගක් දෙනා, හැමදාමත් කවුරුහරි ඇවිත් තිබුනා…. අනේ ගොඩාක් ස්තූතියි ඒ හැමෝටම 🙂
මොනා උනත් දැන් හිතේ බර ටිකක් අඩුයි….. පැවරුම් සේරම ඉක්මනින් හොදටම නිම කරන්න සමනලී මහන්සි ගන්නවා. දැන් ආයෙත් සමනලීට බ්ලොග් පිටු අතරේ පියාසලන්න ඉස්පාසුවක් ලැබිලා…… ගොඩක් දේ තියෙනවා කියන්න….. ඔයාලා එක්ක බෙදා ගන්න….. සමනලී දන්නවා ඔයාලා හැමෝම සමනලි එක්ක ඉන්න බව…….
අමතක වෙලා නෑ නේද මේ පුංචි සමනලීව???
ඉතින් අපි ආයෙත් හමුවෙමු…. පුංචි සමනලීගේ පුංචි පුංචි කවි, කතා, සිතුවිලි සහ අත්දෑකීම් එක්ක
සුභ දවසක්….!!!
මාත් බැලුවේ ඒක තමා විභාගේ තාම ඉවර වුණේ නැත්තේ මොකද කියලා. දැන් එහෙමනම් පහුවුණු ඒවටත් එක්ක ලියන්න ලෑස්ති වුණා නම් තමා හොඳ 🙂
ස්තූතියි හසිත….
ඔව් ඔව් දැන් මේ ලියන්න තමයි සූදානම් වෙන්නේ….. 🙂
හා…නේ ඇති යාන්තන්
කොහොමද විභාගේ ??
හොදට කරලා ඉවර කරානේද..??
ම්ම්ම්ම්
දැන් ලියන්න පටන් ගමු එහෙනම් නේද ආයෙත් ..!!
ඉතින් කොහොමද නිමන්ති? (අක්කාද නංගාද කියලා දන්නේ නෑනේ සමනලී??)
විභාගේ නම් නරකම නෑ… යාන්තම් ඒක ඉවරයි… සමනලී හොදට මුහුන දුන්නා…. දැන් මේ පැවරුම් කරන ගමන් ආයෙත් කොහොමහරි ලියන්න වේලාව සොයාගන්න ඕනි….
ස්තූතියි…. 🙂
අහ් මෙන්න මෙයාට මේ ටිකට මම අක්කා කියලත් අමතක වෙලා :-))
අනේ අනිච්චන්:-(
🙂 අනේ අමතක නොවේවිද අක්කා පහුගිය සති 3දී ඔලුවේ පුරෝගත්තූ ජාති වල හැටියට….. සමනලිගේ ඔලුව තෝන්තු වෙලා වගෙයි….
අනේ තරහ අවසර අක්කා….. පුංච් සමනලිගේ පුංචි අතපසු වීමක්…… සමාවෙන්න අක්කා තරහ නෑනේ නේද?
හයියෝ නෑ.
මොකට තරහා වෙන්නද..??
මතක් කරලා දුන්නේ ඒකනේ 🙂
🙂 එහෙනම් කමක් නෑ…..
ස්තූතියි නිමන්ති අක්කා
හ්ම්ම්ම්ම් එහෙනම් ලියමුකෝ බලන්න ආපහු ඉස්සරවගේ …බඩම් කටයුතුත් කරගන්න ඔනේ ඉතින්
ස්තූතියි ඉලංදාරියා…… 🙂 ඔව් සමනලී ඒ සේරම හොදින් කරන්නම්……
විභාග වැඩ ඉවර කරන් එන්නකො ආයෙත් බ්ලොග් අවකාශයට…. සුබ පතනවා.
ස්තූතියි පලාමල්ල….. 🙂
ආපහු ආ එක ගැන සතුටුයි………… 😀
අනේ අපිටත් භයානක කාලෙ ලග ලගම එනවා……… 😦 :O
ඒ කියන්නේ විභාගේ ලගම එනවද? හා හා එහෙනම් දැන් ඉදන්ම හොදට පාඩම් කරන්න…… හොදින් ලියලා ඉහලම පුතිපල ගන්න සමනලී සුභ පතනවා!!!
ස්තුතියි සමනලියේ!!!………………
🙂
ආ සමනලී කොහොමද විභාග ලේසිද හොදින් ලිව්වද ?
විෂයන් 15 ක විභාග සති තුනකින් ලියන එක එසේ මෙසේ වැඩක්ද? ඇත්තටම අන්තිමට දමාගෙන කට පාඩම් කරල පාස් වෙන විභාග වලින් වැඩක් තියෙයිද දන්නෙ නෑ හරි අවබෝධයක් නැතිව අන්තිමට විභාගෙ පාස් මෙලෝ දෙයක් දන්නෙ නෑ. අවබෝධයෙන් ඉගෙනගත්ත මනුස්සය ෆේල් සමහර විට ලියාගන්න බැරිව වෙලව මදි වෙලා අනිත් අයට කොහොමද දන්නෙ නෑ ඔන්න මට නම් දැනෙන්නෙ එහෙමයි.
විභාගේ ලේසිමත් නෑ…. ඒත් සමනලී හොදින් ලීවා….. ඔයා කියන දේ ඇත්තම ඇත්ත…. ඕකම තමයි සමනලීගේ අයිතිකාරයා කියන්නේත්! ඒත් මේ පවතින ක්‍රමේට දුවන්න වෙලානේ තියෙන්නේ 😦 මොනා කරන්නද?
හපොයි යන්තම් ඇති ඔය ඇවිත් ඉන්නේ..
හා …දැන් පටාාන් ගම්මු ලියන්න…
ස්තූතියි මාරයා අයියේ…… 🙂
දැන් ඉතින් ලියන්නයි මේ සුදානම
මොනවද අප්පේ ඒ විෂයයන් 15 ????
සමනලී හදාරන්නේ විද්‍යා අංශයේ විශේෂ උපාධීයක්, ඉතින් ඒ 15ම විද්‍යා විෂයයන් සහ විද්‍යාව එක්ක සම්බන්ධ වෙන ආර්ථික සහ සමාජයීය විද්‍යා විෂයයන්
විෂයයන් 15ක් එකට ? මගෙ අම්මෝ
මොකක්ද අප්පේ ඒ උපාධිය
මොකක්ද විශ්ව විද්‍යාලෙ
අනේ ඉතින් විශ්වවිද්‍යාලේ නමයි උපාධියයි කියන්න ගියෝතින් ඇත්තටම සමනලී කවුද කියලා ඒක දැනගන්න ඕනා නැති අයත් දැනගන්න නිසා ඒක නම් කියන්න බැහැ හොදේ?
ලංකාවේ බොහොද ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්….. අවු 4ක විශේෂ උපාධියක්….
අම්මෝ , පුංචි සමනලියක් නෙවෙයි, ලොකූඌඌ සමනලියක්නෙ.
මම හිතන් හිටියෙ ඉස්කෝලෙ යන බබා සමනලියෙක් කියල
අපොයි ඉතින් එච්චර ලොකූ නෑ අනේ සමනලී…… අම්මයි තාත්තායි තවම හිතන්නේත් සමනලී එයාලගේ පුංචිම පුංචි දුව කියලයි….. සමනලීගේ අයිතිකාරයාට සමනලීව හැමදාම පේන්නේ පුංචි ළමයෙක් වගේලු…… 🙂 ඉතින් සමනලී පුංචියි……
වෙල්කම් බැක් කිව්වා ඔන්න එහෙනම්… 🙂 මොනවද අප්පා ඔය විශයන් 15 ?
ස්තූතියි ගැන්ග්ස්ටර් !!! 🙂
විද්‍යා විෂයයන් තමයි ඉතින්…….
පිස්සුද සමනලී අක්කියෝ අපිට අමතක නෑ…….හා හා එහෙනම් පැවෙරුම් වෑඩ ටිකත් හරියට පිලිවෙලට අහවර කරලාම මේ පැත්තේ ආවනම්……අපි ඉතින් ඉන්නම්කො අක්කියා පියාසලගෙන එන්නකන්….
අහ් විභාගේ කොමද අක්කියෝ……???
අනේ එහෙනම් කොයිතරම් දෙයක්ද? 🙂
ඒක තමයි ඒ වැඩ පිලිවෙල කරන ගමන් මේ පැත්තේත් එන්නම්කෝ…. විභාගේ වරදක් නැ… හොදට ලීවා කියලා සමනලි හිතනවා… 🙂
ස්තූතියි හසියා….
හ්ම්.. ආපහු ආපු එකට සතුටුයි ……
ස්තූතියි බණ්ඩාරයා…… ඔයත් විභාගේ ලීවා නේද? කොහොමද ඒක? හොදින් මුහුණ දුන්නා නේද?
සමාවෙන්න ඕන සමනොළී .. මට ඔයාගෙ විභාගෙ ගැන අහන්න බැරි වුණාට…
ඔයා ඉතින් ඒක හොඳට කළා කියල තිබුණනේ… ඒ නිසයි ඇහුවෙ නැත්තෙ….
මගෙ එක නම් ඉතාම හොඳට නොවේ… සාමාන්‍ය තරමකට ලියා ගත්තා. පළමු වසරනෙ .. ඒ තරම් බර පතළ වුනේ නෑ.
ස්තූතියි ඔයාට ඕක මතක තිබ්බට ……
සමනලීට මතක තිබ්බා…… සමනලී පළමු වසර පහුකරපු කෙනෙක් විදියට මේක කියන්නේ, පළමු වසරේ ඉදන්ම ඉහල ප්‍රථිපල ගැනීම ඉතාම වැදගත් වේවි… නැත්නම් ගෙවුනු පළමු වසර ගැන අවසන් වසරේදි පසුතැවෙන්න කාලයක් අනිවාර්යෙන් ඒවි….. එහෙම කරගන්න එපා
ඇත්තෙන්ම අවවාදය ඉහළින්ම පිළිගත්තා… ඒක එසේම පිළිපදින්නම් ….
වෙල්කම් බැක් සමනලී..ලියමු ලියමු මොනව හරි අපිට කියවන්නත් එක්ක
ස්තූතියි සමීර….. 🙂
ජයවේවා
ස්තූතියි වැම්පයර්….. 🙂
සමනල්ලුන්ට සමනලියන්ට අයිතිකාරයො නෑනෙ.එයාල හැමෝටම අයිතියිනෙ.
අපෝයි!!!! මේ සමනලී අයිති එයාගේ අයිතිකාරයාටයි අම්මාටයි තාත්තාටයි විතරමයි….. වෙන කාටවත් නෙවී……. 🙂
එහෙනම් ඉතින් ලියමු… අමතක උනේ නෑ අපිට ඔයාව
ස්තූතියි හසී……
ඒ මාස 2 මේ පැත්තේ එන්නේ නැතුව සමනලී උන්නේ හරීම දුකින්……
මට භයානක කාලය අත ලඟ……. මේ ඉතින් ඒක එනකම් මඟබලන් ඉන්න ගමන්…….
සමනලීව දැක්කේ ගොඩ කාලෙකින්. ආයෙත් ඉඩක් ලැබුනම එන්නම්කෝ…….
හානේ ඔව්මයි නේද? හා පැටික්කියේ අනේ හොද හා පැටික්කි වාගේ හොදට පාඩම් කරලා හොදට විභාගේ ලියන්න….. මේ දවස් වල පරිස්සමින් ඉන්න…. අසනීප වෙන්න එහෙම එපා ඔං
ඔයාට සමනලි සුභ පතනවා!!!
අමතක වෙලා නෑ පුංචි සමනලියේ……………
ඔය පුංචි ඉස්පාසුව තුළ හොද ඉදිරිපත් කිරීමක් කරයි කියලා හිතනවා.
ඉගෙනීම ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, ඒක මුලින් කරගන්න ඕනම දෙයක්
ම්…….. ඒකත් කරලා ආයේ ආපු එක ගැනනම් ඉතින් ගොඩාාාාාාාාාාාක් සතුටුයි.
සුභ පතනවා සමනලී ඔයාට !!!
“ඉක්මනට ලියන්න ලස්සන දෙයක් අපට බලන්න”
ස්තූතියි nilanka …… 🙂
ලියන්න දේවල් හිතේ තිබුනට අනේ වේලාව තමයි ප්‍රශ්නේ….. නිවාඩුවෙත් විශ්වවිද්‍යාලේ පැත්තේ යන්න වෙලා එක එක වැඩ වලට
සමනලී ඉක්මනින් සමනලීගේ තවත් සිතුවිල්ලක් අරන් එන්නම්…..