අන්තර්ගතයට පනින්න

සමනලී ඔබ හමුවී වසරක් සපිරෙයි…..

2011 පෙබරවාරි 16

ඉස්සර කාලෙක මේ සිරි ලංකාවෙ උන්නා එකමත් එක ගෑණු ළමයෙක්. එයාගේ යාලුවෙකුට තිබුනා අපුරු සිංහල බ්ලොග් එකක්. ඒ බ්ලොග් එක බලන්න ගිය සමනලී නතර උනේ “සිංහල බ්ලොග් කියවනය“ කියන අපුරු ලෝකයේ පාඨකයෙක් වෙලයි. ඔන්න ඉතින් සමනලී පුලුවන් හැම වෙලාවෙම ඒකේ පල වෙන අපුරු නිර්මාණ, ජීවිත අත්දැකීම්, දැනුම ඇතුලු එකී මෙකී නොයෙකුත් දේ කියවලා රස විදලා ජීවිතයට යමක් එකතු කරගත්තා.

ටිකක් කල් ගත වෙද්දි ඒ සමනලීට ආසාවක් පහල උනා සමනලීගේම බ්ලොග් එකක් පටන් ගන්න. අනේ ඉතින් ආසා උනාට එයා දන්නේ නෑනේ කොහොමද මේක කරන්නේ කියලා….. අනිත් බ්ලොග් දිහා බලලා බලලා යන්තම් ඒවයේ පිලිවෙල ගලපාගෙන හරියන්න හෝ වරදින්න හෝ කියලා සමනලීත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා… ඒකට දාන නම මොකක්ද කියලා කල්පනා කරද්දි සමනලීගේ අයිතිකාරයා සමනලීට ආදරේට කියන මේ සමනලි කියන නමින්ම මේක පටන් ගන්න එයාට හිතුනා. හරියටම මීට අවුරුද්දකට කලින් සමනලීට හිතෙන හැටි සිංහල බ්ලොග් කියවන හැමෝම එක්ක බෙදාහදා ගන්න පටන් ගත්තේ හරිම ආසාවෙන්. දහසකුත් එකක් සිංහල බ්ලොග් අතරේ සමනලීගේ මේ පුංචිම පුංචි ඉසව්ව කාගෙවත් ඇසට පෙනේවිද? ඇවිත් බලල යන්නවත් හිතේවිද? සමනලී ලියන සමනලීගේ සිතැගි ඔයාලට කියවන්න තරම් හිතෙයිද? ඒවා නීරසද? වගේ හිතේ ප්‍රශ්න ගොඩාරියක් පිරිලා තිබුනා. කමක් නෑ උත්සාහ කරමුකෝ කියලයි සමනලී එදා හිතුවේ…

අනේ ඒත් සමනලී නොහිතපු විදියට ඔයාලා සමනලීව සාදරයෙන් පිලිගත්තා. සමනලීගේ සිතැගි බලලා යන්න ආවා, ප්‍රතිචාර දැක්වූවා… පුරා වසරක් තිස්සේ හෙමින් හෙමින් පුංචි පුංචි නිර්මාණ එක එක සමනලීගේ ඉසව්වේ ගෙත්තම් කලා. අධ්‍යාපන වැඩකටයුතු එක්ක හරිම හෙමින් ආපු ගමනක් මේක. පෝස්ට් 42 ක් එක්ක ඒ වෙනුවෙන් ලැබුනු ප්‍රතිචාර 1050 ක් එක්ක සමනලී සිංහල බ්ලොග්කරණයේ පළමු උපන් දිනය අහිංසක සතුටකින් අද සමරනවා….

ලියන්න පටන් අරන් ටික දවසකින් සමනලීගේ අර කීව යාලුවාටත් සමනලී කීවා “ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් ලියනවා“ කියලා. ඒ යාලුවත් සමනලීට නොදන්න දේවල් කියාදීලා මේ ගමනට හයියක් උනා…. එයාට ගොඩාක් ස්තූතියි. එයා නිසයි සමනලීත් සිංහල බ්ලොග් ලියන්නියක් උනේ…. සමනලී දන්නවා මේක දකිද්දි එයාටත් සතුටුයි කියලා ගොඩක්…

සමනලීගේ ආදරණීය අයිතිකාරයා….. සමනලීගේ හොදම පාඨකයා එයයි…. සමනලී වැඩියෙන් ලියලා තියෙන්නේත් ඒ අයිතිකාරයාගේ ආදරය ගැනයි… අයිතිකාරයා හැමදාමත් සමනලීට මේ ගමන එන්න ලොකු හයියක් උනා….

මේ පටන් ගත්තු ගමනට ඔයාලා හැමෝම ශක්තියක් උනා.. සමනලීට සාමාජිකත්වය ලබාදෙමින් සමනලීගේ සිතැගි බෙදාහරින්නට උදවු වෙන “සිංහල බ්ලොග් කියවනය“ වගේම “ලාංකීය සිතුවිලි“ අඩවි වලටත්, සමනලීගේ අඩවියේ එකම එක පුංචිම පුංචි ප්‍රතිචාරයක් දැක්වූ හෝ ප්‍රතිචාරයක් නොදැක්වුවත් අඩුගනනේ බලලා යන්නවත් ආපු හැමෝටමත් සමනලී හදවතින්ම ස්තූති කරනවා..

කොහොමඋනත් සමනලී තාම පොඩියි නෙව… තාම ඉතින් අවුරුද්දයි….. තව ඉගෙනගන්න දේවල් ගොඩාරියක් තියෙනවා…. ලිවීමේ කලාවට සමනලී තාම ආධුනිකයි. ඒ දේවල් වලින් හෙමින් හෙමින් පරිපූර්ණ වෙමින් සමනලීට පුලුවන් තරම් කාලයක් සමනලීගේ සිතුවිලි හැමෝම එක්ක බෙදාහදා ගන්න, සමනලීට හිතෙන හැටි ඔයාලටත් කියන්න සමනලී ඉදිරියටත් මේ සිංහල බ්ලොග් අවකාශයේ පියාසලන්නයි සූදානම……

උපන් දිනය සමරන්න ආවාට ස්තූතියි…. ටිකක් වාඩි වෙලා සමනලීගේ ඉසව්වේ හැඩ බලලා එහෙම පොඩි කේක් කෑල්ලකුත් කාලම යන්න යාලුවනේ…

ප්‍රතිචාර 23 leave one →
  1. Indraj permalink
    2011 පෙබරවාරි 16 ප.ව. 5:29

    සුභ පතනව ඊ ළඟ අවුරුද්ද පුරාවටමත් අතුරු ආන්තරාවකින් තොරව නිර්මාණශීලිව බ්ලොග් රචනයේ යෙදෙන්නට කාලය හා අවකාශය ලැබේවා කියල. ජයවේවා!!!

    • 2011 පෙබරවාරි 16 ප.ව. 5:39

      ස්තූතියි Indraj !!! ඔයා සමනලීගේ ඉසව්වේ ඉස්සර ඉදන්ම සමනලීට ප්‍රතිචාර දක්වලා දිරිමත් කරපු යාලුවෙක්…. ඒවා සමනලීට අමතක වෙන්නේ නෑ 🙂

  2. 2011 පෙබරවාරි 16 ප.ව. 6:02

    පුංචි සමනලීට මකර අධිරාජයා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. කකුල්, තටු එහෙම කඩා ගන්නෙ නැතුව චිරාත් කාලයක් විකාර ලියන්න ලැබේවා

    • 2011 පෙබරවාරි 16 ප.ව. 6:21

      ගොඩාක් ස්තූතියි මකර අධිරාජ්‍යයානෙනි…. !!!!! ඔයාලා ආරම්භයේ ඉදන්ම සමනලීව දිරිමත් කල නිසයි මේ තරම් දුරක් සතුටින් හෙමින් හෙමින් පියාඹගෙන ආවේ…. 🙂

  3. 2011 පෙබරවාරි 16 ප.ව. 6:19

    ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්… තව තවත් ලියන්න අදහස් ගලාගෙන එන්න ඉයල ප්‍රාර්ථනා කරනවා…

  4. 2011 පෙබරවාරි 16 ප.ව. 7:56

    උණුසුම් සුබ පැතුම්. දිගටම ලියමු

  5. 2011 පෙබරවාරි 16 ප.ව. 8:32

    සුභ පැතුම් සමනළී. මම නම් මේ පැත්තෙ ආවෙ ලඟදිනෙ. ඒත් ඊලඟ අවුරුද්දට මමත් එනව ඔයත් එක්ක.

  6. 2011 පෙබරවාරි 16 ප.ව. 8:34

    අපි සේරමලා බ්ලොග් ලියන්න අරං තියෙන්නෙ එකටම වගේනේ…… දැං කොහොමද අයිතිකාරයට, ආ…..කකුල හොඳද දැං! ඔන්න අපිත් සුබ පතනවා.

    • 2011 පෙබරවාරි 17 ප.ව. 8:41

      ස්තූතියි බුද්ධි අයියේ… 🙂 එහෙනම් බුද්ධි අයියාත් ඒ කාලෙමද බ්ලොග් ලියන්න ගත්තේ??
      අයිතිකාරයා හොදින් ඉන්නව අයියේ…. සමනලීගේ කකුලත් සනීපයි දැන් 🙂

  7. 2011 පෙබරවාරි 16 ප.ව. 8:35

    මගෙන් සුබපැතුම්.. දිගටම ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙂

  8. 2011 පෙබරවාරි 16 ප.ව. 9:55

    ජය වේවා! අපි වගේ අතරමග නවත්තන්නේ නැතුව දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම්!

  9. 2011 පෙබරවාරි 16 ප.ව. 10:31

    අපෙන් සුභ පැතුම් සමනලියේ.. දෙවන උපන්දිනය වෙද්දි ලිපි 100ට වැඩියෙන් ලියන්න ලැබේවා 🙂

  10. Otuwa permalink
    2011 පෙබරවාරි 17 පෙ.ව. 10:29

    Ehenam samanli ge blog ekata awruddakut unane…onna magenut unusum subha pathum!!

  11. 2011 පෙබරවාරි 17 පෙ.ව. 10:29

    අද මම ගෙනාපු පට්ට ‍ෆිල්ම් එක තමයි Taken.මුලිම දීපු පට්ට ‍ෆිල්ම් එකත් ගොඩක් දෙනෙක් බලලා ප්‍රතිචාර හොඳ නිසා දෙන්න හිතුනේ මේ ‍ෆිල්ම් එකත්.කතාවෙ හැටියට කිම් කියලා අවුරුදු දාහතක ගැනු ලමෙක් තමයි කතාවට මුල් වෙන්නේ.එයාගෙ තාත්තා බ්‍රයන් මිල්ස් වු.
    සන්නස බ්ලොග් එකෙනුත් සුබ පැතුම්…..දිගටම ලියන්න

  12. Hasitha permalink
    2011 පෙබරවාරි 18 පෙ.ව. 10:33

    තවත් කල් සමනලීට අපිත් එක්ක සිංහල බ්ලොග් අවකාසේ කරක් ගහන්න ලැබේවා කියලා පතනවා 🙂

රාජිත අනුරාධ-රජීගේ සන්නස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න