ටෙලිෆෝනයේ රස කතා…..
අපේ හසිත යාලුවගේ “හෙලෝ……. තාත්තාගේ කතා“ පෝස්ට් එක දැකලයි සමනලීට මේ කතාව මතක් උනේ ඕං…..
සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවොත් ඒකට පිළිතුරු දෙන්නේ සමනලීගේ තාත්තා තමයි. මොන වැඩක නිරත වෙලා උන්නත් තාත්තා අතපය පිහිදගෙන දුවගෙන එනවා ටෙලිෆෝනය නද දෙද්දී. ඉතින් සමනලීත් අම්මාත් දෙන්නම ඕක නද දුන්නට ඒ දිහා බලන්නේවත් නෑ… ඇයි තාත්තා ඉන්නවනේ…. තාත්තා නැති වෙලාවට ඉතින් කරදරේ තමයි. ගෙදර තියෙන ඔය ක්‍රමය නිසාම සමනලී වගේම අම්මාත් ටෙලිෆෝන් කෝල් වලට දුවන් එන්න හරිම කම්මැලියි.
තාත්තා රිසිවරේ ගත්තාම තමයි අහන් ඉන්න ආසා…. දන්න අදුරන කෙනෙක් නම් අවුලක් නෑ ඒත් වෙන පණිවිඩේකට නොදන්නා කෙනෙක් සමනලීට හරි සමනලීගේ අම්මාට හරි කතා කලොත් එයාට පණිවිඩේ කියන්න කලින් තාත්තාගේ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දෙන්න වෙනවා……
“කවුද නම කීවේ?“
“කොහෙන්ද?“
“මොකටද කතා කරන්නේ?“
“ආ… පණිවිඩේකටද? ම්…. මට කියන්නකෝ මම එයාට කියන්නම්…..“
ඔන්න ඔහොම සෑහෙන ඒවට උත්තර දීලා තමයි ඒ කෙනාට අපිට කතා කරන්න වෙන්නේ…
ඉතින් ඔන්න සමනලී ඉස්කෝලේ යන කාලේ දවසක් සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් බොහොම හදිසි වැඩකට රාත්තිරියේ සමනලීට කෝල් එකක් දුන්නා. ඒ ළමයත් සමනලිගේ ගෙදර දුරකතන අංකය බොහොම අමාරුවෙන් හොයාගෙන තමයි කතා කලේ. එයා සමනලීගේ පංතියේ නෙවී ඉතින් තාත්තා ඒ ළමයා ගැන වැඩිය දන්නෙත් නෑ. ඔන්න දැන් ටෙලිෆෝනය නාද වෙනවා…..
ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං……
තාත්තා: හලෝ
යාලුවා: අන්කල් සමනලී ඉන්නවද?
තාත්තා: කවුද මේ කතා කරන්නේ?
යාලුවා: මම මේ එයාගේ යාලුවෙක් අන්කල්
තාත්තා: කොහේ යාලුවෙක්ද?
යාලුවා: මම එයාගේ ඉස්කෝලේ යාලුවෙක් අන්කල්
තාත්තා: මොකද්ද ඔය ළමයගේ නම?
යාලුවා: අන්කල් මම අශානි
තාත්තා: අශානි….. ඔයා එයාගේ පන්තියේද?
යාලුවා: නෑ නෑ අන්කල් මම එයාගේ අල්ලපු පන්තියේ….. අන්කල් එයා ඉන්නවද?
තාත්තා: කොහෙන්ද මේ ළමයා කතා කරන්නේ?
යාලුවා: මම මේ ගෙදර ඉදන් කතා කරන්නේ අන්කල්
තාත්තා: කොහේද ගෙවල්?
යාලුවා: අපේ ගෙවල්ද අන්කල්? මොරටුවේ…
තාත්තා: හරි හරි…. මොකද්ද පණිවිඩේ?
යාලුවා: අන්කල් එයා ගෙදර නැද්ද?
තාත්තා: නෑ නෑ ඉන්නව…. මට කියන්නකෝ ඔය පණිවිඩේ….. ආ….. පොඩ්ඩක් ඉන්න……දුව මෙන්න කෝල් එකක්……
ඔන්න තාත්තාගේ කඩඉම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීලා, තාත්තටත් පණිවිඩේ කියල එහෙම යාන්තම් ඒ යාලුවට පුලුවන් උනා සමනලීගේ කටහඩ අහන්න…….
ඒ යාලුවටම ඊට මාසෙකට විතර පස්සේ ආයේ සමනලීට හදිසි වැඩකට කතා කරන්න ඕනා උනා….. ඔන්න එදාත් තාත්තා තමයි මුලින්ම කතා කලේ…. ඒත් මෙන්න බොලේ එදා හලෝ කීවා විතරයි තාත්තා වැඩි ප්‍රශ්න කිරීමක් නැතිවම සමනලීට කෝල් එක දුන්නා!!!!! පස්සේ දවසක ඒ යාලුවා තමයි සමනලීට කීවේ එදා කෝල් එකේදි වෙච්චි දේ…… මෙන්න මෙහෙමලු උනේ….
තාත්තා: හෙලෝ
යාලුවා: හෙලෝ අන්කල් මම මේ අශානි කතා කරන්නේ. අපේ ගෙදරින් මේ කෝල් එක ගත්තේ…. ආ මේ අපේ ගෙවල් මොරටුවේ තියෙන්නේ… මම සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් හැබැයි එයාගේ පන්තියේ නෙවී එයාගේ අල්ලපු පන්තියේ….. මම මේ කතා කලේ එයාට පණිවිඩයක් දෙන්න….. අන්කල් මෙන්න මේකයි පණිවිඩේ, ……… ……….. …….. .. ………………………….. …… ……………………………… ………………………….. අන්කල් සමනලී ඉන්නවද? ආහ් අන්කල් තව මුකුත් දැනගන්න තියේ නම් අහන්නකෝ…. !!!!!!!!
එදායින් පස්සේ සමනලීගේ තාත්තා සමනලීගේ යාලුවෝ කතා කලාම වැඩි ප්‍රශ්න කිරීම් නැතිවම සමනලීට ෆෝන් එක දෙනවා.
හෝව් හෝව්……………………….
හී හී…. දැන් කට්ටිය හිතුවද තාත්තාගේ ප්‍රශ්න කිරීම සදහටම නැති උනා කියලා???? අපෝ නෑ…. ඒක පොඩ්ඩක් ප්‍රති සංවිධානය උන එකයි සිද්ධ උනේ…. එදා ඉදන් සමනලී කෝල් එකක් කතා කරලා තියපු ගමන්…..
කවුද ඒ කතා කලේ?
කොහේ කෙනෙක්ද?
ක්ලාස් එකේ? කොයි ක්ලාස් එකේද?
කොහේද ඉස්කෝලේ? (මෙය අදාල වන්නේ ටියුෂන් පංතියක යාලුවෙක් කතා කල විටදීය)
කොහෙද ඒ ළමයා ඉන්නේ?
ඇයි දැන් එයා කතා කලේ?
මොකද්ද පණිවිඩේ?
ඇයි ඒ?….. මොකද ඒ?……. ඉතින්?……. වෙන?………….
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එහෙම තමයි තාත්තලා .දුවෙක් ඉන්න තාත්ත කෙනෙකුට කොයිතරම් හිතන්න දේවල් තියනවද ?
මමත් මගේ නංගිගෙන් ඔයිට වැඩිය ප්‍රශ්න අහනවා ! ..
ජය..!!
අපොයි…..මල කෙලියයි…ඔන්න බලන්න ඉතින් සමනලීව පරිස්සම් කොර හැටි…..
දැන් නම් හෑන්ඩ් ෆොන් තියෙන නිසා කෙලින්ම සමනලී එක්ක කදේ දාන්න පුලුවන්…
අපේ ගෙදර තියෙන්නේ වෙනම සීන් එකක්…
කෝල් එන්නේ අපේ කඩේට…කඩේටයි ගෙදරටයි එකම ටෙලිපෝන් ලයින් එක තියෙන්නේ..
ඉතින් මට හරි ගෙදර මොකෙක්ට හරි කෝල් එකක් ආවොත් කඩෙන් තමා උස්සන්නේ..උස්සලා හෙලෝ ගාලා ගෙට කෝල් එක දානවා..ඒ දන්නේ කඩේ තියෙන බෙල් එකකින්..බෙල් එක ගැහුවම අපි ගෙදරින් උස්සන්න ඕන..අම්මෝ…රස කතා නම් එමටයි…ඔය ෆෝන් නිසා උන
හක් හක් හා… 😀 පිස්සු කොර ඇහ්!
ඉස්කෝලෙ යන කාලෙ අපි යාලු ගෑණුලමයෙකුගේ ගෙදරටවත් කෝල් එකක් දෙන්න බය ඔය ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න බැරි නිසා තමයි 😀
පුදුමාකාර ප්‍රශ්න පත්තරයක්නේ
හිකිස්. කෙල්ලෙක් වෙච්ච සමනළීට ඔහොම වෙච්ච එක අරුමයක් නෙමෙයි අපේ තාත්තත් ඔහොම මුල් දවස් වල අහපු කොට. පහු පහු වෙනකොටනම් මට ඕකට මල පනිනව කිය තේරුනාට පස්සෙ අඩුවෙලා ගියා.
තාත්තා බ්ලොග් එක බලනවද දන්නේ නෑ.. නේ ….
කොමෙට් දාන්න ගිහින් අපෙනුත් ප්‍රශ්න කොරයිද ,?
@ හිස් අහස:
ඔව් ඒක ඇත්ත…. තාත්තා ආදරේ වැඩි කමටයි ඔය වැඩි පරිස්සම…. ම් එහෙනම් නංගිටත් දැඩි ආරක්ෂාව යොදල වගෙයි නේද??? හොදයි හොදයි 🙂
@ රත්ගමයා:
රත්ගමයාට කඩයකුත් තියෙනවාද??? සමනලීත් එන්නම්කෝ ඒ පැත්තේ ආවොත්…. 🙂 හෑන්ඩ් ෆෝන් තිබුනත් ඉතින් අධි ආරක්ෂිත කලාපයේදි ඒවා භාවිතයත් අවදානම් රත්ගමයෝ…..
@ ඉන්දරේ:
ඒ කියන්නේ එක වතාවක් හරි ඒ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා අත්දැකීමක් තියෙනව නේද ඉන්දරේට???? 🙂
@ හසී:
අප්පේ ඔව්….. ලේසි නෑ උත්තර දෙන්න!!!! 🙂
@ නවම්:
ඈහ්???? ඔයාලටත් එහෙම දැඩි ආරක්ෂක නීති රීති යෙදෙනවද???? අපොයි එහෙනම් සමනලීගේ අත්දැකීම නරකම නෑ 🙂
@ ඉලංදාරියා:
නෑ නෑ බය වෙන්නෙපා තාත්තා මේක බලන්නේ නෑ හිකිස් හිකිස් 😀
හැබැයි වැරදිලාවත් බැලුවොත් නම් ඔන්න හැමෝටම උත්තර බදින්න වේවි ඕං අපි දන්නේ නෑ….. 🙂
කීපවතාවක් ඔය වගේ ප්‍රශ්නපත්තර වලට උත්තර දීලා අත්දැකීම් තියෙනවා. හැබැයි පස්සෙ කාලෙක නිතර නිතර කතා කරන්න ගත්ත තැනින් නම් කවදාවත් ඔහොම ප්‍රශ්න ඇහුවෙ නැති නිසා කිසි ආබාධයක් ඇතිඋනේ නෑ 🙂
එහෙනම් ඉන්දරේ ඒ කතා කරලා තියෙන්නේ හරිම තැනට ඒකයි ඔය…… ඒ පස්සේ කතා කරපු තැනින් වැඩේ කිරි ගහට ඇන්න වගේ හරි ගිහින් නේද දැන්??? 🙂
හපොයි නෑ 😛
මේ කිව්වේ ඉස්කෝලෙ යන කාලේ සිදුවෙච්ච, කාලයේ වැලිතලා වලින් වැහිලා ගිය සිද්ධියක් ගැන. 🙂
හික්ස්
මම නම් වැරදිලාවත් ගෙදර දුරකථනයට ප්‍රතිචාර දක්වන් නෑ.. මොකද තාත්තාවයි මාවයි පැටලෙනවා එහාපැත්තෙ ඉන්න අයට. මට එන කෝල්ස් ජංගමේට ම එන නිසා දැන් අවුලක් නෑ. දැන් ගෙදර දුරකථනය තාත්තාගේ පුද්ගලික දුරකථනය.
ඒක නම් හරි අවුලක් තමයි….. කටහඩ පැටලුනාම අනිත් පැත්තේ කෙනා හරි අමාරුවක නෙව වැටෙන්නේ????
අපේ ගෙදර පූස තමයි ටෙලිෆෝන් ඔපරේටර් කරන්නෙ. හිටපු ගමන් හෝදනවත් එක්ක,එතකොට තමයි ඌ උඩින් විසිවෙලා යන්නෙ.ඇස් ඇල් ටී මහත්තුරුන්ටත් හොයාගන්න බෑ ලෙඩේ වෙන එකක් දාල යනව ඉතින්. මොනා කරන්නද ?
හිකිස්….. අනේ පවු පූසා ඒ වගේ ගුවන් ගත කරන එක පවුනේ….. මොනා උනත් ඔය කියන හැටියට එයා ගිය ආත්මේ ඇත්තටම ටෙලිෆෝන් ඔපරේටර් කෙනෙක්ද දන්නේ නෑ ඕං????