අන්තර්ගතයට පනින්න

අයිතිකාරයාගෙන් සමනලීට ලැබුනු උපන් දින තෑග්ග…..සමනලී සහ අයිතිකාරයාගේ සුන්දර කතාව පොතකින්…..

2010 ජූලි 30

යාන්තම් නිවාඩු කාලේ කරන්න තියෙන වැඩ වලින් භාගයක් විතර ඉවරයි….. ටිකක් සැනසීමක් හිතට දැනෙනවා……

දැන් කට්ටිය බලනවා ඇති සමනලීගේ උපන් දිනේ කවද්ද කියලා? හී හී සමනලි‍ගේ උපන්දිනය පහුවෙලා ගොඩාක් දවස් දැන්… ඒක තිබුනේ ජූනි මාසේ 5 වැනිදානේ.

ම්….. එතකොට දැන්ද සමනලීට උපන් දින තෑගි දුන්නේ අයිතිකාරයා? අපෝ මෙච්චර පහුවෙලා??? ඔයාලට දැන් හිතෙන්නේ එහෙම නේද? අනේ නෑ නෑ….අයිතිකාරයාට උපන් දින තෑග්ගක් දෙන්න සමනලීට අතපසු උනාට සමනලීගේ අයිතිකාරයා හරියටම වෙලාවට සමනලීට හුඟාක් වටින ලස්සන උපන්දින තෑග්ගක් දුන්නා…… 🙂

මේ උපන් දින තෑග්ග සමනලීට දෙන්න අයිතිකාරයා පහුගිය අවුරුද්දේ සමනලීගේ උපන්දිනේ කාලේ ඉදන්මයි මහන්සි උනේ…. හුඟාක්…. ඇත්තටම හුඟාක් මහන්සි උනා එයා……

අයිතිකාරයාගේ අතින්ම හදපු මේ උපන් දින තෑග්ග සමනලීගේ ජීවිතේ සමනලීට ලැබිච්ච සුන්දරම උපන් දින තෑග්ගයි….

මොකක්ද දන්නවාද මේ ආදරණීය උපන් දින තෑග්ග? ඒක තමයි සමනලීයි අයිතිකාරයයි ඉස්සෙල්ලාම දැකපු දවසේ ඉදන් සමනලීගේ පහුගිය උපන්දිනය වෙනකල් ඒ දෙන්නා අතර ඒ දෙන්නා වටේ සිදුවුනු හැමදේම ලියාපු ලස්සන කතා පොතක්…… පුංචි නවකතා පොතක් වගෙයි.

පුංචි සමනලීගෙයි අයිතිකාරයාගෙයි ලස්සන ආදර කතාව….. ලස්සන පින්තූර දාලා අයිතිකාරයා අතින්ම ලියලා දුන්න සොඳුරු කතාවක්…… ඒ එක්කම ඒ පොතේ තියන්න ලස්සන බුක් මාර්ක් එකක්…… පොතේ පිට කවරේ, බුක් මාර්ක් ඇතුලු හැම දේම අයිතිකාරයා අතින්ම නිර්මාණය කරලා…….

මේ තියෙන්නේ ඒ ලස්සන කතා පොතේ පිටු කිහිපයක්……..

පිට කවරය, ආදරණීය කතාවක මුල්පිටුව:

බුක් මාර්ක් එක:

සුන්දර ඇතුලු පිටු කිහිපයක්……..

විශ්ව විද්‍යාලයේ දේශන, කුප්පි මැද අයිතිකාරයා සහ සමනලී අතර හුවමාරු වූ පුංචි පණිවුඩ වල මතක සටහන් කිහිපයක්…. හැබැයි මේ වෙද්දි සමනලී සහ අයිතිකාරයා හොදම යාලුවෝ විතරයි 🙂 මේ සේරම දේවල්, පුංචිම තුණ්ඩු කෑලි පවා අයිතිකාරයා පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා…….

ඉතින් සමනලීට මේ තෑග්ග හරියටම උපන් දිනේට ලැබුනා….. විභාගේ වැඩ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න ප්‍රමාද උනේ

ආ….. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න…. මේ උපන් දින තෑග්ග වගේම ලස්සන කවි පෙලකුත් අයිතිකාරයා සමනලීට එව්වා….. හරියටම උපන්දිනේ දවසේ රෑ 12ට හදවතින්ම පතාපු මේ පැතුම සමනලීට ලැබුනා…..

ජීවිත ගමනට මල් වැසි වසින්නට

ඇස්වහ කටවහ සැම දුරු කෙරෙන්නට

බාධක කරදර සැම ජය ලබන්නට

තිසරණ සරණින් ආසිරි පතනෙමි ඔබට….


නිරෝගි සුව සැමදා රැදෙන්නට

නෙතඟ කදුලැල් නොම ලැබෙන්නට

මුවඟ සිනා කැන් සැමදා රැදෙන්නට

වේවා සුභ දිනක් මගේ කුමරි හට….

මේ කතා පොත කියවන් යද්දි සමනලීගේ ඇස් වලට කදුලු ආවා….. දුක හිතිලා නෙවී…. සතුටු කදුලු…. ඇත්තටම මේ තෑග්ග ගැන කියන්න සමනලීට තේරෙන්නේ නෑ…. ඒ තෑග්ග වගේම අයිතිකාරයා කරන කියන හැම දේකින්ම සමනලී‍ට දැනෙන්නේ සුන්දර ආදරයක්, අවබෝධයක් වගේම ආරක්ෂාවක්……..

ඇත්තටම සමනලී හරිම වාසනාවන්තයි…… ඒ සමනලීගේ අයිතිකාරයා නිසයි…….

Advertisement
ප්‍රතිචාර 45 leave one →
  1. 2010 ජූලි 30 ප.ව. 10:06

    කෝ එතකොට සමණලී ඔය වගේ දෙයක් කරන්නවත් හිතුවේ නැද්ද ?. පව් වැඩේනේ.
    සදාතණික ආදරයකට සුබ පැතුම් සහෝදරී.

    • 2010 ජූලි 30 ප.ව. 10:15

      ඇයි නැත්තේ? සමනලීට ඒ ගැන කියන්න අමතක උනා නෙව!!! සමනලී තමයි මුලින්ම අයිතිකාරයාට ඒ වාගේ කතාවක් ලියලා දුන්නේ…. ඒත් ඒක හරිම සරල පුංචි කතා පොතක්…. අයිතිකාරයා ලීව මේ කතා පොත ඊට වඩා හුගාක් ලස්සනයි, නිර්මාණශීලියි……..
      ස්තූතියි හෙළයා 🙂

  2. 2010 ජූලි 30 ප.ව. 10:12

    ඇත්තටම සමනලී හරිම වාසනාවන්තයි…ඔය වාගෙ සොඳුරු සිතැත්තෙක් ලබන්න….සුබපැතුම්….:)…

  3. 2010 ජූලි 30 ප.ව. 10:25

    Wow Maxxa… මමත් කවද හරි දවසක ඔය වගේ වැඩක් කරනව 😛 දැන්ම කරනඩ කෙනෙක් නැහැනෙව 😛

  4. Indraj permalink
    2010 ජූලි 30 ප.ව. 10:30

    හරිම අපූරු තෑග්ගක් නෙ සමනලී, මේ වගේ තෑග්ගක වටිනාකම හිතාගන්නවත් බෑ. මම මේ මෙහෙම තෑග්ගක් දැක්කමයි. සමනලීගෙ අයිතිකාරයගෙ ආදරයෙ තරම හිතා ගන්න පුලුවන් මේ නිර්මාණය තුලින්. හැමෝටම ආදර්ශයක් මේක.
    මම ඔබ දෙපලටම සුභ පතනවා!!!!!!!!!!!!!.

    • 2010 ජූලි 30 ප.ව. 10:43

      බොහොම ස්තූතියි Indraj 🙂
      ඒ තෑග්ගේ වටිනාකම කියාගන්න බැහැ තමයි….. සමනලීගේ අතට මේ කතා පොත ගත්තාම දැනෙන හැගීමත් ඒ වාගෙම කියාගන්න තේරෙන්නේ නෑ…..

  5. Hasitha permalink
    2010 ජූලි 31 පෙ.ව. 5:14

    සමනළී අක්කාත් හසිත මලයට සිරා අයිඩියා එක්ක නෙව දුන්නේ. ඒක නෙමෙයි ඔය කතාව අපිත් එක්ක බෙදා ගන්න කැමැත්තක් නැද්ද ? අපිත් ආසයි කතාව අහන්න 🙂

  6. 2010 ජූලි 31 ප.ව. 12:13

    හරිම සුන්දර තිලිණයක්… මට මගේ අයිතිකාරයාව මතක් උනා…. ඔය දෙන්නාට හදවතින්ම සුබ පතනවා

  7. ෆා ද බ්ලොගී permalink
    2010 ජූලි 31 ප.ව. 1:01

    වා…ව්!! මං ෆුල් හොල්මං සමනළී.. මමත් එකඟයි shadow එක්ක.. ඔයා නම් හරිම වාසනා වන්තයි.. ඒ වගේම ඔයාගේ සමනළයත් හරිම ආදරණීය පුද්ගලයෙක් කියන එක දුන්න තෑග්ගයි ඒකට මහන්සි වෙලා තියෙන තරමින්ම තේරෙනවා.. දන්නවද?? කාටවත් ලේසියෙන් ඔය වගේ සුන්දර සරළ දේවල් කරන්න හිතෙන්නෑ. ගොඩාක් අය හිතන්නේ කාව හරි සතුටු කරන්න පුළුවන් මිල අධික තෑගි අරන් දීලා ඩිනර් අවුටින් ගිහිල්ලා විතරයි කියලා.. ඒත් මේ වගේ සුන්දර ක්‍රියාවකින් අපි (විශේෂයෙන් කෙල්ලෝ) කොච්චර නම් සතුටු වෙනවද කියලා අනිත් අය දන්නෑ..
    ආයෙත් කියනවා ඔන්න. ඔයා නම් හරිම වාසනාවන්තයි. ඔය ලස්සන ආදරේ සදාකල් පවතින්න මෙන්න මම ප්‍රාර්ථනාවක් කරා. සුභ පැතුම්!!

    • 2010 ජූලි 31 ප.ව. 9:28

      ගොඩාක් ස්තූතියි ෆා ද බ්ලොගී ….. 🙂
      ඔයා කීව දේවල් ඇත්තම ඇත්ත…… සමනලී වගේම සමනලීගේ අයිතිකාරයාත් පුංචි පුංචි දේවල් වල ලොකු වටිනාකම් දකිනවා…… අයිතිකාරයා දන්නවා සමනලීව හුගාක් සතුටින් තියන්න….. ඒක ඇත්තටම පුදුම හිතෙන තරම්…. සමනලීට ඒ ගැන කියන්න විස්තර කරන්න වචන නෑ…..

  8. 2010 ජූලි 31 ප.ව. 3:08

    සමන්ලී හුඟක් වාසනාවන්තයි

  9. ළමයා permalink
    2010 ජූලි 31 ප.ව. 3:26

    ෂා නියමයි නියමයි… සමනලීගේ අයිතිකාරයා වගේ වෙන්න හිතෙනවා මටත්.. හිහ් හී….

  10. 2010 ජූලි 31 ප.ව. 4:21

    ෂා ලබන්න පුළුවන් වටිනාම තෑග්ගක් නොවැ ලැබිල තියෙන්නේ…….නියමායි….

  11. 2010 ජූලි 31 ප.ව. 7:54

    හසිත අයිය කිව්ව වගේ මරු අයිඩියා එකක්නෙ අක්ක දුන්නේ….කරන්නම වටිනවා 😀

  12. 2010 අගෝස්තු 1 ප.ව. 8:20

    අම්මපා කොහොමද ඔය ‘අයිතිකාරයා‘ රෑ දොලහට ඕක ගෙනත් දුන්නේ? මෑන්ස් වවුලෙක්ද? 😀

  13. 2010 අගෝස්තු 1 ප.ව. 8:53

    සමනලී,
    මම මේ පෝස්ට් එක දැක්කෙ මගේ සීයගේ පොස්ට් එක දාන්නත් කලින්. මම පොස්ට් එක කියෙව්වත් කමෙන්ට් කරන්න වෙලාවක් තිබුනේ නෑ. මේ නං මාර වටින තෑග්ගක්. අයිතිකාරයා මේ තැග්ග හදන්න ඔයාලා හම්බවෙච්ච පළවෙනි දවසෙ ඉදලා මහන්සි වෙලා තියෙනවානේ. ඒකයි වටිනා කම වැඩි!!!

    ඔන්න උපන් දි​නේටයි, ඔයාගෙයි අයිතිකාරයගේ අනාගතේටයි මගෙනුයි, නදීගෙනුයි උණුසුම් සුබ පැතුම්!

    • 2010 අගෝස්තු 2 ප.ව. 12:03

      ස්තූතියි බුද්ධි අයියා සහ මැරියන් අක්කා දෙන්නාටම….. 🙂
      මේ තෑග්ග දෙන්න අයිතිකාරයා ගොඩාක් මහන්සි උනා අයියේ…. විභාග සේරම මැද….. එයාගේ අතින්ම මේක හදන්න…

  14. 2010 අගෝස්තු 2 පෙ.ව. 10:40

    ලස්සනයි, කියා ගන්න බැරි තරමට ලස්සනයි.

    සුන්දර හිතක් ඇති හොද අයිතිකාරයෙක්. ඇත්තටම වාසනාවත්තයි ඔයා සමනලී.

    ඔන්න ඕකටයි සැබෑ ආදරේ කියන්නේ,
    සල්ලි ගොඩක් දීලා අරන් දෙන තෑග්ගකට වඩා කොච්චරනම් වටින සදා මතකයේ රෑදෙන සිතට කොතරම් සතුටක් ගෙනෙන තෑග්ගක්ද? ඔය තෑග්ගෙ වටිනාකම නම් කියලා නිම කරන්න බැරිවෙයි නේද සමනලී…?

    සමනලීටයි අයිතිකාරයටයි ඔය සුන්දර අදාර කතාව සදාකල් පවතින්නට මම හදවතින්ම සුභ පැතුම් ගෙනෙනවා ..!!!

    • 2010 අගෝස්තු 2 ප.ව. 12:01

      මේ තෑග්ගේ වටිනාකම කියලා නිම කරන්න බෑ…… ඒක අතට ගනිද්දි දැනෙන හැඟීමත් ඒ වගේමයි…. ඔව් සමනලීගේ අයිතිකාරයා හරිම සුන්දර හිතක් තියෙන කෙනෙක්…. සමනලී මෙ තරම් වාසනාවන්ත බව සමනලීට තේරුම් ගියේ එයා සමනලීගේ අයිතිකාරයා උනාමයි

      ‍ගොඩක් ස්තූතියි jeewaninilanka …. 🙂

  15. 2010 අගෝස්තු 3 ප.ව. 1:30

    අනේ වාසනාවන්. මේ වගේ ආද‍ර කතා අහන්නත් ආසයි. දෙන්නටම මම ඔන්න සුභාසිරි පතනවා ජයෙන් ජයම ලැබෙන්න කියලා. ඔයාගෙ අයිතිකාරයනම් එල කොල්ලෙක් අම්මපා. 🙂

    ආ… පොඩ්ඩක් බැන්නට කමක් නැද්ද? මන් පොඩ්ඩක් බනින්න යන්නේ….
    මොනාද හලෝ… ටිකක් ලොකු රෙසලූශන් තියෙන ෆොටෝ ටිකක් දාන්න එපැයි. පොඩ්ඩක් අපිටත් කියවන්න. හිච්චංකිත‍ර ඒව දාලා මේලෝ අකුරක් පෙන්නෙ නෑ නෙව. 😦

    • 2010 අගෝස්තු 3 ප.ව. 10:01

      හපොයි! සමනලීත් කොටස් 2කින් ප්‍රතිචාර දක්වන්නම් 😀

      ගොඩාක් ස්තූතියි අනුරාධ සුබපැතුමට!!!! 🙂

      අඩුපාඩු පෙන්නුවාට සමනලී තරහ වෙන්නේ නෑ අනේ….. ඒත් ඉතින් සමනලී සහ අයිතිකාරයාගේ කතාව එහෙම ප්‍රසිද්ධීයේ දාන්න සමනලී සහ අයිතිකාරයා තාම සූදානම් නැති නිසයි low resolution pictures දැම්මේ….. ඒ කතාව ඔයාලා එක්ක බෙදාගන්න දවසක් ආව ගමන් ඒක පළකරන්නම්කෝ…. 🙂

  16. 2010 අගෝස්තු 22 ප.ව. 2:15

    ලස්සනයි…ඒත් ඇයි මෙච්චර ආදරෙන් ඉන්න සමනළියි සමනළිගේ අයිතිකාරයයි ඈක් උනේ?ඒ කිව්වේ සමනලී අයිතිකාරයටම අයිති නොවී යාලුවෝ විතරක්ම උනේ ඇයි?
    අනවශ්‍ය දෙයක් නම් ඇහුවේ මං සමනලී මට සමාවෙන්න ඕං

  17. sansarasidu permalink
    2010 අගෝස්තු 29 ප.ව. 12:50

    ඇත්තටම සමනලී හරි ම වාසනාවන්තයි… ඒ වගේ අයිතිකාරයෙක් ලබන්න…

    සරල දේවලින් කොච්චර දුරට ආදරයක් දෙන්න පුළුවන්ද ? කියන එකට මේක හොඳම නිදසුනක්!
    සමනලීගේ අයිතිකාරයා ඇත්තටම සමනලී ගැන ගොඩක් හිතන කෙනෙක්! එයා මේ වටිනා තෑග්ග වෙනුවෙන් වෙච්චි මහන්සියෙන්ම ඒක පේනවා….

    ඇත්තටම ඔය දෙන්නට සදාතනික ආදරයකට මං මුළු හදවතින්ම සුබපතනවා….

  18. 2010 සැප්තැම්බර් 1 ප.ව. 7:06

    maru maru…

  19. 2010 ඔක්තෝබර් 19 ප.ව. 7:48

    මට හිතාගන්න බැරිව හිටියේ මගේ සමනලීට මොනාද දෙන්නේ කියලා . මේවගේ එකක් දෙනවා , අනේ මන්දා දීලත් බෑ … නොදිත් බෑ .

    • 2010 නොවැම්බර් 13 ප.ව. 5:17

      මේ වාගේ තෑග්ගක් ලැබුවාම සමනලී සතුටු උන තරම් දන්නේ සමනලී තමයි…. ඉතින් ඈයි මීටත් ව​ඩා හොද අලුත් විදියේ නිර්මාණයක් ගැන නොහිතන්නේ?? ලස්සනම ලස්සන හදවතට දැනෙන තෑග්ගක් දෙන්න සමනලීගෙනුත් සුභ පැතුම්!!!

  20. thawa samanaliyak permalink
    2010 දෙසැම්බර් 8 ප.ව. 1:38

    adare karana kaleta ohoma thamai.apith oya wagema aurudu ganak adare kala.den eya mage sahakaruwa.apita den punchi patiyekuth lebenna lagai.jeewithe kalen kaleta adare karana heti wenas wenawa.eka thamai aththa.oya dannawada meeta aurudu 10 kata kalin eya mata dunnu toffee wala kola pawa thama api gawa thiyanawa.ewa sundara mathaka satahan .matath oya wagema pothak eyagen lebuna.mata eka den mathak una.kalaya mona tharam apiwa wenas kalath api thawama adaren innawa.hebei samahara welawata api randu wenawa, “issara nam kohomada kiuwe kiyala.”

    • 2010 දෙසැම්බර් 8 ප.ව. 8:37

      ඇත්ත…. එහෙනම් ඔන්න ඔයා දන්නවා සමනලීට දැනෙන විදිය… ගොඩාක් දේ ඒ වගේම තමයි.. සමනලීත් අයිතිකාරයත් දෙන්නම අපි අතර සිද්ධ වෙන පුංචිම දේත් මතක සටහන් එකතු කරනවා, ටොපි කොල චොකලට් කොල, බස් ටිකට්…… 🙂 ඒවයේ ගොඩාක් ලස්සන මතක සටහන් රැදිලා තියෙනවා. දෙන්නගෙන් කාට උනත් චොකලට් එකක් ලැබුනොත් එහෙම අනිත් කෙනා එක්ක ඒක කන්න මග බලන් ඉන්නවා… කෑවට පස්සේ කොලේ දෙකට බෙදාගෙන තියාගන්නවා. ඔයාගේ වගේම ලස්සන ලෝකයක් ගොඩනගන්නයි සමනලී එක්ක අයිතිකාරයා මහන්සි වෙන්නේ….
      ස්තූතියි ඔයාගේ ජීවිතේ ලස්සන කතාවත් සමනලී එක්ක කීවට 🙂 ඒ ලස්සන ඔයාලා දෙන්නගේ ජීවිතේ හැමදාම පවතින්න කියලා සමනලී අයිතිකාරයා එක්කම ප්‍රාර්තනා කරනවා!!!
      ආයෙත් දවසක ඇවිත් යන්න එන්න…..

  21. Otuwa permalink
    2010 දෙසැම්බර් 28 ප.ව. 4:08

    E kiyanne oya denna chocolate eka kaalaa e madiwata perethakamata eke koleth kanawada? Hapooooooooooooo! 😛
    Anyway Suba pathum!!

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: