අන්තර්ගතයට පනින්න

අපූරු නාලාගිරි දමනය……

2011 මාර්තු 3

මේකත් මේ අර සමනලීගේ සීදේවි සිංහල ගුරුතුමීට වෙච්ච ඇබැද්දියක්…… මේ සිද්ධිය සමනලී 9 හෝ 10 පන්තියේදී තමයි සිද්ධ උනේ.

සුපුරුදු පරිදි එදාත් උදෙන්ම සිංහල පාඩම… ඒ දවස්වල සිංහල අච්චු පොතේ තිබුනා නාලාගිරි දමනය කියලා පාඩමක්. කට්ටිය දන්නවනේ ඉතින් ඒ පාඩම තියෙන්නේ බොහොම බරසාර වචන වලින් නෙව. ඕක කියවන්ට ගියාම වචන 2න් 3න් දිව පටලැවෙනවා. අපේ සීදේවි ගුරුතුමිත් ඉතින් ජේදයෙන් ජේදයට එක එක්කෙනා නැගිට්ටවනවා පාඩම කියවන්ට.

පාඩම කියවන්ට කිවට මොකද සීදේවි ඉන්නේ ඒ ගැන කල්පනාවෙන් නෙවීද කොහෙද… එක්කෝ නිදි එහෙම නැත්නම් ඒ ජේදයෙන් කියවෙන දේ හිතේ මවාගෙන ඒක ඇතුලේ ඉන්නේ….. කොහොමින් හරි ඔය ජරමර අස්සේ අර ලොකු බෝතල් අඩි ඇස් කණ්නාඩි දෙකට උඩින් අපි දිහා බලලා කතා කරන ළමයි නැගිට්ටවලා එහෙට මෙහෙට චෙස් අදින්ටත් අමතක කරන්නේ නෑ අපේ සීදේවි.

කොහොමින් හරි පාඩම ටික ටික ඉස්සරහ ඇවිල්ලා ඔන්න දැන් හොදම හරිය යන්නේ… ඒ කීවේ රා බීලා මත් උන නාලාගිරි ඇතා බුදුරජානන් වහන්සේ දිහාවට දුවගෙන එනවා, බලන්ටත් බයයි, මිනිස්සු පාරෙන් අයින් වෙලා වීදියේ නිවාස වල උඩුමහලින් බලා කෑ ගසනව අනේ අපොයි කියලා……. ඒ අතරේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් බේරන්ට හිතලා ඇතා එන මග බුදුරදුන් ඉදිරියෙන් ඉන්නවා….. බුදුරදුන් ආනන්ද තෙරුන් වහන්සේ වළක්වන්ට ඉවත් කරන්ට පොළොව කුඹල්සකක් සේ කරකවා අනිත් පැත්තට හරවනවා…… මගේ අප්පේ ත්‍රාසජනක දර්ශනයක් හිතේ මැවෙනවා…….

දැන් ඔන්න පාඩමේ තියෙනවා නාලාගිරි ඇතා භයානක විදියට දුවන් එන හැටිත් බුදුරජානන් වහන්සේ සන්සුන් ගමනින් වඩින හැටිත්…. සමනලීගේ පන්තියේ ළමයෙක් පාඩම කියවන්ට ගත්තා. කොහොමත් හයියෙන් පාඩම කියවද්දි පුරුද්දක් වශයෙන් වචන පැටලෙන එක ඒ යාලුවට ඉතාම සාමාන්‍ය දෙයක්…. ඉතින් මේ හරබර අරුත්බර විසාල වචන තියෙන පාඩම ගැන කවර කතාද??????

ඔන්න අර චිත්ත රූප මැවෙන, සියොලග කිලිපොලා යන, ලොමුදැහැගැන්වෙන, භයංකාර අවස්තාව විස්තර කෙරෙන කොටස ඒ යාලුවත් පුලුවන් උපරිමෙන් හැඩවැඩ දාලා මෙන්න මෙහෙම කියාපි…..

“ඈතින් රත් වූ දෙනෙතින් යුතුව ධූලි විසිරුවාගෙන දුටුවන් බියට පමුණවමින් පොළව දෙදරවාගෙන දිව එන බුදුරජාණෝය….. මෑතින් ශාන්ත ලීලාවෙන් දුටු දුටුවන් සිත නිවාලමින් උදාර ගමනින් වඩින්නාවූ නාලාගිරි ඇතුය“ !!!!!!!!!

ඔන්න ඒ අවස්ථාවේ ඒ කොටසේ සුවිශේෂි බවින් චිත්ත ප්‍රීතියට පත් අපේ සීදේවි ගුරුතුමිත් නිකම් හිටියේ නෑ…..

“අන්න දැක්කද ළමයි…. බලන්න කොයිතරම් සියුම්ව…. කොයිතරම් අපූරුවට විස්තර කරල තියෙනවද රචකයා ඒ තීරණාත්මක අවස්ථාව…. බලන්න වචන භාවිතයේ අපූරුව…. භාෂාව භාවිතය…… ඔව් ඊලග ටිකත් කියවන්න…..“


සමනලී ඇතුලු පිරිසට එවෙලේ වැඩිය හිනා ගියේ නම් නෑ….. මොකද හිනාව හිර කරන් ඉන්ට උනා නෙව….. මේකයි වෙලා තිබුනේ එකම ජේදයේ එක ලග පේලි දෙකක වචන කියවන් යද්දි ඩිංගක් එහේ මෙහේ වෙලා අපේ යාලුවට….  අපේ මූණු වල පිරිලා පිපිරෙන්ට ලංවුනු හිනාව යාන්තම් පිට කලේ සීනුව වැදිලා සීදේවි ගුරුතුමී පන්තියෙන් ගියාමයි….. පාඩම කියෙව්ව යාලුවට චෙව්ව සන්තෑසිය ගැන කියන්ට ඕන නෑ නෙව ඉතින්…. හිකිස්…..

(ප.ලි:   අනේ හරියටම පාඩමේ වචන වාක්‍ය තිබුනු පිලිවෙල මතක නෑ සමනලීට, ඒත් යාලුවගේ කටින් කියවුනු දේ අවසාන අර්ථය තමයි ඔය දැම්මේ…..දැන් ඒ පාඩම් පොතත් ලග නැ නෙව හරියටම වාක්‍ය පිලිවෙල බලාගන්ට….. ඒත් ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නෑ ජීවිතේට…..)

Advertisement
ප්‍රතිචාර 20 leave one →
  1. OJaye.... permalink
    2011 මාර්තු 3 ප.ව. 8:15

    He hee……O/L Sinhala clz wala fun……..

  2. 2011 මාර්තු 3 ප.ව. 8:36

    මගේ ගාවනම් පොත ඇති. බලලා කියන්නම්..

  3. 2011 මාර්තු 3 ප.ව. 9:16

    සමනලී අක්කලාගේ පන්තියත් මරුනේ, පව් අප්පා යාළුවා. හිකිස්

  4. 2011 මාර්තු 3 ප.ව. 9:28

    ඉස්කෝලෙ කාලෙ තරම් ආතල් කාලයක් ආයෙ නෑ

  5. Hasitha permalink
    2011 මාර්තු 3 ප.ව. 9:57

    ඈත දූලින් වැසී ගිය ඇත් රජය. මෑත සවණක් ගණ රැසින් වැසී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජය. මෑත මානෙල් මල් පෙති පරයන කරුණා දියෙන් දුටුවන් සනහාලන නෙත් ඇති බුදුරජාණෝය. ඈත එබූ එබූ පයින් මහ පොළොව ගිගුම් දෙමින් එන ඇත් රජය. ………….

    ඔන්න ඔහොම තිබුණා වගේ තමා මටත් මතක. නාලාගිරි දමනේ ඡේද පිටින් ගිරවා දාපු හැටි මතක් වුණා.

    මට හොඳටම මතක කෑල්ලක් තමා ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට කෝප වුණු නාලාගිරි ඇතා ඉස්සරහට එන බව කියපුවාම බුදු හාමුදුරුවෝ ඒ ගැන සිනා පහල කිරීම දක්වලා තියෙන හැටි.

    “එබස් ඇසූ මාගේ ස්වාමිදරුවෝ සිනා පහළ කල කල්හි සතර දළදායෙන් නැඟි නහඹ තල් කඳක් හා සමනා සුදු බුදුරස් කඳින් මුළු අහස ක්ෂීර සාගරයේ සේ ගලන්නා සේ සුදු කෙරෙමින්”

    • 2011 මාර්තු 4 පෙ.ව. 7:19

      මගේ අම්මේ ඔය තියෙන්නේ අදාල කොටස…… ඔන්න ඕකේ වාක්‍ය දෙකක් තමයි ඒ ලමයා පටලවල කීවේ….. ෂා ෂා මොනා උනත් හසිත ඒ දවස් වල සිංහල භාෂාවට උපරිම ඉහල ලකුණු අරන් ඇති පාටයි????? මේවා හොදට පාඩම් නෙව…. අපේ සිදේවි මේක දැක්කා නම් කියාවි “හා බොහොම හොදයි පුතා…… බොහොම හොදයි!!!!!“ කියලා 🙂

  6. Sanath permalink
    2011 මාර්තු 3 ප.ව. 10:10

    සමනලිලගෙ ප0තිය නම් මරේ……….. මරු…..
    ප0තියෙ සමනලියො, නාලාගිරිල එ විතරක් යැ ඊයෙ පෙරේද ඩෙස් එකක් අස්සෙන් නාගයෙකුත් එලියට ආව නෙවැ
    තව ඉස්සරහට මොන මොන උන් එලියට එයිද දන්නැ…. හිකිස්.

  7. Chinthana permalink
    2011 මාර්තු 3 ප.ව. 11:54

    0

  8. 2011 මාර්තු 4 පෙ.ව. 1:17

    අම්මො හිනා වෙල බඩත් රිදෙනවා….

  9. 2011 මාර්තු 4 පෙ.ව. 11:48

    හුටා……….. 😀

  10. 2011 මාර්තු 4 ප.ව. 12:19

    චැහ් ! සමනළීගෙ යාළුව දෙක පටලවාගෙන නේද? ඊට හපන් ටීචර් 😀

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: