අන්තර්ගතයට පනින්න

හරිම පුදුම අහස……

2010 මාර්තු 14

පුංචි පුංචි වැහි බින්දු එකින් එක එකට එකතු වෙලා කාලෙකට පස්සේ පොළව මත වැටිලා දග කරන හැටි සමනලී බලන් උන්නේ හරිම ආසාවෙන්.. ගිනි පිඹින ඉර මාමාට සාප කර කර දාහය දරා ගන්න බැරිව හිටිය හැමෝටම මේ වැටෙන පොද වැස්ස හරිම සුන්දරව පේන්න ඇති නේද?

වේලිලා ඉරි තැලුනු පොළව වැහි බින්දු උරාගත්තාම නැගෙන නැවුම් සුවදට සමනලී හැමදාමත් ආසයි… හැමදාම දකින වැස්සට වඩා කාලෙකින් ඇද වැටෙන පුංචි වැහි පොදට කොයිතරම් ගරු බුහුමන් ලැබුනාද කියලා දැක්කාම සමනලීට මතක් උනේ ප්‍රසිද්ධ කියමනක්…..

“ලගින් ඉන්නවට වඩා දුරින් ඉන්නකොටයි අගේ දැනෙන්නේ….”

වැස්සේ තෙමෙන්න සමනලී හරිම ආසයි… පුංචි කාලේ වගේම. ඒත් කාලෙකට පස්සේ වහින වැස්සේ තෙමෙන්න හොද නෑලුනේ… ඉතින් සමනලීට තෙමෙන්න ඉඩක් ලැබුනේ නම් නෑ.

ඒත් කාමරේ වීදුරු කවුලුව දිගේ ගලා ගිය වැස්ස දිහා ආසාවෙන් බලා උන්න සමනලී දැක්කා…. ගහ කොල අතු නවා අහසට ආචාර කල හැටි…. සමනලීට ඇහුනා මලානික වෙලා දුකින් උන්න පුංචි තණපත් වැස්සට ස්තූතියි කියලා සතුටින් කීව හැටි…… සමනලීට දැනුනා පොළොව ආදරෙන් වැහිපොද පිලිගත් හැටි…….. වැහිපොද එක්ක දගකරමින් සුලග අද හිටියේ හරිම සතුටින්…. අහස බලාගෙන උන්නා සිනාවෙන් සැරසිලා පොළව මත පුංචි වැස්ස මවපු අරුමය………


අහස ඇත්තටම හරිම පුදුමයි නුඹ

පුංචි වැහි පබලු අමුණා එකිනෙක
මිහිපිට ගොතන මුතු තිරය….
වලා කැටි අතුරා රටාවට
හවසට නුඹ අදින සිතුවමට
හිරු කුමරු මැවූ විට නේක රූ වර්ණ රස
පාරාදීසය මැවේ අප නෙතු අග…….
හිරු සමග අප දව දවා රිදවූ නුඹම අද
සිසිල් වැහි පොද රැගෙන සොදුරු සුව මැවූ අරුමය
අහස හරිම ලස්සනයි වාගෙම

ඇත්තටම හරිම පුදුමයි නුඹ………….

Advertisement
ප්‍රතිචාර 20 leave one →
  1. 2010 මාර්තු 14 පෙ.ව. 7:46

    අපූරු විඳීම් සටහනක් සමනලී. පද පෙලත් හරිම ලස්සනයි.

  2. indraj permalink
    2010 මාර්තු 14 පෙ.ව. 7:47

    හරිම පුදුමයි තමයි !!!!!!!

    ඔය වැටුනෙ අහස අඬපු කඳුළු
    දාහය දරා ගන්න බැරිව පහල ඉන්න සතුන් ගැන දුක හිතිල
    එහෙම නැත්නම් අපි අහසට යවන කලු දුමාරය අහසට දරා ගන්න බැරි තැන අහස අඬල. අපි අහසට දිගටම මෙහෙම අරියාදු කලොත් අහස හයියෙන් අඬයි.
    එත කොට අපිට මෙහෙම තමයි අහසට කියන්න වෙන්නෙ

    අහස නුඹ මෙතරම් සැඩ යැයි
    දැනුනෙ මහ වැසි වැටුනාමයි.

    • 2010 මාර්තු 14 පෙ.ව. 10:17

      ස්තූතියි indraj…! ඔයා සමනලීගේ වැහි සිතුවිලි වලට අලුත් මාවතක් පෙන්නලා…. ඇත්ත මෙහෙම ගියොතින් අහස ඉවසලා බැරිම තැන හයියෙන් අඩලා ආයෙමත් අපිව පුදුම කරාවි……….

  3. 2010 මාර්තු 14 පෙ.ව. 8:08

    ලස්සනයි සමනලී කවි පද ටික….වැස්සෙ තෙමෙන්න වගේම පෑවිල්ලට වේලුන පොලවට වැහි බිංදු වැටෙද්දි දැනෙන දූවිලි සුවඳටත් මං ආසයි……

    • 2010 මාර්තු 14 පෙ.ව. 10:20

      බොහොම ස්තූතියි විශ්මි….!
      සමනලී වගේම විශ්මිත් ඒ සුවදට ආසයි එහෙනම්….. 🙂 සමනලීත් ඊයේ හිත පුරා ඒ සුවද විදගත්තා…. සතුටින්….

  4. 2010 මාර්තු 14 පෙ.ව. 8:25

    මෙහාටත් අද වැස්සා සමනලී… ඔය කියන හැඟීම මටත් දැනුනා. ජනේලේ ඇරගෙන රෑ කළුවරේ අකුණු සැරට සැ‍රින් සැරේ දිලිසී ගෙන යන එළියේ උදව්වෙන් මාත් වැස්ස දිහා බලාන උන්නා. වෙනදා වගේ නොසතුටින් නෙවී. කාලෙකින් දැකපු පරණ මිත්‍රයෙක් දිහා බලං ඉන්නවා වගේ.
    සමනලී අත්විඳපු දෙයක් , ‍අපේ අත්දැකීමක් විදියට කියලා තියෙනවා..ඒ අත්දැකීම හොඳට ම සුසර වෙලා මේක කියවන්නාගේ අත්දැකීමත් එක්ක.
    ඇත්තටම හරිම අපූරුයි..
    -ජය

  5. 2010 මාර්තු 14 පෙ.ව. 11:04

    හ්ම් ඉඩෝරෙ ඉවර කරමින් වහින වැස්ස තමයි සුන්දරම.

  6. chejana permalink
    2010 මාර්තු 14 පෙ.ව. 11:27

    වින්දනීය වැස්ස…

  7. sawithri permalink
    2010 මාර්තු 14 ප.ව. 7:58

    lassanai samanalee 🙂

  8. Otuwa permalink
    2010 මාර්තු 15 පෙ.ව. 10:09

    Hmmmm!
    Matath dan mathak wenawa mage ekkenath ekka ratakaju kaka wesse themi themi giya heti. matath wada eya asai wesse themenna.meheta nam sehenna wessa.
    Hanthane kandu muduna sisara pawanak wee ennam……..kiyala wessa awa..
    mama hithanne samanalige salamanaya nam oyawa nalawana widiyata wesse themenna denne nethuwa athi neda?
    😀

  9. Otuwa permalink
    2010 මාර්තු 16 පෙ.ව. 7:44

    Ahaaaa..mama kiwwe 😛
    dan nam mata oyage me blogs eka mage ekkenata pennanna puluwani. eyatth dekkama oyage salamanayata baniwwi. mokada wesse themenna eyath aasa nisa

  10. Otuwa permalink
    2010 මාර්තු 17 ප.ව. 7:05

    Matath asay but time thama podi kossakata thiyenne.balamu balamu. sthuthiy adahasata!
    🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: