මම ලොකුවට හිතුවාද? ලොකු අය පොඩි අය වාගේ හිතුවාද?
ෙම් කතාව කියන්න නම් ප්‍රමාද වැඩියි. ඒත් මම බ්ෙලාග් ලියන්න පටන් ගත්ත අලුත් කෙනෙක්නෙ…..
මම පුංචි කාෙල් අම්මලා අනුරාධපුර ඒක්කන් ගියා. ඉතින් අතරමග මට දුටුගැමුණු රජතුමා හැදුවා කියලා සෑයක් පෙන්නුවා. මම රජවරු ගැන අහලා තිබුනෙ හරිම සැපට සේවකයින් අතට පයට ඉන්න උජාරු කට්ටිය කියලානේ. දැන් ඉතින් මට හිතාගන්න බෑ ඒ රජතුමා අව්වෙ කට්ට කාගෙන අර විශාල සෑය හැදුවෙ ඇයි කියලා සේවකයිනුත් ඉද්දි..!? අම්මලා මට බොරුද කොහෙද කියන්නෙ.. මම අහුවෙයි ඕවට…
සෑහෙන වෙලා කල්පනා කරලා බැරිම තැන අම්මාගෙන් හිමීට ඇහුවා මේක… අම්මාට හිනා ගියා…. “අනේ පුතේ ඔයාටත් හිතෙන දේවල්…” අම්මා කීවෙ හිනාවෙවී
ඊට කාලෙකට පස්සෙ ඔය කතාව දේශපාලන වේදිකාවෙ ඇහෙද්දි සමනලීට මතක් උනා පුංචි කාලෙ හිතපු හැටි. සමනලී නම් ඒ වෙද්දී පුංචියි… ඒත් දේශපාලන වේදිකාවෙ ඒක කියුවෙ ලොකු ලොකු මිනිස්සුනෙ…..
ඒ කාලෙ හැමදේම මිනිස්සු පවා රජතුමාටනෙ අයිති. ඉතින් රජතුමාට ඇරෙන්න වෙන කාටවත් බැහැ ඒවා කරන්න. ගේක හුණු පිරියම් කරන්නවත්, වහළෙට උළු තියන්නවත් බැහැ.. ඉතින් කවුරු කළත් රජතුමාගෙ නමට තමා බැර වෙන්නේ..ඒක මිනිස්සු කළාය රජු කළාය කියලා වෙන් වෙන්නේ නැහැ…බැලූ බැලූ අත රජතුමා.. සමහර දේවල් වචනාර්ථයෙන් ගන්න බැහැ. ඒක පස්සේ තියෙන ඓතිහාසික සාධක එක්කයි කියවන්න වෙන්නෙ.. දැන් අපි ඒවා සරළ කරල හිනාවෙන්නෙ වචනාර්ථය විතරක් ගන්න නිසයි…
මේක විද්‍යුත් තැපැල් මාර්ගයෙනුත් ගිහින් තිබුණ නිසයි මට එහෙම ලියන්න හිතුණෙ. සිංහල බ්ලොග් අවකාශයට සාදරෙන් පිළිගන්නවා 🙂
ඒක නම් අැත්ත…. මිනිස්සු වචනාර්ථය විතරක් ගන්න නිසා සෑහෙන ෙද්වල් පටලවාගෙන.
මන් මේ ලිපිය ඇතුලෙන් දෙන ගොඩක් ලොකු පණිවිඩයක් දැක්ක. රජ කාලේ කෙසේ වෙතත් අද කාලේ වෙන එක්තරා අසාධාරණ සමාජ න්‍යායයක් ඔයා බොහොම ලස්සනට උපහසයට පත් කරල තියෙනවා. මට මතක් වෙනවා කව්දෝ මන්දා කිව්ව කතාවක්.
“මේ ලොකේ මිනිස්සු වර්ග 2ක් ඉන්නවා. එක කොටසක් වැඩ කරන අය. අනිත් කොටස ඒ කරපු වැඩ වලට බොරුවට ලකුණු දාගන්න අය.”
පොඩි කාලේ පොඩි කමට උනත් සමනලීට හිතුනෙත් ඕකම තමයි….. රජතුමා සේවකයන් දම්මලා ලොකු ලොකු නිර්මාණ බිහි කරලා තියෙන්නේ…. ඒත් ගිනි අව්වේ දාඩිය මහන්සිය දිය කරපු අහිංසක සේවකයෝ ගැන කොහේදිවත් කියවෙන්නේ නෑ……..
අද සමාජෙත් සිද්ධ වෙන්නේ ඕකම තමයි…. සමහරවිට සේවකයන්ගේ නම කියවුනේ නැතත් ඒ කාලේ රජතුමා එයාලට ප්‍රමාණවත් තරම් ගෙවීමක්ව්ත් කරන්න ඇති. අද සමාජේ ඒකවත් නෑනේ…………