අන්තර්ගතයට පනින්න

ආදරයේ සැබෑ අරුත දැනෙන සොදුරු වැලන්ටයින් දිනයක්….

2011 පෙබරවාරි 13


මුලු වසරටම එක් දිනක

පුරවා රතු රෝස මල් දසත

ගලපා සුබ පැතුම් පත් තුල

බෙදනා අරුත් සුන් ආදරය මැද

සැමදා මා ලගින් හිද

පුරවා මල් සුවද මගේ දිවියට

පබැදු ගීය විය ජීවන ගමන

ඔබේ සුන්දර සෙනෙහ‍ස……..

සරසා නේක හැඩවැඩ කොට

රදවා බොලද වදන් පෙල‍

කාසි බලයෙන් ආලය පෙන්වන

අරුමෝසම් හිස් තෑගි මැද

රුවට නොව මා හදට පෙම් බැද

ඔවා දී දිවි අරුත පෙන්වන

දිවියේ මා ලද සොදුරු ත්‍යාගය

නුඹයි මා ලද වටිනාම වස්තුව……

 

තවත් වැලන්ටයින් දිනයක් ඇවිත්. වෙනදා වගේම මේ සැරෙත් ආදරවන්තයෝ ඒ දිනය රතු රෝස මල්, චොකලට්, සුබපැතුම් පත් සහ තෑගි වලින් සමරන්න මහා ඉහලින් සූදානම් වෙනවා. ඇත්තටම මේ දිනය අපි සමරන්නේ ඇයි?

බොහෝ දෙනෙකුගේ මතය නම් “ආදරේ සමරන්න වෙනම දවසක් අවශ්‍ය නෑ“,   “ඇයි අනික් දවසට ආදරේ නැද්ද?“, “අපේ ආච්චිලා සීයලා ආදරේ කලේ ඔය විකාර නැතිව..“   වගේ දේවල්. සමනලී නම් මේ දිනය දකින්නේ මෙන්න මේ විදියටයි….

ආදරේ කියන දේ එක දවසකට සීමා වෙන්නේ නෑ තමයි. ඇත්ත ආදරේ හැම මොහොතෙම අපි ලගින්ම ඉන්නවා. ලෝකේ පුරා මේ දිනය නොයෙකුත් විශේෂ ආකාරයට සමරන නිසාම අපිත් ඒ විදියටම ඒක සමරන්න ඕනා නෑ. අපිට පුලුවනි වැලන්ටයින් දිනයට හොද අරුතක් දීලා ඒක වටිනා විදියට, අපේ විදියට සමරන්න.

ඒ දවස වෙන්වෙන්න ඕනා දෙදෙනෙක් අතර තියෙන ආදරේ ගැන වෙනමම විශේෂයෙන් හිතලා බලන්න. ඉස්පාසුවක් නැතිව යන්ත්‍ර වාගේ දුවන අද කාලේ ඒ දවසෙදි මොහොතක් හිතලා බලන්න…. ඉස්ඉස්සෙල්ලාම ආදරෙන් බැදුනු කාලේ තිබුනු නැවුම් ගතිය තාමත් ඒ දෙන්න ලග තියෙනවද? ඒ කාලේ ආදරේ වෙනුවෙන් දුන්න පොරොන්දු, දෙන්නම එකතු වෙලා පතාපු අනාගතය… ඒවායින් කීයක් මේ වෙද්දි සම්පූර්ණ වෙලාද? යමක් සම්පූර්ණ වෙලා නැත්නම් ඒ ඇයි? කොහොමද ඒක හරිගස්සන්නේ? ගෙවුනු අවුරුද්ද පුරාවට දෙන්නගේ ආදරේ කොයිතරම් ලස්සනට එකිනෙකාගේ ජීවිත හැඩ කලාද? හිත් රිදීමක් අතපසු වීමක් උනා නම් ඒ ගැන ආයේ හිතලා බලන්න ඒක නිවැරදි කරන්න…

සමනලී කියන්නේ නෑ වැලන්ටයින් දිනේට තෑගි, කාඩ් එපා කියලා….. වි‍ශේෂ සැමරුම් එපා කියලා…. ජීවිතේ වෙනසකටත් ඒක්ක ඒවත් ඕනා. ඒත් ඒ දේවල් සල්ලි වලින්ම මනින්න සරසන්න යන එකේ තේරුමක් නෑ.  පුලුවන් ලොකුම ගාන වියදම් කරලා නොවටිනා ගානට වැලන්ටයින් විකුණන මුදලාලිලාගේ කාඩ්පත් වල තෑගි වල සැබෑ ආදරය නැහැ. ආදරේ සමරන්න ඕනා හදවතින්…. වැඩ රාජකාරි වලින් ටිකක් මිදිලා නිස්කලංකව දෙන්න එක්ක සතුටින් ගෙවුනු අතීතය ගැන මතක් කරලා ආදරෙන් ලගට වෙලා කතා කර කර ඉන්න එක ලොකු හෝටලේක වැඩි ගානක ටිකට් අරන් ගිහින් සෙනග මැද වැලන්ටයින් පාටියේ කකා බිබී නටනවට වඩා හොද නැද්ද? අන්තිමේ නටපු ෆන් එක විතරයි හිතේ ඉතිරි ඒ වගේ අරුත්සුන් සැමරීමකින් ඉතිරි වෙන්නේ.

කොහොම කලත් ඒ  දිනය මේ විදිහට සතුටින් සමරන්න නම් ජීවිතේ හැමදාමත් ආදරේ හදවතින් සමරලා තියෙන්න ඕනා… රැවටීම් සෝබන මැද කිසි හැගීමක් නැතිව අනිත් අයව අනුකරණය කරමින් සල්ලි වලින් ආදරේ මැනපු ආදරේ පෙන්නපු අයට මේ විදිහට වැලන්ටයින් සමරන්න බැහැ. මොකද  ඒ අයට මතක් කරන්න තරම් සුන්දර අවස්ථා නැහැනේ….. තියෙන්නේ වියදම් කරපුවා, රවට්ටපුවා, අනුකරණය කරන්න ගිහින් වැරදුනු ඒවා වගේ තේරුමක් නැති හිස් දේවල් විතරයි.

තමුන්ගේ අතින්ම හදාපු සරල පුංචි කාඩ් එකක් එක්ක ඇය/ඔහු ආසා කරන පුංචි තෑග්ගක් තමුන්ගේ අතින්ම දීලා ගොඩාක් ආදරෙන් නලලට දෙන හාද්දක් එක්කම තමුන්ගේ හිතින් අවංකවම “මම ඔයාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ හැමදාම පවතින්න ඕනා“ කියලා පතන පැතුම තරම් වටින වැලන්ටයින් තෑග්ගක් මේ ලෝකේ වෙන කොහේවත් නැහැ කියලයි සමනලී නම් හිතන්නේ…..

සමනලී ආදරය කරන්න පටන් අරන් මහා කාලයක් නැහැ. සමනලී අයිතිකාරයාට මුලින්ම දුන්න වැලන්ටයින් තෑග්ග තාමත් අයිතිකාරයා හරිම ආසාවෙන් තියන් ඉන්නව වගේම ඒක හොදින් ප්‍රයෝජනයට ගන්නවා….. සමනලී එදා දුන්නේ බුදු පිලිමයක්……. අයිතිකාරයාගේ කාමරේ පාඩම් කරන තැනින් තියාගන්න…..

ආදරේ ගැන සමනලීට වඩා අත්දැකීම් තියන අය ඕනා තරම්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් කියලා යන්න….. සමනලී වැරදි නම් පෙන්වලා දෙන්න….. ඒ අදහස් සමනලීට වගේම හැමෝටම වටීවි…..

හැමෝටම ආදරයේ සැබෑ අරුත දැනෙන සොදුරු වැලන්ටයින් දිනයකට සමනලී සහ අයිතිකාරයාගෙන් සුබ පැතුම්…!! 🙂

ප්‍රතිචාර 19 leave one →
  1. පසන් sid permalink
    2011 පෙබරවාරි 13 ප.ව. 9:49

    සොදුරු වැලන්ටයින් දිනයකට අපෙනුත් සුභ පැතුම් 🙂

  2. 2011 පෙබරවාරි 14 පෙ.ව. 3:20

    රුවට නොව මා හදට පෙම් බැද
    ඔවා දී දිවි අරුත පෙන්වන
    දිවියේ මා ලද සොදුරු ත්‍යාගය
    නුඹයි මා ලද වටිනාම වස්තුව……

    එකගයි… ආදරේ කියන්නේ හැමදාම තියෙන දෙයක් ..එකට නාමික දිනයක් දිලා….
    ආදරේ තියෙනවා නම් හැමදාම වැලන්ටයින්… කිව්වත් වගේ අද දිනේ හොදයි ආදරවන්තයින්ට එයාලාගේ අතීතයට පොඩ්ඩක් කර පොවලා බලන්න ආපු පාර ගැන…සතුටු වෙන්න ..දුක් වෙන කොච්චර නම් දෙවල් නම් ඇද්ද..අද දවස රොස මලකට ..චොකො එකකට පුද කරනවාට වඩා අර්ථවත් දේකටයි යොමු විය යුත්තේ…

    • 2011 පෙබරවාරි 14 පෙ.ව. 5:24

      ස්තූතියි නිම්ශා….. ඒක ඇත්ත ආදරේට නාමික දිනයක් තියෙන්න ඕනා ඒක එදාට විතරක් සමරන්න නෙවී… ඒක නොදන්න අය නිසා වැලන්ටයින් සහ ආදරේ කියන දෙකම විකිණෙනවා…

  3. ශානු permalink
    2011 පෙබරවාරි 14 පෙ.ව. 8:30

    වැලන්ටයින් දිනයට මගෙනුත් සුබ පෑතුම් සමනලී

  4. 2011 පෙබරවාරි 14 පෙ.ව. 8:31

    සමනල නගේ පොටෝ එකනම් ලස්සනයි…..

  5. 2011 පෙබරවාරි 14 පෙ.ව. 10:56

    ඊයේ හවස මට මෙන්න මෙහෙම ඇස්.ඇම්.ඇස් එකක් ආවා
    හෙට මට අර මැරිච්ච මිනිහගේ දවසට විශ් කරලා මොකක් හරි මල ඉලව්වක් එව්වොත් බලා ගමු…ඒවා මට වැඩක් නෑ වස්තු..මෙච්චර කාලෙකට අපි ආදරේ කරා නම් ඔය මනුස්සයා නිසා අපේ මේ කොහේවත යන දවසක් සමරන්නේ මොකටද..”
    මමත් රිෆ්ලයි කොරා
    ”හ්ම්ම්ම්ම්ම්”

  6. 2011 පෙබරවාරි 14 ප.ව. 12:21

    නංගිනේ ඇත්ත කියලා තියෙන්නේ… ඔය කිව්වට ඔයත් වැලන්ටයින් සමරනවා නේද?

    • 2011 පෙබරවාරි 14 ප.ව. 1:23

      වැලන්ටයින් සමරන්න එපා කිවේ නෑ සමනලී…. ඒක අර්ථාන්විතව සමරන්න ඕනා කියලයි කීවේ…. සමනලී මේකේ කියලා තියෙන විදියට සමනලී අයිතිකාරයා එක්ක අද දිනය හරිම සතුටින් සමරනවා….
      ස්තූතියි ගෝල්ඩ් fish 🙂 ආයෙත් මේ පැත්තට පීනලා යන්න එන්න හොදේ….

  7. nimali harshani permalink
    2011 පෙබරවාරි 14 ප.ව. 5:22

    wish ur HAPPY VELENTINE DAY…..!!!! SaMaNaLeE……

  8. 2011 පෙබරවාරි 14 ප.ව. 5:32

    සමනලීටයි අයිතිකාරයාටයි සුභම සුභ වැලන්ටයිමක් වේවා ! කිව්වත් වගේ අමතක වෙච්ච උන්ට අවුරුද්දකට පාරක් හරි මතක් වෙන්න මෙහෙම එකක් තියෙන එකේ වරදක් නෑ. අනික එදාට කරන මේ වගේ කතා වලින් අළුතෙන් යමක් හිතන්න හරි ඉතුරු වෙනවනෙ. අන්න එහෙමයි නවම් වැලන්ටයින්ව දකින්නෙ.

  9. SHEHA....... permalink
    2011 පෙබරවාරි 14 ප.ව. 5:42

  10. Hasitha permalink
    2011 පෙබරවාරි 18 පෙ.ව. 10:34

    තුන්සිය හැටපස් දවසේම,
    කාටත් සළකන පෙම් කරන,
    අපට වෙනම දින මොනවටද,
    වැලන්ටයින් රෝමෙට යන්න…………………………….

පසන් sid වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න