අන්තර්ගතයට පනින්න

ඔන්න එහෙනම් හරි පාර හොයාගන්න උත්තරේ…

2012 ජූලි 28

කලින් පෝස්ට් එකේ සමනලී පුංචි පහේ කතාවක් එක්ක ප්‍රශ්නයක් ඇහුවා නෙව…. අර සංචාරකයා කොහොමද හරි පාර හොයාගන්නේ කියලා? සමහරු නම් උත්තරේ දන්නවා කියලා තිබුනා… සමහරු පෝස්ට් එක කියවලා තිබුනේ නැහැ… සමනලීත් එහෙන් මෙහෙන් අතුරුදහන් වෙලා ඉදලා එකසැරේටම ආවහම ඔහොම වෙනව ඉතින්….

 

හරී එහෙනම් මෙන්න උත්තරේ….. පප්පර පාං….!!!

දැන් අපි දන්නේ නෑ නෙව ඒ වෙලාවේ එතැන ඉන්නේ බොරු කියන කෙනාද ඇත්ත කියන කෙනාද කියලා. ඉතින් ඒ හරි පාර තෝරගන්න නම් සංචාරකයා අහන්න ඕනි මෙන්න මෙහෙමයි:

ඔබේ සහෝදරයා මෙතැන සිටියානම්, තානායමට යන පාර ලෙස ඔහු පෙන්වන පාර කුමක්ද?“

හරි දැන් බලමු කොහොමද ඒක එහෙම උනේ කියලා….

ඇත්ත කියන නිවුන් සහෝදරයා එතැන උන්නා නම්, තමුන්ගේ බොරු කියන සහෝදරයාගෙන් තානායමට යන පාර ඇහුවොත් එයා පෙන්වන්නේ හොරු ඉන්න දිශාවට යන පාර නිසා, ඇත්ත කියන සහෝදරයා ඒ හොරු ඉන්න පාර පෙන්නාවී

එතැන උන්නේ බොරු කියන සහෝදරයා නම්, ඔහු දන්නවා තමුන්ගේ සහෝදරයා ඇත්ත කියන නිසා ඔහුගෙන් තානායමට යන පාර ඇහුවොත් පෙන්වන්නේ හරි පාර බව. ඒත් ඉතින් මෙයා කියන්නේ බොරු නිසා මෙයා පෙන්වන්නේ හොරු ඉන්න පාරම තමයි.

ඒ කියන්නේ එතැන ඉන්නේ ඇත්ත කියන කෙනා උනත් බොරු කියන කෙනා උනත් අර විදියට ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ එකම උත්තරේ, වැරදි පාර. දැන් ඉතින් වැඩේ ලේසියි, ඒ පෙන්නන පාර නෙවී අනිත් පාර තමයි තානායම තියෙන පාර!!

ඔන්න එහෙනම් තවත් ලිපියකින් හමුවීමේ අදහසින් සමනලී දැනට සමුගන්නම්….. හැමෝටම ප්‍රීතිමත් සති අන්තයක් වේවා!!!

Advertisement
ප්‍රතිචාර 6 leave one →
  1. 2012 ජූලි 28 පෙ.ව. 11:34

    විලියම් ටෙල් ඩ්‍රාමා එකේත් සැකයේ මාළිගාවේ හිරවුණු විලියම් ටෙල්ටත් ඔය වගේ ප්‍රශ්න අහන්න වෙනවා ඒකෙන් ගැලවෙන්න……

  2. 2012 ජූලි 28 ප.ව. 9:40

    සමනලීව දැක්ක කල්!

    අන්තිමට දැක්කෙ කකුල කඩාගෙන ඉද්දි කාලෙකට කලියෙන්…..

    • 2012 ජූලි 29 පෙ.ව. 11:12

      ඒක නේන්නම් බුද්ධි අයියේ…. සමනලීට මේ පැත්තේ එන්ට බැරි වෙන තරම් වැඩයි එක එක ආකාරයේ බාධකයි ආවා නොවැ. අනේ ඒත් අයියලා සමනලීව අමතක නොකර කාලෙකට පස්සේ හරි ආවා කියලා දැක්කාම හරිම සතුටුයි….. 🙂 🙂

  3. IndraJ permalink
    2012 ජූලි 29 පෙ.ව. 7:54

    බ්ලොග් එකට එන්න පාරත් නිවුන් සහෝදරයන්ගෙන්ද අහගත්තෙ? 😀

    • 2012 ජූලි 29 පෙ.ව. 11:14

      අන්න වැදගත් ප්‍රශ්නයක්!! අනේ ඉතින් ඔහොම බැනල මදි සමනලීට… 😛 සතියට එක පෝස්ට් එකක්වත් දාන්නයි හිතන් ඉන්නේ. ආයේ අර වගේ බ්ලොග් එක පාලුවට යන්ට නොදී….

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: