කිව්වොත් හපනා….. (දැනටමත් දන්නවද දන්නේ නෑ ඉතින්)
ඔන්න…. කාලාන්තරේකට පස්සේ සමනලී ආයෙත් ආවා……. දිඩි බිඩි දඩිං ඩෝං..!!! හෝව් හෝව් බනින්ට එපා ගහන්ට එපා… සමනලී වැරදියි තමයි මෙහෙම සද්ද නැතිව කාලාන්තරයක් හිටපු එක අන්තිම වැරදියි… සමනලී පිලිගන්නවා… ඒ නිසා යාලුවෝ හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා…. අනේ මේ සමනලීට සමා වෙන්ට…
අන්තිම පෝස්ට් එක ලීවට පස්සේ සමනලීගේ විශ්ව විද්‍යාලේ අවසන් වසර අවසන් විභාගේ ආවා, ව්‍යාපෘතියක් එක්ක හිර උනා… ඉතින් ඊට පස්සේ වයිවා වලට සූදානම් උනා… ප්‍රථිපල ආවා… මගේ අම්මේ සමනලී ඒවා දැක්කාම……….. නෑ නෑ හැංගුනේ නෑ අනේ..ප්‍රථිපල හොදම හොදයි. දොස්තර නෝනා කෙනෙක් වෙලා අම්මාගෙයි තාත්තාගෙයි හීන හැබෑ කරන්ට බැරි උනත් කොහොම කොහොමහරි මහන්සි වෙලා අනේක ජරමර මැද්දේ සමනලී විද්‍යාවේදී විශේෂ උපාධියක් සමත් උනා පළමු පෙල ගෞරව සාමාර්ථයක් එක්ක…. අම්මයි තාත්තයි සතුටින් හිනාවෙනවා දැකල සමනලීගේ ඇස් වලට සතුටු කදුලු ආවේ උපාධි උත්සවේ දවසේ තමයි ජීවිතේ පලමු වතාවට.
යාන්තම් හිතට නිවනක් ලැබුවා කියලා හිතුනට මොකද යුද්ධෙ පටන් ගත්තේ දැන්ද කොහේද… මගේ අප්පේ තව කොයිතරම් දුරක් ජීවිතේ යන්න තියෙනවද? ගෙදරින් පාසලට, පාසලින් විශ්ව විද්‍යාෙලට, එතැනින් ඔන්න සමාජෙට ඇතුලු උනා. අර පාඩම් කරකර දුක් විදපු කාලේ හොදයි කියලත් හිතෙනවා ඇත්තමයි…. දැන් හිතාගන්න බැහැ මොනවද කරන්න ඕනා කියලා. රස්සාවක් කරනවද? scholarship එකක් කොහොමහරි හොයාගෙන PhD එකත් කරලම ඉන්නවද? ඕන්න ඉතින් ඔය දෙක මැද්දේ දෝලනය වෙවී ඉගෙන ගත්තු department එකේම demonstrator කෙනෙක් විදියට වැඩ කරන ගමන් සමනලී scholarship සහ PhD ගැන හොයනවා මේ දවස් වල…
හා ඒ ගමන් විදේශ සේවා විභාගෙටයි පරිපාලන සේවා විභාගෙටත් ලියල බැලුව නිකමට වගේ. ඒත් ඒ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බයයි ඒ ප්‍රශ්න පත්‍ර වල හැටියට 😦 ඒ විභාගෙට සුදානම් වෙද්දි අහන්ට ලැබුනු බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් එක්ක තමයි සමනලී ඉදල ඉදල මේ පැත්තට පියඹලා ආවේ…. හරී ඔන්න බලමු එහෙනම් කී දෙනෙක්ට හරි උත්තරේ දෙන්ට පුලුවනිද කියලා….. (සමනලී මේක ඇහුවේ ලගදි උනාට ඔයාලා දැනටමත් මේක දන්නව ඇති නේද?)
ඔන්න මේකයි කතාව…
එක්තරා පිටිසර ගමක් තිබුනා. මේ ගමේ මැදින් එකම එක පාරක් තිබුනා ගමේ කෙලවරට. ඒ පාර ගමේ කෙලවරදි දෙකට බෙදුනා. ඉන් එක පාරක් තානායමකිනුත් අනෙක් පාර භයානක හොරු ඉන්න ගල් ගුහාවකිනුත් කෙලවර උනා. මේ පාර දෙකට බෙදෙන තැන හරිම පාලුයි. ඒ ඉසව්වටම හිටියේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක් විතරයි. මෙතැනට එන අයට පාර අහගන්න වෙන්නේ මේ සහෝදරයන්ගෙන් තමයි. හැබැයි මේ දෙන්නා වැඩ කලේ shift duty ක්‍රමයටයි. ඒ කීවේ පාර බෙදෙන හංදියේ මේ දෙන්නා හිටියේ මාරුවෙන් මාරුවට. දෙන්නම එකම වෙලාවේ ඉන්නේ නෑ. දෙන්නා පෙනුමෙන් සර්ව සම නිවුන්නු. හැබැයි ක්‍රියාවෙන් නම් එහෙම නෑ. යම් ප්‍රශ්නයක් ඇසු විට ඔවුන්ගෙන් එක් අයෙකු සෑම විටම සත්‍යයත් අනෙකා සෑම විටම අසත්‍යයත් කියනවා. ඒ කීවේ එක්කෙනෙක් බොරුමයි කියන්නේ, අනිකා පැත්ත ගියත් ඇත්තම කියන කෙනෙක්. පාර අහගන්න එන පුද්ගලයෙකුට මේ සහෝදරයන්ගෙන් අහන්න පුලුවන් එකම එක ප්‍රශ්නයක් විතරයි හරි පාර හොයාගන්න.
ඔන්න දවසක් සංචාරකයෙක් ගම මැදින් ආවා මේ හංදියට. දැන් එයාට ඕනා අර කලින් කීව තානායමට යන්නයි. නිවුන් සහෝදරයෙක් ඉන්නව හංදියේ පැත්තකින් වාඩි වෙලා. එයා බොරු කියන කෙනාද ඇත්ත කියන කෙනාද කියලා දන්නෙත් නෑ මේ සංචාරකයා. අහන්න පුලුවන් එකම එක ප්‍රශ්නයයි. වැරදි පාරේ ගිහින් හොරුන්ට අහුඅනොත් මැරුම් කන්ටයි වෙන්නේ.
හොදයි කොහොමද මේ සංචාරකයා එකම එක ප්‍රශ්නයක් අහලා තානායමට යන හරි පාර හොයාගන්නේ??
බලමුකෝ කී දෙනෙක් මේ කතාව මීට කලින් අහලා තියෙනවද? කී දෙනෙක්ට හරි උත්තරේ හොයාගන්ට පුලුවනිද කියලා…. ඔන්න එහෙනම් සමනලී මගබලන් ඉන්නවා උත්තර ලැබෙනකල් යාලුවනේ…..
හෙහ් හෙහ් අපේ තාත්තගේ ප්‍රියතම පුස්නේ…… මං උත්තරේ නොකිය ඉන්නම් නේද….. ඔන්න රහසින් කියන්න විදියක් තියේ නම් කියන්නම්……
ආයේ ආපු එක ගැන සතුටුයි…… සුභ පැතුම් අක්කා…….!!!! යන මඟ බාධක නැතුව ඉඳිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා………
හලෝ හා පැටික්කියෝ කොහොමද? ඔයාගේ විභාගේ එහෙම මොකෝ උනේ ඉතින්? අහා එහෙනම් හා පැටික්කි දන්නවා උත්තරේ…. හා පැටික්කි දක්සයා!!! ඒත් අපි දැන්ම උත්තරේ නොකියා ඉමු නේද?
වෙල්කම් බැක් 🙂
අනේ සමනලීගේ යාලුවන්ට සමනලීව අමතක නෑ එහෙනම්…. :)))
මාත් දන්නවා උත්තරේ කියන්නද?
හප්පේ උත්තරේ දන්න අය ගොඩාක් ඉන්නව වගේ!!!
maaaaaaaaaaaaat dannawaaa 🙂
හානේ…. ඔටුවත් උත්තරේ දන්නව නෙව!!!!