අන්තර්ගතයට පනින්න

ඉලන්දාරියෝ ඔබට නිවන් සුව……

2011 මැයි 21

ජීවිතය ඔබට සුන්දර හිතක් සමග ගිලන් වූ ගතක් හිමි කර දුන්නේ ඇයි දැයි නොදනිමි. එහෙත් මතු උපදින කිසි දිනක මෙවැනි අකල් මරණයන් ඔබ වෙත අත් නොවේවා…

ඔබේ ඒ සුන්දර සිත රැගෙන මේ බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් කැල සමග සතුටින් දොඩමළු වන්නට, අපේ වදන් ඔය දෙසවනින් අසන්නට සසරේ කවර දිනක හෝ නැවතත් අප අතරම ඔබ ඉපදේවා…….

කිසිදා මුහුණට මුහුණ නොදුටු මුත් බ්ලොග් අවකාශය තුලින් හදුනාගත් සහෘදයානෙනි ඉතින් අපි ඔබට සමුදෙමු……..

– සමනලී සහ අයිතිකාරයා

Advertisement
ප්‍රතිචාර 4 leave one →
  1. සරත් ගුණතුංග permalink
    2011 මැයි 21 පෙ.ව. 4:02

    අපි කොපමණ කෑමොර දුන්නත් මෙලොව හැරගිය තරුන ලමයාගේ අනාගතය විසදෙන්නේ ඔහු විසින් කරන ලද හෝ නොකරන ලද කුසල සහ අකුසලයන් මතය. මෙය වැලැක්වීමට පුලුවන් ජගතෙක් තවම ඉපදී නොමැත. අප අතරෙම ඉපදේවා යන්න තවම ඔහුගේම පරිහානිය විය හැකිය. දෛවානිගෝපතව ඔහුට යන අතක යන්නට ඉඩදී සිටීම නුවනට හුරු එකම කාර්යයි. ඔහුට නිවන් සැප ලැබේ වායන පැතුම් හැර වෙනයමක් අපට පැත්ය නොහැකිය මේ සසරෙන් මිදී ඔබට ශාන්තිය උදාවෙවා යන්න මගේ පැතුමයී

  2. 2011 මැයි 21 පෙ.ව. 6:47

    ඉලංදාරියා අපිව දාලා යන්නම ගිහින්.. මතු සසරේ යලි අප අතරම ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු
    සමනලිව බලන්න ඉස්සර නම් මම ආවා (මට හිතෙන දේවල් )වලින්
    දැන් අලුත් එකකින් බලලා යන්න අවා.. සමනලිත් කැමතිනම් මේ පැත්තේ ඇවිත් ෆලෝ එහෙම කරලා යන්නකෝ

    http://sadaru-world.blogspot.com

  3. නිල් අහස permalink
    2011 මැයි 21 පෙ.ව. 10:02

    සදාදර සොයුරාණෙනි…
    මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවී හැකි ඉක්මනින් සත්‍යාවබෝධය කොට ලොව්තුරා නිවන් සැප සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි පතමි……

  4. 2011 මැයි 21 ප.ව. 3:16

    සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර………නුඹ,
    නොකියම යන්න ගිහින්,

    Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. – Shakespeare’s Hamlet

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: