අන්තර්ගතයට පනින්න

ටෙලිෆෝනයේ රස කතා 2

2011 පෙබරවාරි 24

මතක ඇති නෙව සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවාම අධි ආරක්ෂිත ප්‍රදේශයකදී වගේ සමනලීගේ තාත්තා ප්‍රශ්න කරන හැටි ගැන???? සමනලී කලින් පෝස්ට් එකේදි විස්තර කලේ තාත්තාගේ ඒ ප්‍රශ්න කිරීමේ කලාවේ වෙනසක් ඇති කරපු සමනලීගේ යාලුවෙක් ගැනයි…. බැලුවේ නැති අය මෙතැනින් ඒක බලන්නකෝ…..

අද සමනලී කියන්නේ ඒ යාලුවට සමනලී කෝල් එකක් දුන්නාම වෙච්චි දේ………….

ඔන්න සමනලීත් දවසක් හවස් වෙලා ඒ යාලුවාට කෝල් එකක් ගත්තා පොතක් ගැන අහන්න, ඒක පහුවෙනිදට ගේන්න කියන්න….. එහා පැත්තෙන් රිසිවරය ගත්තේ යාලුවගේ ලොකු අයියා (ඒ යාලුවට අයියල දෙන්නෙක් ඉන්නව)

ලොකු අයියා: හෙලෝ

සමනලී: හෙලෝ…. අශානි ඉන්නවද?

ලොකු අයියා: මේ….. ඇයි දන්නේ නෑ???

සමනලී: එයාට පොඩි පණිවිඩයක් කියන්න

ලොකු අයියා: ආ..හා……. මේ…… මේ…… නංගි ගෙදර ඉන්නවද දන්නේ නෑ ඉන්න මම බලන්නම්……

පොඩ්ඩා…. ඒයි පොඩ්ඩෝ….. කෝ නංගි?????

පොඩි අයියාගේ කටහඩ ඇසේ: දන්නේ නෑ….

ලො.අයියා:  ඇයි ගෙදර නැද්ද???

පො.අයියා:  ඉන්නවද කොහෙද…..

ලොකු අයියා බෙරිහන් දෙයි: නංගි……… නංගී………… මේ වාතේ කොහේ ගියාද?????

ලොකු අයියා: මේ හෙලෝ හෙලෝ…. අනේ නංගි ගෙදර නැද්ද කොහෙද

සමනලී: ආ ඇත්තද? කොහේද දන්නේ නෑ ගියේ?

ලොකු අයියා: දන්නේ නෑ

සමනලී :  අද ඒවිද එයා??

ලොකු අයියා: දන්නේ නෑ…. ඒවිද මන්දා

සමනලී: අනේ එහෙනම් ආන්ටි ඉන්නවද?

ලොකු අයියා: මේ …. ආ මේ අපේ අම්මද? පොඩ්ඩක් ඉන්න බලන්න…… මම හිතන්නේ අම්මත් ගෙදර නෑ නේ නංගි

සමනලී: ආන්ටි එක්ක වෙන්නැති අශානි ගියේ?

ලොකු අයියා: ඒකත් දන්නේ නෑ…. වෙන්නැති මයෙ හිතේ

සමනලී: ඔය අශානිගේ අයියා නේද?

ලොකු අයියා: ඔව් ඔව්

සමනලී : ඔයා ගෙදර අය එක්ක නෙවීද ඉන්නේ?

ලොකු අයියා: මම ගෙදර අය එක්ක තමයි ඉන්නේ

සමනලී: අම්මයි නංගියි ගිය දිහාවක් එන දවසක් දන්නේ නැත්තේ?

ලොකු අයියා: මේ …… මේ…… මම මේ………

පසුපසින් කටහඩක් ඇසේ : කවුද පුතා ෆෝන් එකේ?

මේ නංගිගේ යාලුවෙක් අම්මා….. ඈහ්….. අම්මා කොහේද ගියේ? කොයි වෙලේද ආවේ?

අම්මා:  මම කොහේ යන්නද ළමයෝ? මිදුලේනේ හිටියේ….කෝ ඉතින් නංගිට එන්න කියන්නෙපැයි… මොනාද කරන්නේ??

ඈහ්……. අපේ නංගි ගෙදරද?

අම්මා:  ඇයි ළමයෝ නංගි කාමරේ නිදිනේ? මොන ලෝකේ ඉන්නවද මන්දා……..

ඈ……………..!!!! නංගී……………… නංගී………  ආහ් ……අනේ මේ නංගිගේ යාලු නංගී සොරි ඈ…… පොඩ්ඩක් ඉන්න…….



ඔන්න එහොම යාන්තම් ගෙදර නෑ කීව නංගි ෆෝන් එකට ආවා……. කොහොමද අයියල දෙන්න නංගිව ගෙදරදි ආරක්ෂා කරන හැටි???? නංගි ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ ඔං………!!!!!!!

 

ප්‍රතිචාර 19 leave one →
  1. mahima permalink
    2011 පෙබරවාරි 24 ප.ව. 10:14

    anna aiyala maru kollo

  2. ළමයා permalink
    2011 පෙබරවාරි 24 ප.ව. 10:50

    ආදර්ශමත් අයියලා දෙන්නෙක්.. ! එහෙම තමා නංගිලා ගැන බලන්න ඕනි… නියමයි.. 😀

  3. 2011 පෙබරවාරි 25 පෙ.ව. 1:32

    🙂

  4. කරුමක්කාරයෙකුගේ දින සටහන් permalink
    2011 පෙබරවාරි 25 පෙ.ව. 2:27

    ඒකත් නරක නෑ 🙂

  5. Chinthana permalink
    2011 පෙබරවාරි 25 පෙ.ව. 4:57

    මටත් නංගි කෙනෙක් හිටියනම්.හි හි හි

  6. 2011 පෙබරවාරි 25 පෙ.ව. 7:22

    හික්ස් මරු අයියලා.. අපේ අයියානම් අන්සර් කරලා මම නැත්නම් එයා නෑ කියලා පණිවිඩේ කියන්නත් කලින් තියනවලු. ඒකට එයාගේ යාලුවෝ.. හප්පේ.. ආ නංගී අයියා ඉන්නවාද? අයියා නානවාද? ඔක්කොම අහනවා.. ලොල්ස් 😀

  7. 2011 පෙබරවාරි 25 පෙ.ව. 11:42

    හික්….පට්ට කතාව…අපේ ගෙදරත් ඔහොම තමා……

  8. 2011 පෙබරවාරි 25 ප.ව. 12:22

    කතා කරලා වැඩක් නැත, අපේ ගෙදරත් ඔය සන්තෑසියමය. ගෙදර ඉන්න එවුන් ගැන මට කිසිම වෙලාවක කම්පනාවක් නැත.

  9. 2011 පෙබරවාරි 25 ප.ව. 4:07

    හෙ හෙ .. අන්න මරු අයියලා නියමයි

  10. 2011 පෙබරවාරි 26 ප.ව. 5:56

    ඔතන මෙහෙම දේකුත් තියනවනෙ, නංගිලා මඟට බහින කොටම, අයියා ඇහුවොත් “කොහේද ඔයා යන්නෙ?”කියල සමහරවිට ප්‍රතිචාරය මෙහෙම වෙන්නත් බැරි නැහැනෙ,”ඔයාට මොකටද මම යන දිහාව? දැන් කවද ඉඳලද සී.අයි.ඩී එකට බැඳුනෙ?”

    ඉතින් ඔව්ව මෙව්ව අහගන්නවට වඩා දාහෙන් සම්පතයි මොනවත්ම නාහ ඉන්න එක කියලා බොහෝ වෙලාවට අයියල මොනවත්ම නාහ ඉන්නවා,

    අම්මප, එහෙම ඉඳලත් නිදහසක් නැති හැටි, අයියල කියන්නෙ මහම පව්කාර ජාතියක්,

  11. 2011 පෙබරවාරි 27 පෙ.ව. 12:08

    @ මහිම:
    ඒක නේන්නම්…. අන්න හොද අයියලා නේද???? 😛

    @ළමයා:
    අපොයි!!! ළමයාට නංගි කෙනෙක් ඉන්නවද හැබෑට???? අනේ ඒ නංගි පවු….. 😀 😀

    @ නදුන්:
    🙂 🙂

    @ කරුමක්කාරයෙකුගේ දින සටහන් :
    ම්…… ඒත් එහෙමද අයියල නංගිලව පරිස්සම් කරන්නේ???? නංගිලා පවුනේ…… 🙂

    @ චින්තන:
    ඔව් ඔව් හිටියනම් මක්කෙයි කොරන්නේ ම්????? 🙂

    @ හසී:
    ඔහෝ…. ඒ කියන්නේ එයාලා හරිම හොද අයියල වගෙයි නේද???? 😉

    @ රත්ගමයා:
    ඇයි අද ඉකේයියා නැද්ද???? එහෙනම් වෙලාවක අපි රත්ගමයාගේ ගෙදරටත් කෝල් එකක් දීලා රත්ගමයා කෝ කියලා අහන්නම්? 😀

    @ නවම්:
    අනේ අපොයි!!! එහෙමත් ඉන්නවද හැබෑටම???? :O

    @ ඉලංදාරියා:
    මගේ අප්පේ හැමෝම අශානිගේ අයියලට මනාපයි වගේනේ????? 😉

    @ රවි:
    ඒකත් ඉතින් ඇත්ත තමයි ඒත් යන්නේ කොහේද කියලා අහන්න කලින් නංගි ගෙයින් එලියට බැස්සද නැද්ද කියලා දැනගන්නෙපැයි අනේ????? අයියා කෙනෙක් වීම ගැන ඉතා සුන්දර අත්දැකීම් තියෙනවා වගෙයි රවීට නේද? හිකිස් හිකිස් 😛

  12. sanath permalink
    2011 පෙබරවාරි 28 ප.ව. 6:54

    නැ………..නැ …..වැඩෙ මෙහෙමයි වෙලා තියෙන්නෙ

    අශානිගෙ අයිය ෆොන් ගත්තම මුලින්ම දැනගත්ත නගාගෙ යාලුවෙක් බව
    කවුද අප්ප අකමැති කෙල්ලක් එක්ක කතා කරන්න……………..
    කෝල් එකට ආන්සර් කරන ගමන් මල්ලිට පොඩි සිග්නල් එකක් දුන්නලු………..
    මල්ලියත් දැන ගත්තලු සීන් එක………..
    ඔහොම සමනලිත් එක්ක කතා කර කර ඉන්න කොට තමයි අම්ම එතනට අවිල්ල තියෙන්නෙ……….

    • 2011 පෙබරවාරි 28 ප.ව. 11:48

      හැබෑටම ඒකත් වෙන්න පුලුවනි තමයි….!!!!
      පොඩ්ඩක් හෝව්….
      සමනලී අශානිගේ අයියලව අදුරන්නේ නම් නෑ.. ඔය කීව විදියට ඔයා එයින් එක්කෙනෙක්ද මන්ද???? මේ තරම් ලස්සනට වෙච්ච දේ කීවේ??? 😀 😀 😀

      • sanath permalink
        2011 මාර්තු 1 ප.ව. 11:18

        ඔන්න, ස ම න ලි යො…… අශානිගෙන් නම් මෙ ගැන අහනව නෙමෙ ඕ0……….
        මොක්ද එයා මෙගැන මුකුත්ම දන්නෙ නහැ.

        • 2011 මාර්තු 2 පෙ.ව. 9:20

          හිකිස් හිකිස්….. අශානිගෙන් අයියලා ගැන ඇසු විට ඉතා ආදරයෙන් ඔවුන්ගේ ගුණ වර්ණනා කරන්නීය….. අතරින් පතර “මෝඩයා“ , “බූරුවා“ , “කරදරේ“ , “පිස්සා“ වැනි වදන් භාවිතයෙන් එම සහෝදර ප්‍රේමය වඩාත් අර්ථ ගැන්වීමටද ඈ අමතක නොකරන්නීය…… 😀 😀 😀

  13. Chinthana permalink
    2011 පෙබරවාරි 28 ප.ව. 10:27

    @ සමනලී

    ඔව් ඔව් හිටියනම් මක්කෙයි කොරන්නේ ම්????? 🙂 – මොනවා කරන්නද එයාට කතා කරනවා නංගී මෙන්න ඔයාට කෝල් එකක් කියල.ෆෝන් එක දෙනවා. 😛

  14. 2011 මාර්තු 2 ප.ව. 12:18

    ෂා ෂෝයි අයියලා දෙන්නෙක්… උන් දෙන්නව මුර කරන්න ආමි එකෙන් දාන්න වෙයි ව​ගේ…

ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න