අන්තර්ගතයට පනින්න

කලබල පැංචාගෙයි කලබල පැංචිගෙයි කලබල වෙච්චි කතාව……

2011 අප්‍රේල් 10

එකෝමත් එක කාලෙක උන්න හරිම කලබල පැංචෙක්… එයාගේ අම්මත් කියනවලු “අපේ ලොකු පුතා නම් හරිම කලබලයිනේ” කියලා. ඉතින් මේ කලබල පැංචා දවසක් කලබලෙන් රෝස කැලයක් ලගින් ගමනක් යද්දි දැක්කලු පුංචි සමනලියක් ඒ රෝස කැලේ ඉන්නව…. ඔන්න ඒ පාර මේ කලබල පැංචා කලබල නැතිව  විපරම් කරල බැලුවලු. අනේ මේ ඉන්නේ මම කාලයක් තිස්සේ හොයාපු මම ආසා කරන විදියේ සමනලියක්නේ කියල හෙමින් ලං වෙලා ඒ සමනලීව රෝස කැලෙන් එක්කන් ආවලු. එදා ඉදන් මේ කලබල පැංචා තමයි ඒ පුංචි සමනලීගේ ආදරණීය අයිතිකාරයා…….

ම්….. මේ මොකද්ද බොලේ මේ කලබල කතාව????

මේකනේ උනේ, පහුගිය දවසක පුංචි සිද්ධියක් නිසා පුංචි සමනලීගේ කලබල පැංචා සෑහෙන කලබල උනා නෙව… සමනලී ඒ කලබලේ නැති කරල හිත හදන්න කියල යවාපු sms පණිවිඩෙත් ඕං වැරදියට තේරුම් අරන් තව තවත් කලබල වෙලා මේ කලබල පැංචා….. දැන් හරිම ප්‍රශ්නේ, කොයි තරම් තේරුම් කරන්න ගියත් හරියන්නේම නෑ…. කලබල පැංචා කලබල වෙලා…. අහිංසක හිතත් රිද්දන්…. අලි මදිවට හරක් කියන්න වාගේ ඔන්න ඒ පාර පුංචි සමනලීත් කලබල උනා…. ඇයි දෙයියනේ ලග පාතකත් නෙවී අයිතිකාරයා රස්සාව කරන තැන ඉන්නේ…. දුකින් හිතත් පුරවන් හොදටෝම…. කීවට තේරුම් කලාට අහන්නෙත් නෑ!!!! ඒ කියන ඒවත් කලබලේට වැරදියට තේරුම් අරන් තව තවත් කලබල වෙනවා.. සමනලීටත් දුක හිතුනා.. බයත් හිතුනා… ඕං ඒ පාර එයත් කලබල උනා..!!

දැන් හරි වැඩේ තමයි දෙන්නම කලබල වෙලා…. දෙන්නම දුකින්…..  මගේ අප්පේ ඒ තරම් අමාරුවෙන් ගෙවාපු වෙනත් දවසක් සමනලීගේ ජීවිතේ තියෙන්න නැතිව ඇති. සමනලී දන්නව අයිතිකාරයාටත් එහෙම්මම තමයි කියල. යාන්තම් හවස් වෙද්දි කලබල පැංචාගේ කලබලේ අඩු වෙලා. ආයෙමත් උදේ ඉදන් තේරුම් කරන්න හදාපු දේ තේරුම් කරන්න උත්සහ කලා සමනලී… sms වලින් ප්‍රශ්න විසදීම නුවණට හුරු නොවන බවත්, කලබල පැංචා සිංහල වාක්‍ය තේරුම් ගැනීමේදි බොහෝසෙයින් කලබල වී වරද්දන බවත් සමනලී විසින් කියන්ට යෙදුනා. ඒත් අනේ තාමත් මේ කලබල පැංචා හරියටම තේරුම් ගන්නේ නෑනේ 😦 ඒ වෙද්දි සමනලීත් කලබල වෙලා උන්නු නිසා ප්‍රශ්නේ සෑහෙන බරපතල වෙච්චි. සමනලී තීරණය කලා එහෙනම් ඉතින් ආයෙත් රෝස කැලේටම යනවා කියලා….!! කීවට මොකෝ ඒක ඇත්තටම කලබල වෙලා ගත්තු වැරදි තීරණයක්.

ඔන්න ඉතින් රෑ බෝ වෙච්චි. සමනලී මෙහෙ තනියම රෝස කැලේ බොහොම දුකින්…. කලබල පැංචා එහෙ දුකින්. ඒ උනත් හැමදාම වගේ සමනලීව තේරුම් අරන් සේරම ප්‍රශ්න අන්තිමේ විසදන්නේ අයිතිකාරයාම තමයි. අනේ ඉතින් මේ කලබල පැංචා බොහෝ සෙයින් රෑ වෙලා උනත් රෝස කැලේ පීරල ආයේ සමනලීව හොයාගෙන ආදරෙන් තුරුලු කරන් අරන් ආවා.

දවසක් ඇතුලත කලබල පැංචා කලබල වෙලා සමනලීත් කලබල වෙලා හිත රිද්දන් ඇස් වල කදුලුත් පුරවන් බොහොම අමාරු දවසක් ගෙවුනත් ආයේ රෑ වෙද්දි ඒ කලබල අඩු වෙලා වැරදි තේරුම් අරන් දෙන්නම උන්නටත් වඩා ආදරෙන්….. 🙂 ඒ විතරක්ද? සමනලීගේ කලබල පැංචා සමනලීට බොහොම ආදරෙන් මෙන්න මෙහෙමත් කීව නෙව… “අනේ අනේ මගේ පුංචි කලබල පැංචි

ඊට පහුවෙනිදා මේ කලබල පැංචයි කලබල පැංවියි මුණගැහුනා…. කලබල නැතිව බොහොම ආදරෙන් සෙනෙහසින් ලගින් ඉදන් නිස්කලංකව කතා කලා, අවුරුදු පොලක ඇවිද්දා, දවල්ට කෑම එහෙම කාලා වෙනද වාගේම මේ කලබල පැංචිව ගෙවල් කිට්ටුවටම පරිස්සමින් එක්කන් ඇවිත් කලබල පැංචා ආයෙම එයාගේ ගෙදර යන්න පිටත් උනා….

ඔන්න ඕකයි මේ කලබල පැංචාගෙයි කලබල පැංචිගෙයි කලබල වෙච්චි කතාව……

අනේ ඒත් ආයේනම් එහෙම කලබල වෙලා සේරම අවුල් වෙච්චි ඒ වාගේ අසුබ දවසක් නම් සමනලීටත් අයිතිකාරයාටත් එන්න එපා….. මින් පස්සේ මේ කලබල පැංචා කලබල උනත් එයාගේ කලබල පැංචි නම් කලබල වෙන්න හොද නෑ……

ඒ එක්කම රෝහණ බෝගොඩ මහත්මයා ගායනා කරන ගීතයක මෙන්න මේ කොටසේ තේරුම එදා ඒ සිදුවීමෙන් පස්සේ තදින්ම හිතට දැනුනා. ඒකෙන් කියවෙන දේ නම් ඇත්තම ඇත්ත තමයි…….

පෑව සෙනේ අමනාපේ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා

සිත සැනසුම් සාදනා

ඔබේ හසරැල් මට වාසනා….

Advertisement
ප්‍රතිචාර 16 leave one →
  1. 2011 අප්‍රේල් 10 ප.ව. 5:24

    අම්මෝ කලබලවෙලා තීරණ ගන්න එකනම් හරිම භයානකයි. මමත් හිටිගමන් ඔය මලිති බබා කරන සමහර වැඩ නිසා කලබලවෙනවා. ඊට පස්සෙ ඉතින් එයාම තේරුම් කරල දෙනකම් මං ඉන්නෙ හරිම බයෙන්. මලිති බබා ඉන්නෙත් ලඟ පාතක නෙමේනෙ. අයිතිකාරයො කලාතුරකින් පොඩ්ඩක් සැරවුනත් ආදරේනම් අඩුවක් වෙන්නෙ නෑ. බොරුනම් අහල බලන්නකො සමනලීගෙ අයිතිකාරයගෙන්. 🙂

    • 2011 අප්‍රේල් 10 ප.ව. 5:34

      ම්…. දැන් ඉතින් චන්දිකටත් අත්දැකීම් තියෙනව නෙව 🙂 හැබැයි මේ වෙනකල්ම කවදාවත් අයිතිකාරයා සමනලීට සැර කරලා නෑ…. එදා කොයිතරම් කලබල උනත් සැර කලේ නම් නෑ… ඒ වාගේම ආදරේ මේ වාගේ දේවල් වලින් තව තවත් වැඩි වෙනවා…

      කෝ දැන් ඔය මලිති බබා එහෙම මේ වාගේ කලබල වෙන්ට එපා හොදේ? 🙂

  2. 2011 අප්‍රේල් 10 ප.ව. 6:00

    කලබලේ හොඳනෑ සමනලියේ… මාළුවටත් පීනන පාර හොයා ගන්න බැරිවුනේ ඕක නිසා තමා. කොහොමත් සමනලීව තේරුම් ගන්න අයිතිකාරයෙක් ඉන්න එක ​නම් සමනලීගේ වාසනාව. දෙන්නටම කලබල වලින් තොර සුභ අනාගතයක් වේවා. ඒ වගේම සුභ අළුත් අවුරුද්දකුත් වේවා…!

    • 2011 අප්‍රේල් 10 ප.ව. 6:10

      ඒකනම් ඇත්ත තමයි ගෝල්ඩ් fish !!!! සමනලීට මේ වාගේ අයිතිකාරයෙක් ලැබෙන්න සමනලී ගොඩාක් ලොකු පිනක් කරල තියෙනව…

      ගොඩක් ස්තූතියි ඒ වගේම ඔයාටත් සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! 🙂

  3. 2011 අප්‍රේල් 11 පෙ.ව. 8:46

    අයේ එහෙම කලබල දවසක් එන්න එපා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.. මමත් වෙලාවකට ඔහොම කලබල වෙනවා තමා.. වෙලාවට එයා එහෙම කලබල ව්වෙන කෙනෙක් නෙවෙයි 😀

  4. මලිති permalink
    2011 අප්‍රේල් 11 පෙ.ව. 9:28

    අයිති කාරයෝ කළබල උනාට අපි කළබල නොවි ඉමු සමනලී 🙂 කොහොම හරි දැන් ඔයාලගේ ප්‍රශ්නේ ඉවරයිනේ, ඒ ඇති. දැන් ඉතින් වෙනදා වගේ සතුටින් ඉන්න. 🙂

    • 2011 අප්‍රේල් 11 ප.ව. 5:24

      හානේ මේ මලිති බබා නේද? සාදරයෙන් පිලිගන්නවා සමනලීගේ ඉසව්වට 🙂
      ඒක නම් ඇත්ත තමයි ඒත් මූණවත් නොපෙනෙන දුරක අයිතිකාරයා ඉද්දි ඒ වාගේ දෙයක් උනාම හරිම අසරණකමක් දැනෙන්නේ… ඒකෙන්මයි සමනලී කලබල උනෙත්…

      බොහොම ස්තූතියි මලිති, ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න.. 🙂

  5. Otuwa permalink
    2011 අප්‍රේල් 11 ප.ව. 10:21

    :O
    Maara wadene wela thiyenne…:P
    Mokadda ara rosa kalen aran aapu katawa? rosa kalen genawe samana lee da???

    • 2011 අප්‍රේල් 12 පෙ.ව. 6:19

      ඒකනේ ඔටුවෝ…. මාර වැඩේ නේන්නම් උනේ!
      ඔවු ඔවු රෝස කැලෙන් තමයි සමනලීව හොයාගත්තේ අයිතිකාරයා… එහෙම තමයි අයිතිකාරයා කියන්නේ 🙂

  6. Indraj permalink
    2011 අප්‍රේල් 13 පෙ.ව. 9:01

    හැමෝටමා සුභ අල්ලුත් අ වු රු ද් දක් වේවාවාආආ!!!!!!
    samawenne kalabalen demme

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: