ජීවිතයේ පුදුම හත මොනවාදැයි ඔබ දන්නවාද?
ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මේ පුංචි සිරි ලංකාවේ උන්නලු පුංචි සමනලී කියලා සිංහල බ්ලොග් ලියන දැරිවියක්. ඒ දැරිවි හිටි ගමන් සද්දයක්වත් නැතිව ගියාලු. අනේ සිංහල බ්ලොග් කියවන උදවියට මේ පුංචි සමනලීව අමතකත් වෙලා ගියාලු…….
ඒත් බොලේ සමනලී මේන්න ආයේ ඇවිදින්!!!!
හා හා ඒ බොහොම අහිංසක ආරම්භයක් ගත්තේ සමනලී කාලයක් තිස්සේ මේ පැත්ත පලාතේ නාව එක ගැන පලවෙන අදහස් උදහස් වලින් ෂේප් වෙන්ටනේ…. හී හී…. හරි හරි දැන් බලමුකෝ ඉදල ඉදල මොනවද සමනලී මේ අකුරු කරන්ට යන්නේ කියලා….
ලෝකයේ පුදුම හත ගැන දන්නව නෙව හැමෝම? ඔව් ඔව් ඔය 5 පන්තියේ ශිෂ්‍යත්ව විභාගේටනේ ඕක මුලින්ම පාඩම් කරගත්තේ. අද සමනලී කියන්ට යන්නේ ජීවිතයේ පුදුම හත ගැන…. නෑ නෑ කලබල වෙන්ට කාරි නෑ… ඕවා ශිෂ්‍යත්වෙට ඒවි කියලා පොඩිත්තන්ට කටපාඩම් කරවන්ට යන්ට ඕන නෑ හොදේ? මේක පුංචි කතාවක්….
ඔන්න දවසක් පාසල් ගුරුවරියක් තමුන්ගේ පන්තියේ දරුවන්ට කීවා තමුන්ට හිතෙන හැටියට ලෝකයේ පුදුම හත මොනවාදැයි ලියන්ට කියල. දැන් ඉතින් දරුවෝ ටික දනිපනි ගාලා ඒ අය දන්න විදියට ලෝකයේ පුදුම හත ලයිස්තුවක් ලීවලු.
ටික වේලාවකින් ගුරුතුමිය අර දරුවෝ ලීව කොල ටික එකතු කරගත්තලු මොනාද ලියලා තියෙන්නේ කියලා බලන්ට. හැම ලයිස්තුවකම වගේ තිබුනේ මෙන්න මේ වගේ දේවල්ලු:
- ඊජිප්තුවේ මහා පිරමීඩ
- ඉන්දියාවේ ටාජ් මහල්
- ග්‍රෑන්ඩ් කැනියොන්
- පැනමා ඇළ
- එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
- සාන්ත පීතර බැසිලිකාව
- චීන මහා ප්‍රාකාරය
ඒත් ගුරුතුමී දැක්ක පන්තියේ උන්න එක්තරා දැරිවියක් තාමත් තමුන්ගේ ලයිස්තුව දිහා බලාගෙන කල්පනා කරනවා මිසක් ඒක ගුරුතුමිට දීලා නැහැ. ගුරුතුමී ඒ දැරිවි ලගට ගිහින් ඇහුවා “ඇයි පුතේ ලයිස්තුව හදාගන්න එකේ මුකුත් ප්‍රශ්නයක්ද?“ කියලා.
අර දැරිවිත් මෙන්න මෙහෙම කීවලු:
“අනේ සෑහෙන දේවල් තියෙනව මගේ ලයිස්තුවේ ඒත් මට හිතාගන්ට බැහැ ඒවයින් හොදම ටික තෝරගන්ට“
“ම්… කෝ බලමු ඒවා…. හා අපි හැමෝම උදවු වෙන්නම්කෝ ඔයාට එයින් හොදම ටික තෝරගන්ට“ කියලා ඒ දැරිවිගේ ලයිස්තුව අතට අරන් ගුරුතුමී ඒක පන්තියේ හැමෝටම ඇහෙන්ට කියෙව්වලු. මෙන්න මේවා තමයි ඒ ලයිස්තුවේ ලියලා තිබුනේ:
1. දෙනෙතින් දැකීම
2. දෙසවනින් ඇහුම්කන් දීම
3. දෙඅත්ලෙන් ස්පර්ෂ කිරීම
4. මුවට රස දැනීම
5. හදවතට දැනෙන හැගීම්
6. සිනහසීම
7. ආදරය කිරීම
මුලු පන්තියම මීයට පිම්බා වාගේ නිෂ්ශබ්ද වෙලා කල්පනා කරන්නට උනාලු…….
ඇත්තෙන්ම එදිනෙදා ජීවිතේ නිරතුරුවම සිදුවෙන මේ දේවල් බොහොම සරල පුංචි සිදුවීම් විදියට අපි නොසලකා හැරියත් ඩිංගක් හිතල බලන්ට…. ඒ දේවල් නොතිබුනා නම් ජීවිතේ කොයිතරම් නීරස වේවිද? ලෝකය කොයි වගේ තැනක් වේවිද?
ජීවිතේ විදවන්නේ නැතිව විදින්න…. ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්ට අත්‍යාවශ්‍යම දේවල් මිනිසාට මවන්නට හෝ නිපදවන්නට බැහැ….. ඒවයේ වටිනාකම අසීමිත වෙන්නෙත් ඒ නිසාමයි….
හැමෝටම ජීවිතයේ පුංචි පුංචි දේවල් වලින් සොදුරු බව ලැබෙන සුබ දවසක් වේවා…..!!
ජීවිතයේ පුදුම හත ගැන මේ පුංචි කතාව සමනලීට ලැබුනු ඊ-මේල් ලිපියකින් සකස් කරන ලද්දකි
සමනලී අක්කාත් කාලෙකින් ඇවිත්.. සහතික ඇත්ත…
ඔව් ඔව් හසී… ඔන්න කාලෙකින් මේ පැත්තේ ඇවිත් සමනලී සුටුස් ගාලා පියාඹලා ගියා….. 🙂
හැබෑට කොහෙද බං හිටපු ගමං අන්තරස්දාන වෙන්නෙ?…….හෙහ්, හෙහ්,
ඔය ජිවිතේ පුදුම හතෙන් ඉතුරු ඔක්කොමත් හරි අන්තිම එකත් හරි……..ආදරය කිරීම සහ ආදරය ලැබීම………ඒක තමයි හොඳම එක,
හිටි ගමන් අන්තරස්දාන වෙනවා කියන්නේ හිටි ගමන් සමනලී ගෙදරත් හිටියට නොයින්න ගානයි!!! අපොයි වැඩ වලින් වැහිල නැහිල නෙව සමනලී… මේක කවදා ඉවර වෙයිද මන්දා?
ඒක නම් ඇත්ත ඒ අන්තිම එක නැත්නම් අනිත් සේරම දේවල් වල අගය නැති වෙනවා…. 🙂
හොඳා ලස්සන බ්ලොග් එක ජයවේවා…..!
ස්තූතියි පැණි කූරු මාමේ… 🙂 මේ පැත්තට ආවේ අලුතින් නේද? සාදරෙන් පිලිගන්නවා සමනලීගේ ඉසව්වට!!
ආදරය කිරීම සහ ආදරය ලැබීම…….මේ තමා ජීවිතයට ලැබෙන හොඳම දේ….සහ පුදුම දේ.
සමනලී ආයෙම ලියන එක ගැන සතුටුයි…….
ඒක ඇත්ත දිල් අක්කා…. ආදරය කිරීම සහ “ආදරය ලැබීම“ ඔය දේවල් මත තමයි ජීවිතේ සතුට සැනසිම රදාපවතින්නේ…
අනේ ලියන්න ආස උනත් වේලාවක් නැති කමයි සිද්ධ උනේ… මේ විභාග ඉවර වෙන්නේ නැති හැටි 😦
මේ දැරිවි අපේ සමනලී නංගි හෙම නෙවි නේද….DD
මොනවා උනත් ඒ දැරිවි කියලා තියෙන්නේ..මොන තරම් ඇත්තක්ද….
ඔය සේරම එකතු උන හන්දා තමයි…. මේ විශ්වය මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ.
ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒක අමතක වෙලා.
හී හී නෑ නෑ ඒ දැරිවි සමනලී නම් නෙවී…. 🙂
ගොඩක් මිනිස්සුන්ට එදිනෙදා ලැබෙන දැනෙන පොඩි පොඩි දේවල් නෙවී ඈතින් තියෙන ලොකු ලොකු දේවල්නේ වටින්නේ…. ඉතින් ලගම තියෙන දෙයින් සතුටු වෙන්න වාසනාවක් නෑ…
මාත් කල්පනා කලේ ඉද හිටවත් අපේ පැත්තේ පියාබන සමනලිට මොකද උනේ කියලා..
අයේ අතුරුදහන් නොවි දිගටම ලියන්නකෝ….
වෙලාවක් ඉඩක් ලැබුනොත් අපි බලන්නත් එන්න…
සමනලිගේ අයිතිකාරයා වෙන්න ඇති මේ පන්තියේ ඉදපු ඒ ලමයා
අනේ ඔව් දේවා ඒ පැත්තේ කාලෙකින් එන්න නම් බැරි උනා…. මොනා කරන්නද වේලාව මදිකම තමා ප්‍රශ්නේ…
ම්… සමනලීගේ අයිතිකාරයා නම් නෙවී…. මේකේ කියලා තියෙන්නේ දැරිවියෙක් ගැනනේ…. 🙂
මං හිතුවා සමනලී අක්කට බ්ලොගිය අමතක වෙලා කියලා.:P ජීවිතයේ පුදුම හත ඇත්තටම පුදුමයි.හැමෝම බලන්න පැත්තකින් නැතුව වෙනස් විදිහට ජීවිතේ දිහා බලන මිනිස්සු දිනනවා.:)..අද ලෝකෙ පූජනීයත්වයෙන් සලකන ගොඩ දෙනෙක් අමුතු විදිහට හිතපු අය,ඒ වගේ කෙනෙක් වෙන්න ඇති මේ කෙනත්..
ඔය කියන හැම පුදුමයකටම මුල් වන්නෙ මිනිස් සිත පුදුමෙනුත් පුදුමය මිනිස් සිත.
8 වෙනි පුදුමය සමනලී අන්තරස්දාන නොවී එක දිගට බ්ලොග් ලිවීම.
ඒක ඇත්ත… මිනිස් සිතේ විස්කම් තමයි මේ සේරම.
ෂා 8වෙනි පුදුමය හරි ෂෝයි නෙව හී හී… 🙂 අනේ අන්තරස්දාන නොවී ලියන්න ආස උනත් වේලාව අඩු කමින් හිටි ගමන් ඩිංගක් අන්තරස්දාන වෙන්න වෙනවානේ….
හම්මේ සංසාරේ දැකපු කල්…!
අනේ මට විභාගේත් එක්ක් මේ පැත්තට පය තියන්නවත් බැරි උනා නෙව අයියේ…… 😦
ආයේමත් අතුරුදහන්….
ආයෙත් ලියන්න පටං ගත්තොත් හොඳයි නේද මිස්? 🙂
හැබෑටම ඔව් නේන්නම්!!!
ලියන්නේ නැද්දෝ- මොකදෝ වුණේ??????
හරී මේ ලියන්ටයි හදන්නේ….. තිස්ස මහත්මයා සමනලී ගැන සොයා බැලුවට බොහොම ස්තූතියි 🙂 සමනලී ගැන එහෙම කට්ටිය සොයා බැලුවා කියලා දැනෙද්දි හරිම සතුටුයි…. ඇත්තමයි