පුංචි සමනලීගේ අයිතිකාරයාට සෙනෙහසින්……
හඩන මහ අහස හැර
වැටෙන වැහි බිදුව මම
නොරිදවා නිතින
තුරුලේ හොවන පොළොව ඔබ
නෙක තරු මැද දිලෙන
පුංචි තරු කැටය මම
ඒ තරුව හැඩ මවන
මහා හිරු කිරණ ඔබ
නුබ ගැබේ පාව යන
වලාකුලු කුමරි මම
හමා යන නිති රැදෙන
රකින මහ සුළග ඔබ
සිසිල ගෙන හරි හැඩට
ගලන නිල් නදිය මම
සුරත ගෙන සැනසෙන්න
මග බලන සයුර ඔබ
පිපී රග දෙන සුවද
පැහැ පිරුන කුසුම මම
බඹර නෙතු වසා මා
රකින තුරු මුදුන ඔබ
දහසකුත් නෙතු අතර
නොනැවතුනු දෙනෙත මම
පැතූ සෙනෙහසින් ඒ
දෙනෙතෙ ඇදි රුවයි ඔබ
රුදු දනන් මැදින්
පය තබමි දිවි ගමන දුර
තබන පය සුරැක මග
එළි කරන දෙවිදු ඔබ
සෙනෙහෙ රැකවරණ පිරි
සොදුරු සිත් අහස ඔබ
කිරුළු රැදි රැජින ඔබේ
හදේ සමනලීය මම
පුංචි සමනලීගේ ආදරණීය අයිතිකාරයාට සෙනෙහසිනි………….
ඇත්තටම සමනලී ලියල ඉවර කළේ තව ලිව්ව මදි කියල හිතෙදිදි නේද? ඉවර කරන්න ඔන නිසා මිසක් ඉවර උන නිසා නෙමෙයි නේද, කොහොමද නතර කරන්නෙ කියල හිතාගන්න බැරුවනේද?
සහතික ඈත්ත!! ඈත්තටම සමනලීට මෙහෙම කියාගන්න තේරෙන්නේ නෑ අයිතිකාරයා ගැන… එයා සමනලීගේ ලෝකෙට ආපු දවසේ ඉදන් සමනලීගේ ලෝකේ නොහිතපු විදියට ලස්සන උනා…….
ස්තූතියි දයියා සමනලීගේ සිතැගි බලන්න ආවට වගේම ඒක තේරුම් ගත්තට 🙂
ආ… අයිතිකාරයට ලියපු එක ඔන්න මමත් වැරදිලා කියෙව්වා.! දැං මොනාද කරන්නෙ
හැබෑට දැන් මොකෝ කරන්නේ???? 😀 කියවපු එකේ ඒ ගැන හිතුනු දෙයක් කියලා යන්නකෝ ඉතින්…. ස්තූතියි මේ පැත්තේ ආවාට බුද්ධි අයියේ…. 🙂
ඔයාගෙ ආදරේ හරි සුන්දරයි කියලා මට හිතෙනවා.මං හරි නේද?වරදින්න නම් කොහෙත්ම ඉඩ නෑ.එහෙනම් දෙන්නටම හදවතින්ම සුභ පතලා මං ගියා.
ස්තූතියි තරු අහස…!
සමනලීගේ ආදරේ සුන්දර කරලා දුන්නේ අයිතිකාරයා තමයි… තරු අහස කොහෙත්ම වැරදි නෑ…
ගියාට කමක් නෑ ඒත් ආයත් තරු පිරිවරන් සමනලීගේ ඉසව්වට පායන්න, සමනලීත් ඉස්පාසුවක් ලැබෙන හැටියට තරු අහසේ පියඹන්න එන්නම්කෝ.. 🙂
ලස්සන දවසක ලස්සන දෙයක් බලලා,,,ලස්සන හැගුම් ගොන්නක් හිමි ආදරයක් විඳින සමනල් හිතට මගෙන් සුබ පතුමක්…ruwan kumara meddege
බොහොම ස්තූතියි ruwan kumara 🙂
ඉතාමත් ලස්සනට ලියලා තියෙනවා නංගී ඔයා, මගෙනුත් ඔයාට සුභ පැතුම්!
ස්තූතියි dusika 🙂
තටු සනීපද සමණළියේ….
අනේ තාමත් සනීප නෑ වත් අක්කා… ස්තූතියි සමනලීගේ දුක සැප බෙදාගන්න එනවට. ඒක සමනලීට හිතට ලොකු සතුටක් ගේනවා… 🙂
ඔයාගෙ කකුල හොදද?
අනේ තාමත් නෑ…. 😦
ස්තූතියි කල්හාර සමනලීගේ දුක සැප හොයලා බලන්න මේ පැත්තේ ආවට… ආයෙත් ඈව්ත් යන්න එන්න…