අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා…….
පියුම් නොපිපෙයි අතු අගින් අද තුරු මුදුන් ඈත මැලවිලා
සොවින් වැලපෙන කුරුලු ගී පද කදුලු දෙනෙතට ලං කලා
පාලු අහසට දරනු බැරි බර කදුලු වැසි පොද දියකලා
මල් සුවද නැති බොල් සුලග දැවටෙයි සුසුම් වැල් පුරවලා
සදේ එළියෙන් කුමුදු නොපිපෙයි රිදී විල් දිය සැගවිලා
තරුද නොදිලෙන හිස් අහස මගෙ සිතේ කැඩපත් රුව වෙලා
හදේ සෝ දුක් සුසුම් රැලි වල වලා සේලය පැටලිලා
හිරුත් දෙවැනියි නැගෙන දුක් ගිනි දවන මා හද රිදවලා
රුව දකිනු නැති වදන් නොඈසෙන දුරක ඉන්නට සිදුවෙලා
සෙනෙහෙ වදනින් පිරෙන දෙසවන් වැසී පාලුව රජවෙලා
සිනා මල් සහසක් මැදින් දැවටෙන්න ඔබ ලග සැනසිලා
අනේ ඔබ නැති රුදුරු කල්පය කවදා යාවිද ගතවෙලා
පාලුවෙන් තැවෙන සමනලීගෙනි…
සමනලී අක්කියගේ දුක ඉතිං අපිට තේරෙනව.
කෝ කෝ ඉක්මණට ඔය අත්තටු සනීප කරගන්නකෝ.එතකොට පුළුහන්වෙයි ආයෙත් පියාඹලා ගිහින් ළගම දැවටි දැවටි ඉන්න….වෙනකවුරුවත් ළග නෙමේ අනේ අර ආදර සමනළයා ළග…..
දැන් කොහොමද කකුල අක්කියෝ?
අනේ ඒකනේ දැන් නම් සමනලීට පාලුව ඉවසගන්න බැරි තරම් 😦
කකුල සනීප වෙන්න තව ගොඩාක් දවස් යාවී
බොහොම ස්තූතියි සමනලීගේ දුක සැප බෙදාගන්න මේ පැත්තේ එනවට….
නැඟුනු හිරුමල සිනාසෙයි හිඳ අහස් ගැබ මැද නිල් වලා,
පිපුණු සියපත සුවඳ විඳිනට බමර කැල එයි මත් වෙලා,
රැඳුනු නෙතු අග කඳුලු බිඳු ඔබෙ සෙමින් සිපගමි ලංවෙලා,
රුදුරු කල්පය නිමාවූ වග සොඳුර පවසමි හිනැහිලා,
හරිම ලස්සන පබැදුමක්….. ඈත්තමයි
ගොඩාක් ස්තූතියි රවි!!! 🙂
“ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටද,
ඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද?“
(මම නං නෙමෙයි මේක ලිව්වේ, සුනිල් සර් ගෙ නිර්මාණයක්)
ම්…. ඒ කියලා තියෙන කතාවත් ඈත්තම තමයි….
ස්තූතියි ඉන්දරේ 🙂
ලස්සනයි අප්පා, මට ඒකට කියන්න වචන නම් නෑ…
හානේ!! මේ ගෝල්ඩ් ෆිෂ් පීනලා පීනලා ඈවිත්නේ පුංචි සමනලීව බලන්න….. බොහොම ස්තූතියි 🙂