අන්තර්ගතයට පනින්න

සමනලීගේ අයිතිකාරයා රැකියාවට යන්නට පටන් ගනියි…..

2010 දෙසැම්බර් 5

දේදුන්නේ පාට අරන් කදුලු බිදක් එකතු කරන්
හිරුට හොරෙන් සදුට හොරෙන් පුලුන් වලා පින්සලයෙන්
අපි දෙන්නා හෙමින් හෙමින්  මැවු සොදුරු සිහින රුවන්
නෙතු අද්දර බොද නොවේවි මට විස්වාසයි

රුදුරු දනන් නපුරු සිතින් කලත් නේක හිරිහැරයන්
තරහ සිතක් නැතිව සොදින් අපි දෙන්නා ඉවසීමෙන්
හදේ පිරූ මිහිරි පැතුම් නොවී කිසිත් බාධාවන්
සිත් අහසේ සැබෑ වේවි මට විස්වාසයි

බිදුව බිදුව එකතු කරන් බාධක සැම පසුකරමින්
ඉදිරියටම ඇදෙන සුනිල් සිසිල පිරුනු නදිය ලෙසින්
නොවැටී කිසි විපත් වලින් සිතේ පිරුණු දිරි බලයෙන්
නුඹ දිවි මග ජය ලබාවි මට විස්වාසයි

නිසි ලෙස යොදවා දැනුමන් පෙන්වා අපමණ දස්කම්
ඉටු කොට කල යුතු යුතුකම් ලබමින් සැම දන පැසසුම්
පියවර එක එක තබම්න් දියුණුව ඉහලටම යමින්
ලොකු මහතෙකු වෙයි ඔබ මට එය විස්වාසයි

අපේ සිහින සැබෑ කරන් අපේ පැතුම් සැම දිනමින්
අපි දෙන්නා සොදුරු සිතින් දිවි මග සරසමු සෙනෙහෙන්
සියලු සතුට දී මතු දින සනසා දරුවෙකු විලසින්
අදරින් මා රකීවි
නුඹ මට විස්වාසයි

සමනලීට ඔන්න හරිම සතුටුයි..!! ඒ වගේම ටිකක් දුකයි… ම්… ඒ මොකද සතුටුයි දුකයි දෙකම????

මේකනේ හේතුව දැන් සමනලීගේ අයිතිකාරයා ලොකු අයිතිකාරයෙක්, එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් රස්සාවකට යන්න පටන් ගත්තා. ඉතින් සමනලීට හරි සතුටුයි එයාගේ අයිතිකාරයා දැන් ජීවිතේ දුර ගමනක් යන්න පටන් අරන්. ගොඩාක් බලාපොරොත්තු හිතේ පුරෝගෙන ලස්සන හීන ගොඩාක් තියෙනවා හැබෑ කරගන්න…. ඒ හැම දෙයක්ම වෙනුවෙන් සමනලීගෙ අයිතිකාරයා හුගක් මහන්සි වෙනවා, වෙහෙස මහන්සිය ​නොබලා කැප වෙනවා..

ඉතින් අයිතිකාරයා හැමදාමත් පොරොන්දු උනා සමනලී එක්ක එකතු වෙලා අනාගතේ ගැන ඇදපු ලස්සන හීන සිතුවම් එකක් වත් නැතිවෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. පුංචි තැනකින් පටන් අරන් යන්න පුලුවන් ඉහලම තැනට අයිතිකාරයා යාවී. සමනලී පුලුවන් හැම විදියෙන්ම අයිතිකාරයාට ශක්තියක් වෙන්න මහන්සි වෙනවා… අයිතිකාරයා කියන්නේ එයා ඒ හැමදෙයක්ම කරන්නේ සමනලී වෙනුවෙන් කියලයි… අපි දෙන්නගේ අනාගතේ වෙනුවෙන් කියලයි…. ඉතින් මීට වඩා වෙන මොනවද ඕනා සමනලීට සතුටු වෙන්න??? සමනලී කොයිතරම් වාසනාවන්තද…

ආ දුක හිතුනේ ඇයි එතකොට????? අනේ දැන් ඉතින් අයිතිකාරයාට රස්සාවට යන්න වෙලා නිසා සමනලීට අයිතිකාරයාව දකින්න කතාකරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්නේ.. ඒ පාලුව දරා ගන්න බැරි තරමි.. ඒකයි දුක හිතුනේ

මේ කවි පෙල ලීවේ සමනලීගේ ඒ සොදුරු අයිතිකාරයා වෙනුවෙන්….

මගේ සුදු මේ පටන් ගත්ත ජීවිතේ අලුත් ගමන කිසිම කරදරයක් නොවී දවසෙන් දවස දියුණූව ලැබිලා ඉහලටම යන්න ඔයාට පුලුවන් වෙන්න ඔයාගේ පුංචි සමනලී ගොඩාක් ආදරෙන් සුභ පතනවා!!!! අයිතිකාරයා සමනලීව හරිම ආදරෙන් පරිස්සම් කරලා බලාගන්න ලස්සන අනාගතයක් සමනලී වෙනුවෙන්, අපි දෙන්නා වෙනුවෙන් උදා කරලා දෙන බව සමනලීට විස්වාසයි… සත්තකින්ම…..

සමනලීගේ අයිතිකාරයාට තෙරුවණ් සරණයි!!!!

Advertisement
ප්‍රතිචාර 30 leave one →
  1. මාරයා... permalink
    2010 දෙසැම්බර් 5 ප.ව. 5:54

    දැන් ඔහොම කියාගෙන ගිහිං තව ටික දවසකින්..ගෙවල් හදන හැටි කසාද බදින හැටි..ළමයි හදන හැටි..ඒ ළමයි ඉස්කෝලේ දාන හැටි..අම්මෙ..
    සෑහෙන ලිපි ටිකක් තියෙනවනේ ඉස්සරහට කියවන්න..

    කමක් නැහැ කොහොම හරි වෙලාව හොයාගන්නං කෝ..සුභ පැතුම් නගේ…

    • 2010 දෙසැම්බර් 5 ප.ව. 6:07

      අනේ ඈත්තමයි මාරයා අයියේ ඒ දේවල් සේරම ගැන හීන ගොඩාක් තියෙනවා… ඒවා හීන විතරක්ම නොවී ඈත්තම ඈත්ත කරන්න පුලුවන් කියලා සමනලීයි අයිතිකාරයයි දෙන්නම විස්වාස කරනවා… ස්තූතියි අයියේ සුබපැතුම් වලට..! ඒ අනික් හීනත් හැබෑ වෙලා ඒවටත් අයියට සුබපතන්න ලැබෙන්න ඕනා……

  2. 2010 දෙසැම්බර් 5 ප.ව. 5:58

    ජයෙන් ජය ලබන්නට ඉසුරින් ඉසුරුමත් වෙන්නට

    හදවතින්ම ..ඉලංදාරියාගෙන් සුබ පෑතුම්

    බුදුසරණයි…!!!!!!

  3. 2010 දෙසැම්බර් 5 ප.ව. 6:05

    කොයි තරම් නම් සතුටක්ද මේ කියවන මටත්.හරි ලස්සන අහිංසක සමනළ ජෝඩුවක්..හැමදාම ආවම සුභ පතන්නම තමයි වෙන්නෙ.ඒක කොයි තරම් හොයිද?ඔයාගේ ජීවිතේ ඔය ලස්සන හැමදාම තියෙන බව මට විශ්වාසයි.ආ..මෙන්න මගෙන් පුංචි තරු කැටයක් ඔය ලස්සන ආදරේ වෙනුවෙන්.බලන්න අද අහස දිහා..ඔන්න මම ලස්සනට හැදුවා..ලෝකෙටම කියන්න මගේ යාළුවෙක් හරි සතුටින් කියලා.

    • 2010 දෙසැම්බර් 5 ප.ව. 6:16

      ස්තූතියි තරු අහස…!! 🙂 මේ සතුට මේ විදියට තියාගන්න ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න උනා… ලගින්ම ඉදන් හතුරුකම් කරන අය එක්ක බොහොම පරිස්සමින් වැඩ කරන්නත් උනා… ඒත් සමනලීයි අයිතිකාරයයි දෙන්නම එකතු උනාම ඕන ​දේකට මුණදෙන්න පුලුවන්… සමනලීගේ ජීවිතේ තවත් ලස්සන කරන්නයි අයිතිකාරයා දැන් මහන්සි වෙන්නේ, තව දුර ගමනක් තියෙනව අපි අපේම වෙන හීනේ හැබෑ කරගන්න…. ඔව් තරු අහස සමනලී මේ ලස්සන හැමදාම තියාගන්නම්. හැමදාමත් රෑ අහස බලද්දි ලස්සන පුංචි තරු කැටයක් සමනලීට මතක් කරාවි සුන්දර යාලුවෙකුගේ සුබපැතුම….

  4. 2010 දෙසැම්බර් 5 ප.ව. 6:30

    ෂහ්! මරු නොවැ 🙂
    ඔන්න මගෙනුත් සුබපැතුම් දුන්නැයි කියන්ට හොඳේ! 🙂

  5. 2010 දෙසැම්බර් 5 ප.ව. 7:19

    අහ් සමනලී අක්කගේ හබියට ජෝබ් එකක් ලැබිලා නේද…චෝයි චෝයි….

    කෝ කෝ ඉතිං තරහා නැතිව දෙන්නම දොහොත් මුදුන්දී වැඳගත්තනම්…..

    ඕන් රීං කට්ටු කට්ටු සල්ලි මල්ලි දෙයියන්ගේ කිව්වලු…..ඕන් මේ අපේ සමනලී අක්කගේ හබියා නොහොත් (c)handi සමනලයා හා හා පුරා කියා ලැබු ජෝබ් එක ඉතාමත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්නත් කඩු කිණිසි බ්ලේඩ් බකට් බාල්දි ඇතුළු සියළුම බාධක සුන්නත්දූලී වෙන්නත් සමනලී‍ගේත් සමනලයා‍ගේත් සතුට ආදරය උත්සාහය මේ තියෙනවටත් වඩා වැඩිවෙන්නත්…දෙන්නම කරන කියන හැමදේම හිතනවටත් වඩා සාර්ථක වෙන්නත් දැනටත් ඇඳ සිහින සිතුවම් මෙන්ම ඇඳීමට නියමිත සිහින සිතුවමුත් ඒ ආකාරයෙන්ම සඵල වෙන්නත් කියලා හසියා හදවතින්ම සුභ පතනවා මේ මුළු හදවතින්ම සහ බොක්කෙන්ම 4:1 අනුපාතය යටතේ කිරාමැන සෙල්ෂියස් අංශක 278.32 ක් උෂ්ණත්වයක් යටතේ බේක් කර ඒ උඩින් හසියාගේ උණුසුම් සුභපැතුම් පත්පැණි සමඟ වත්කර දෙන්නාට සම සමව බෙදා දෙමි කන්ට බැරිනම් වළඳන්ට……

    කෝ දෙන්නම කෑවනම්….

    එහෙනම් හසියා වාෂ්ප වුණා….
    ඒසවඃ පුඃ

    • 2010 දෙසැම්බර් 5 ප.ව. 7:51

      හී හී 😀 😀 😀 හරිම ෂෝයි සුබ පැතුමක්නේ….!!!! ස්තූතියි ස්තූතියි හසියා මල්ලියෝ…….. 🙂
      ඒ කියලා තියෙන දේවල් සේරම එහෙමම වෙයි නේද? ඔන්න එහෙනම් සමනලී අයිතිකාරයා එක්කම ඒ සුබපැතුම ලබාගත්තා හොදේ????

  6. 2010 දෙසැම්බර් 5 ප.ව. 7:42

    මගෙනුත් සුබ පැතුම්…

  7. 2010 දෙසැම්බර් 5 ප.ව. 8:27

    ඔන්න එහෙනම් මමත් සුභ පැතුවය කියන්න හොදේ…..

  8. indraj permalink
    2010 දෙසැම්බර් 5 ප.ව. 10:00

    ඔන්න දැන් සමන්ලීගෙ අයිතිකාරය කවුද කියල උපකල්පනය කරගන්න පුලුවන් විමසිල්ලෙන් බ්ලොග් කියවන කෙනෙකුට.

    සුභ පතනව ලැබුවාවූ නව රැකියව හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍ය එතුමාට ලැබේවා කියල .
    දැන් කවද්ද සමනලී රස්සාවකට යන්නෙ එතකොට ගෙදරට වෙලා ඉන්නද කල්පනාව?.

    • 2010 දෙසැම්බර් 6 පෙ.ව. 7:21

      ස්තූතියි indraj 🙂
      ම්….. ඒ කොහොමද එහෙම උපකල්පනය කරන්නේ? සමනලීගේ අයිතිකාරයා බ්ලොග් ලියන කෙනෙක් එහෙම නෙවීනේ???
      නෑ නෑ සමනලීගේ විශේෂ උපාධියේ වැ​ඩ කටයුතු අවසන් වෙන්න තව ට්කක් කල් යනවා, ඉන්පස්සේ සමනලීත් රස්සාවකට යනවා ඒ වගේම තවත් ඉහලට ඉගෙන ගන්නවා… හැමදේම පිටිපස්සෙන් අයිතිකාරයා ශක්තියක් වෙලා ඉදීවි…..

  9. 2010 දෙසැම්බර් 5 ප.ව. 10:08

    සුභ පැතුම් සමනලීටයි අයිතිකාරයාටයි!

  10. 2010 දෙසැම්බර් 6 පෙ.ව. 9:16

    ඔය තියෙන්නේ ස්ටාර්ට් එක.. ඊට පස්සේ දෙන්නා සාරි ඉරලා ජනෙල් වලට දාලා, ලුණුයි බතුයි කාලා ජීවත්වෙන්නේ ඕන..

    අයිතිකාරයාට හරියන්න කියලා පතනවා!

    • 2010 දෙසැම්බර් 7 ප.ව. 9:41

      ස්තූතියි සමීර…!! 🙂
      ඈත්තටම බොහොම සතුටින් කාටත් කරදරයක් නැතිව අපේ දෙමාපියන්වත් ආදරෙන් බලාගෙන සතුටින් ජීවිතේ පුරාම එකට ඉන්නයි මේ මහන්සි වෙන්නේ…

  11. jana permalink
    2010 දෙසැම්බර් 6 ප.ව. 1:53

    Suba Gaman !!

  12. Otuwa permalink
    2010 දෙසැම්බර් 7 ප.ව. 2:44

    Magenut salamanayatat samanalee tat suba pathum……me by the way samanalee..maath dan nikam wage dannawa oya aytikaraya kawda kiyala 😛

  13. 2010 දෙසැම්බර් 7 ප.ව. 4:46

    මගෙනුත් සුබපැතුම්

  14. Hasitha permalink
    2010 දෙසැම්බර් 14 ප.ව. 10:27

    සමනළීටත් අයිතිකාරයාටත් ජයෙන් ජයම වේවා………….

  15. 2011 පෙබරවාරි 14 ප.ව. 5:40

    මගෙ හිතේ මං සෑහෙන්න පරක්කුයි. ඒත් සුභ පැතුමකට කොයින්ද කාලෙ වෙනසක්. සමනලීගෙයි අයිතිකාරයගෙයි අනාගතය වෙනුවෙන් ඔන්න මාත් සුභ පැතුව. හැමදාටම ආදරෙන්, සතුටින් ජීවිතේට මූණ දෙන්න හයිය හත්තිය ලැබෙන්ට ඕනෙ දෙන්නටම. සුභ ගමන් අයිතිකාරයා !

    • 2011 පෙබරවාරි 14 ප.ව. 9:10

      අනේ ඒක ඇත්ත සුබපැතුමකට කොහෙන්ද කාල සීමාවක්…. ගොඩාක් ස්තූතියි නවම්…. සමනලී අයිතිකාරයාට කියන්නම් ඔයාගේ සුබපැතුම 🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: