සමනලී නැවතත් පියාඹයි……
මතකද අර බස් එකකින් වැටිලා තටුවක් බිදගෙන එක්තැන් උන පුංචි සමනලීව???? ආ මතකයි මතකයි නේද…… අනේ ඉතින් අන්න ඒ සමනලී දැන් හොදටම සනීප වෙලා ආයෙත් ඉස්සර වාගේම පියාඹන්නයි මේ ලෑස්තිය.
ඒ ගෙවුනු කාලේ අමාරුවෙන් ගෙව්වත් ඒක ජීවිතේට හොද දේවලුත් ගෙනාවා. විශේෂයෙන් සමනලීට යාලුවෝ කොයිතරම් ආදරේද, එයාලා කොයිතරම් හොදට සමනලීව තේරුම් අරන්ද කියලා ඒ ගෙවුනු කාලේ සමනලී හොදටම තේරුම් ගත්තා. සමනලීට වෙච්ච දේ අහලා යාලුවෝ දුක් වෙද්දි “එයාට ඕක උනාට හොද වැඩේ” කියලා සතුටු වෙච්ච කෙනෙකුත් ඉදලා තියෙනවා. ඒ කෙනා සමනලී ගැන කියාපු කතා එක්කම ඒ සේරම දේවල් යාලුවෝ සමනලීට කීවා. ඒ වගේ පහත් කෙනෙක්ගේ කතා අහලා සමනලී ගැන වැරදියට කිසිම දෙයක් නොහිතපු ඒ හොදම හොද යාලුවෝ ගැන සමනලී සතුටු වෙනවා වගේම අර කෙනා ගැන ඇත්තටම දුකකුත් හිතෙනවා. කෙනෙක් වට්ටන්න කපාපු වලේ දැන් එයාම වැටිලා, අනෙක් අය එයා දිහා බලන සහ හිතන විදිය දැක්කාම ඇත්තටම පවු කියලා හිතෙනවා….. ඒ කෙනාගෙනුත් ඉතින් සමනලී ජීවිතේට යමක් ඉගෙන ගත්තා….
අනුන්ව කපලා තමුන් කැපිලා පේන්න මහන්සි වෙන අය නිකන්ම කැපිලා යනවා…
ඒ කෙනා ඇරුණාම අනෙක් යාලුවෝ සේරම එකට එකතු වෙලා ඒ අමාරු කාලේ සමනලීට ගොඩක් උදවු කලා, සමනලිව තනි කලේ නෑ….. ඒ හැමෝටම බොහොම පිං…….
ඒ ගෙවුනු කාලේ සමනලීගෙයි අයිතිකාරයාගෙයි ආදරේ තරම කොයිතරම්ද කියලත් සමනලීට දැනුනා. ඉස්සර හැමදාම සමනලීව පරිස්සමට ගෙදර කිට්ටුවටම එක්කන් ආපු අයිතිකාරයා නොදැක මාස ගානක් දුකින් ගෙවන්න සිද්ධ උනත් ඒ කාලෙදි අයිතිකාරයාගේ ආදරේ තව තවත් වැඩියෙන් සමනලිට දැනුනා. පොඩි දරුවෙක් ගැන හොයාබලන තාත්තා කෙනෙක් වගෙයි වෙලාවකට සමනලී කෑවද? සනීපෙන් ඉන්නවද? පාඩම් කරනවද? මේ හැමදේම අයිතිකාරයා හොයලා බැලුවා මොහොතින් මොහොත…. සමනලීත් අයිතිකාරයත් තව තවත් ආදරෙන් බැදුනා කීවොත් හරි…. ඒ ආදරේ මහමෙරක් වගෙයි… ඒ තරම් ලස්සන හිතක්, ආදරයක්, අවබෝධයක්, විස්වාසයක් ලබන්න සමනලී මේ තරම් වාසනාවන්තද කියලා හිතෙනකොටත් පුදුමයි….
සමනලීගේ අයිතිකාරයා දැන් බොහොම කාර්යබහුලයි කීවා මතක ඇති නෙව? නැත්නම් මේන්න මේක බලලා හිටින්නකෝ….. මේ ගෙවෙන්නේ සමනලීගේ විශ්වවිද්‍යාල ජීවිතේ අවසාන කොටස…. ඉතින් අවසන් වසර ව්‍යාපෘතිය සහ විභාගේ එක්ක සමනලීටත් සනීප උන ගමන්ම වයින් කරාපු බෝනික්කෙක් වගේ ඉස්පාසුවක් නැතිව වැඩ කරන්න වෙලා ඕං !!!
ඉතින් ඒ වැඩ රාජකාරි සේරම අතරින් ඕන්න සමනලී ආයෙත් මේ සයිබර් අවකාශේ ඉස්සර වාගේම සතුටින් සැහැල්ලුවෙන් පියාසලන්නයි සූදානම………
හැමෝටම සුබම සුබ ලස්සන දවසක්!!!!!
නැවත ආවාට ස්තුතියි!
ස්තූතියි සමනලීගේ ඉසව්වට ගොඩවැදුනාට
ජයවේවා! 🙂
ස්තූතියි ඉන්දරේ!!! 🙂
wellcome back blog is colourful nice theme
ස්තූතියි 🙂 මේ තීම් එක නම් wordpress theme එකක්… ඒත් header image design කලේ සමනලී…
exam walata all the best 🙂
ස්තූතියි 🙂
Samanalee Apahu Dakinna lebima sathutak 🙂 Samanaleetath Suba dawasak wewaa!! methana sinhala hada ganna beriwa inne mama ekai mehema type kale.. sorry honde 🙂
බොහොම ස්තූතියි 🙂 අනේ මොකටෙයි සොරි???
බොහොමත්ම සන්තෝෂයි, සමනලී, මගේ සුබ පැතුම්!!
ස්තූතියි රවි… 🙂
කල්පනාවෙන් වැඩකරන්න ඉස්පාසුවක් නැති වුණාට ,
උදව් කරපු යාළුවො කේළමුත් කියල නොවැ……
අනේ එහෙම නෙවී… ඒ අයටත් හිතා ගන්න බැරි වෙලා තිබුනා ඒ කෙනාගේ ඒ හැසිරීමයි සමනලී ගැන කියාපු දේවලුයි. එයාලත් ඒවා සමනලී එක්ක කීවේ බැරිම තැන වෙන්න ඕනා. කොහොම උනත් ලගින් ඉදන් පණ දෙන්න වගේ හැසිරිලා සමනලීව රවට්ටපු ඒ කෙනා නිසා සමනලී දැන් කවුරු උනත් විස්වාස කරන්න හරිම බයයි…..
Kawda habatama e kena…eyath blog liyanawa athi neda?mata nikam e wage danenawa
dan samanalaya thaththa kenek welada e kiyanne?
ආපෝ ඒවා එහෙම කියන්නේ නෑ…. තාත්තා කෙනෙක් වගේ වෙන්න ඇත්තටම තාත්තා කෙනෙක් වෙන්න ඹ්නා නෑ ඔටුවා….. එයා සමනලීට තාත්තා කෙනෙක් වාගේ තමයි…. එයාටත් සමනලීව පෙන්නේ පොඩි දරුවෙක් වාගේලු
ස්තූතියි ඹටුවා 🙂
අවංක ආදරේ පැහැය එහෙම තමයි සමනලී අක්කේ…….
අක්කට සනීප උනඑක ගැන අපිටත් සතුටුයි….මේ වගේ පොඩි සිද්ධියක් වුනහම අපිට අපේ අවට ඉන්න අය ගැන හොද අවබෝධයක් ගන්න පුළුහන්…අක්කාට ඔය අනතුර වෙන්න කලින් අක්කගේ සමනලයා ගැන හිතේ තිබ්බ ආදරේ දැන් වැඩි වෙලා….ඒ සමනලයා අවංක කෙනෙක් බව තව තවත් ඔප්පු වුන නිසා.කතාවෙන් වගේම ක්‍රියාවෙනුත්. එහෙම නේද?
ඉතිං කොයි දේ වෙන්නේත් හොදට නෙවේද?
පරිස්සමින් දෙන්නම ඉන්න ඕනි හොදද…ආයේ අඩව් අල්ලනවා එහෙම නෙවේ ඕන්….බුදු සරණයි දෙන්නටම….අහ් හැපි වැලන්ටයින් කිව්වා සමනලයාටයි සමනලීටයි…..
ඔව් ඇත්තටම හසියා… අයිතිකාරයා සමනලීට ගොඩාක් ආදරෙයි කියලා සමනලී දන්නවා ඒත් ජීවිතේ සිද්ධ වෙන හැම පොඩි පොඩි දේකින්ම පවා ඒ ආදරේ ඒ දැනන් හිටියටත් වඩා වැඩියි කියලා දැනෙනවා. එහෙම කෙනෙක් ලබන්න සමනලී හරිම වාසනාවන්ත වෙලා 🙂
ඒකනේ දැන්නම් සමනලී හරිම පරිස්සම් වෙනවා… මගේ අම්මේ ඒ වෙච්ච සන්තෑසිය මදැයි!!! සමනලීගේ ජීවිතේ දුකේදි සැපේදි මේ විදියට ඒවා බෙදාහදා ගන්න එන ඔයාලා වගේ හිත හොද කට්ටිය අදුරාගන්න ලැබීමත් සමනලීගේ ජීවිතේ තවත් එක වාසනාවක් 🙂
ගොඩාක් ස්තූතියි හසියා!!!!