අන්තර්ගතයට පනින්න

හිටිගමන් අතුරුදහන් වීමේ රහස……

2010 මාර්තු 31

ඉතින් කොහොමද යාලුවනේ……?

“මේ සමනලීත් නම් හරිම කෙනා තමයි, මාසයක් තිස්සේ බ්ලොග් එකක් ලියලා… අදට මාසයයි මාසයයි…!!! කියලා පෝස්ට් එකක් එහෙමත් දාලා මෙන්න බොලේ ඊට පස්සේ සද්දයක්වත් නෑ…..!!!!!”

කට්ටියට හිතුනේ එහෙම නේද? සමනලී දන්නවා ඕවා…… ම්… ඔය ඔය.. සමනලීට පේනවා ඔව් කියලා ඔලුව එහෙම වැනෙන්නේ…….

අනේ ඉතින් ඔන්න සමනලී එහෙම එකපාරට සයිබර් අවකා‍ශේ අතෑරලා ගියා එහෙම නෙවී…. පහුගිය දවස් ටිකේ සමනලීට කරන්න තිබුනු වැඩ කන්දරාව අධික උනා නෙව!! ඒකයි මේ හිටිගමන් අතුරුදහන් වීමේ රහස…… සමනලී ඉතින් බොහොම වෙහෙස මහන්සිවෙලා ඒ වැඩ රාජකාරි ටික කරගත්තා ඕං… ඔය දහසකුත් එකක් වැ‍ඩ මැද  ලඟ ලඟ එන සිංහල අවුරුද්දට ලකලෑස්ති වෙන්න කියලා ගෙදර දොර බඩු ගන්න  සමනලීගේ අම්මා‍ගේ තනියට වෙළඳසැල් වන්දනාවේ යන්නත් උනා….

ඒ වාගේම සමනලී බ්ලොග් ලියන්න පටන් ගත්තු දවසේ පටන් මේ තරම් දුරක් පියාසලන්න හිතට ධෛර්ය දුන්නා වගේම සමනලීගේ යාලුවෝ හැමෝම පුංචි සමනලීගේ පුංචි බ්ලොග් පිටුවට ඇවිත් සමනලීට සුභ පැතුම් දීලා තිබුනා….

හිතේ කහටක් ඉරිසියාවක් නැතිව හදවතින්ම සමනලීට සුභ පතපු ඒ හැමෝටම හුඟක් ස්තූතියි යාලුවනේ…!

ඒ දිරිගැන්වුම් වලින් තව තවත් පිරුණු හිතින් තමයි දැන් සමනලී සිතුවිලි අරන් පියාසලන්නේ…….

යාන්තම් දැන් ඔන්න ටිකක් නිදහස්….. ඉතින් තවත් සමනල සිතුවිල්ලක් අරගෙන නොබෝදිනකින්ම ඔයාල‍ගේ ඇස් අද්දරින් පියාඹන්න හිතාන සමනලී ලෑස්ති වෙනවා…. එතකල් ගිහින් එන්නම් හොදේ…..

හැමෝටම සතුට සැනසුම පිරුණු සුභ දවසක්…..!!!!

Advertisement
ප්‍රතිචාර 50 leave one →
  1. hasithag permalink
    2010 මාර්තු 31 ප.ව. 5:11

    මම හිතුවේ සමනළී සමනළ කන්ද පැත්තේ ගිහින් එන්න ගියාවත්ද කියලා

  2. Otuwa permalink
    2010 මාර්තු 31 ප.ව. 5:17

    ekane mam ada mage ekkenat ekka awa samanalige blog pennana.koheda samanali lagadi awit tibba patak tibune na…eya nam hari adambarai,magen ahuwa “ko oyage mahaloku samanali”kyala? mam kiwwa samanali eyage aytikarayage kiyala.mam hari neda?
    🙂

  3. 'sulaga' permalink
    2010 මාර්තු 31 ප.ව. 5:36

    ~සුළග~

    ආවා….

  4. මාරයාගේ හෝරාව permalink
    2010 මාර්තු 31 ප.ව. 5:57

    කෝ කඩෙ ගිහින් ගෙනාපුවා…
    අපිටත් ඔන..

  5. 2010 මාර්තු 31 ප.ව. 7:47

    බුහ්ව ඔන්න සමනලී බලන්න මහා භයානක හොල්මනත් ආවා!

    • 2010 මාර්තු 31 ප.ව. 7:56

      අපොයි!!!! සමනලී බය උනා නෙව….. 🙂
      ඒත් පණ පිටින් ඉදන් හතුරුකම් කරන මනුසතාට වඩා හොල්මන හොදයි වගේ…. එන්න එන්න පුලුවන් වෙලාවට සමනලීව බලලා යන්න එන්න හොදේ?

  6. 2010 මාර්තු 31 ප.ව. 8:03

    හොඳා හොඳා..
    ලියන්න පටන් ගනිමුකො එහෙනම් ආපහු.

  7. 2010 මාර්තු 31 ප.ව. 8:32

    වන්දනාවේ ගියේ නැද්ද? පරිස්සමින් ඉන්න..:)
    සමණල්ලුන්ට සතුරෝ වැඩියි.

    • 2010 මාර්තු 31 ප.ව. 9:28

      ම්…. අවුරුදු කාලෙට වෙලද සැල් වන්දනාව ඉතින් හරිම අමාරුයි නෙව…… සතුරෝ නම් ඕනාවටත් වඩා… ලඟම ඉදන් හතුරුකම් කරනව‍නේ….

  8. 2010 මාර්තු 31 ප.ව. 8:38

    සමනලී අවුරුද්දට කැවුම් කොකිස් හදන්නෙ එහෙම නැද්ද?

  9. bandaraya permalink
    2010 මාර්තු 31 ප.ව. 9:14

    මාත් කැමතියි සමනොලීට… හැබැයි තටු හයිය නම් විතරයි…..

  10. ~ හා පැටික්කි (MS) ~ permalink
    2010 මාර්තු 31 ප.ව. 9:56

    සමනලීව බලන්න ආවෙ කාලෙකින්…. ගොඩ දවසකට හා පැටික්කිට මේ පැත්තෙ එන්න බැරි උනා නෙ…..

  11. වැප් permalink
    2010 අප්‍රේල් 1 පෙ.ව. 5:54

    ඔයා නැතුව අපි හරි සතුටින් හිටියේ…. ඇයි ඔයා ආයිත් අවේ …. අපරාදේ … 🙂

  12. Pathum Punchihewa permalink
    2010 අප්‍රේල් 1 පෙ.ව. 7:41

    මේ ඇහුවට තරහ වෙන්න එපා සමනළී… ඇත්තටම සමනළීට පුළුවන්ද මේ කැවුම් කොකිස් එහෙම හදන්න? මම අහන්නේ මේ කන්න පුළුවන් කැවුම් කොකිස්? 🙂

  13. bandaraya permalink
    2010 අප්‍රේල් 2 පෙ.ව. 12:04

    සමනොළී ගෙ තටු ඇත්තටම හයියද බලන්න මම ආසා වුණත් මට ඒක කරන්න බෑ… මොකද මගෙ අත් හරි ගොරෝසුයි…….

  14. 2010 අප්‍රේල් 2 පෙ.ව. 1:08

    සමනලී… ඉතින කොහොමද? සමනලයත් ඉන්නවද සනීපෙන්…? අපිටත් මේ දවස්වල හොදට වැඩ… අමාරැවෙන් පලමු කඩඉම පැනගත්තා….අවුරැදු එහෙම ජයට ඇති නේද? (මේ බ්ලොගය පුරාම කෑම ජාති හදලනෙ) 😀

    • 2010 අප්‍රේල් 6 පෙ.ව. 11:55

      ඔව් ඔව් මේ අවුරුද්ද සමනලී වගේම මේ සිරිලංකාවේ හැමෝටම සතුටින් සමරන්න ලැබෙන්න කියලා සමනලී සතුටින් බලාන ඉන්නවා…. 🙂

  15. Otuwa permalink
    2010 අප්‍රේල් 7 පෙ.ව. 11:48

    Appaaaaa..ara bandaraya ena pota nam hoda ne.thatu hayyada balanna samanalige aythikaraya innawa kiyanna. mama me kiyanne mage ekkenage athdakeem walin, kattiya thatu hayyada balala anthimata thatuth galawan yanne!

    (samawenna samanli mama witharaene mehema singlish comments danne..oyage blog eka ketha wenawada manda?)

    • 2010 අප්‍රේල් 7 ප.ව. 6:25

      අනේ එහෙම කැත වෙන්නේ නෑ…. සිංග්ලිෂ් උනත් සමනලී දිරිමත් කරන්න දෙන කමෙන්ට් සමනලීට වටිනවා ඔටුවා…… ම්….. සමනලීගේ තටු හයියයි තමයි…. 🙂

  16. 2010 අප්‍රේල් 8 ප.ව. 3:50

    සමනලී.. ඔයා කිව්ව එක ඇත්තයි බොහෝ දුරට… මතුපිට පෙනුමෙන් ඇතුලාන්තය මනින්න බෑ..
    ඒත් මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. අපේ මේ සංවාදය නිසා අර කොහේවත් ඉන්න ඔටුවා මල්ලිට රිදෙන්නෙ ඇයි…?
    ඔහුත් මම වගේම ඔයාට ආදරෙන් ඉන්න කෙනෙක්ද…?

    • 2010 අප්‍රේල් 8 ප.ව. 6:06

      අනේ ඉතින් bandaraya සහ ඔටුවා… ඔයාලා දෙන්නාම සමනලීගේ යාලුවෝනේ නේද? ඔන්න රණ්ඩු වෙන්න බෑ හොදේ? සමනලීට වැඩියෙන්ම ආදරේ සමනලීගේ අයිතිකාරයයි…. 🙂

  17. 2010 අප්‍රේල් 8 ප.ව. 8:00

    සමනොළී … අද ඔයාගෙ පිළිතුර හරිම වේගවත් නේ ….වෙනදාට දවස් කීපයක් යනවා උත්තර එන්න.
    ඔයා කියනවානම් මම රණ්ඩු නොවී ඉන්නම් … ඔයාම දැක්කානේ , මම එයාට ඔටුවා මල්ලි කියලායි කීවේ … නරක කිසිම දෙයක් කියලා නෑ.

  18. 2010 අප්‍රේල් 9 පෙ.ව. 12:43

    අද චන්දෙ නිසා දිගටම ඔයා ඇහැරගෙනද ඉන්නෙ …?
    ඔයා හිනා වෙන්නෙ ඔය විදිහටද …. මට හිතුනෙ / මුකුත් නෑ….

    • 2010 අප්‍රේල් 9 පෙ.ව. 1:28

      නෑ නෑ දිගටම ඇහැරිලා ඉදලා බලන්න තරම් සමනලී ඔය ජන්ද ගැන උනන්දු නෑ…… හිනා වෙන්නේ එහෙමද??? ම්…. නැත්නම් මෙහෙමත් හිනා වෙන්න පුලුවනි 😀 😀

  19. 2010 අප්‍රේල් 9 ප.ව. 6:21

    welcome back samanali………

  20. Otuwa permalink
    2010 අප්‍රේල් 10 පෙ.ව. 11:52

    Me bandarayo..mama adare mage ganu lamayata.samanalita adare wenna eyata aythikarayek innawane.mata owa adalath ne.bandaaraya ekka ganu denu karana eka samanalige wadak.eth me samaje minissu gena danna nisai eyata parissam wenna kiwwe..echcharai OK?

    • 2010 අප්‍රේල් 10 ප.ව. 12:09

      අනේ…. දැන් ඔය කතාව ඇති හොදේ? ඔයාලා දෙන්නාම හොද ළමයිනේ? සමනලීගේ යාලුවෝනේ? ඉතින් රණ්ඩු එපා….
      සමනලී පරිස්සම් වෙනවා..
      සමනලීව අයිතිකාරයා පරිස්සම් කරනවා…
      සමනලීට ආදරේ එයාගේ අයිතිකාරයයි……

      හා දැන් හරි…. කෝ දෙන්නාම පොඩ්ඩක් හිනා වෙන්න බලන්න….. 🙂 🙂

  21. Indraj permalink
    2010 අප්‍රේල් 10 ප.ව. 9:17

    දන්නෙම නැතුව සමනලී මාසයක් තිස්සෙ බ්ලොග් ලියල නොවැ.
    තව වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න ශක්තිය ධෛර්ය්‍ය හා අදහස් ලැබේවායි පතන්නෙමි.

  22. 2010 අප්‍රේල් 12 ප.ව. 10:26

    සමනොළී … ඔයා දිගින් දිගටම මගෙ ප්රතතිචාර කපා දානවා … මං අහන්නෙ ඒ ඇයි ..?

    අවංක වෙන්න සමනොළී… හිතට එකඟව තීරණ ගන්න… කාගේවත් රූකඩයක් බවට පත් වෙන්න එපා… ඔයා හුඟක් බුද්ධිමත් කෙනෙක් කියලයි මම හිතුවේ ….. [ඔයාගෙ ලිපි කියවන කොට එහෙමයි මට හිතුනේ] නමුත් දැන් නම් මට ඒ ගැන සැකයක් මතු වෙනවා.

    නමුත් මට අසාධාරණය පේන්න බෑ.. හරියට ඔයාට වගේ.. මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නෙ මටයි…

    මේකටත් ඔයා පිළිතුරු නොදී බුම්මගෙන හිටියොත්…තවදුරටත් , ඔයා මගේ යාලුවෙක් නොවේ කියා මා සිතා ගන්නවා…

    • 2010 අප්‍රේල් 12 ප.ව. 11:13

      අනේ තව දුරටත් ඔබ හා මගේ බ්ලොග් එකේ තවත් පාඨකයකු හා අතර බහින්බස් වීමක් ඇතිවීම වළක්වනු පිණිස ඒ කරුණ සම්බන්ධයෙන් ඔබ සහ ඒ අනිත් පුද්ගලයා යොමුකරණ කිසිදු පුතිචාරයක් පළ නොකිරීමට සමනලී තීරණය කලෙමි……ඔබේ පුතිචාරය සංස්කරණය කිරීමට සිදු වූවේද ඒ නිසාය. සමනලී කිසිවෙකුගේ පැත්තක් ගෙන නොමැති බව කාරුණිකව වටහාගන්න………..
      ස්තූතියි……

  23. 2010 අප්‍රේල් 13 ප.ව. 11:19

    හොඳයි සමනොළී …. මම හිතනවා අර මම සඳහන් කළ මල්ලි වගේ තව හුඟක් යාලුවො ඔයාට ඇතිය කියා….
    ඒ නිසා මම ඉවත් වුණාට ඔයාට පාඩුවක් වෙන එකක් නැහැ.
    මහා සාගරයෙන් ජල බිඳුවක් වාෂ්ප වුණාට දැනෙන්නෙවත් නැහැනෙ …. මා වැනි බොහොම පුංචි මිනිසෙක් [හොඳ මිතුරෙක් ] ඔබට ලියූ බව අමතක කරන්න.

    ඔබට සුභ අලුත් අවුරුද්දක් පතමි.
    ස්තූතියි.

    • 2010 අප්‍රේල් 13 ප.ව. 11:33

      සමනලීට මහා ගොඩක් යාලුවෝ නැති බව ඔබ නොදන්නවා විය හැකියි…… ඔබ විසින් සමනලීගේ පුංචි බ්ලොග් පිටුවේ සටහන් තැබූ අනිකුත් සියලු පුතිචාර (අර දබරයට සම්බන්ධ නොවන සියලු පුතිචාර) සමනලී සතුටින් පළ කල බවත් ඔබ අමතක නොකරන්න…..
      ස්තූතියි ඔබ දැක්වූ ඒ පුතිචාර සහ දිරිමත් කිරීම් වලට…. ඒ වාගේම සමනලිගේ මේ පුංචි බ්ලොග් පිටුව කිසිවෙකුටත් දොරඟුලු දමා නැත…. ඔබට කවදා හෝ දිනක නැවත සමනලී බලන්නට හිතුනෝතින් එදිනටත් ඔබ දක්වන ප්‍රතිචාර සමනලී සතුට්න් භාරගන්නම්…..
      එතෙක් ඔබට සමනලී සුභ පතන්නම්……

      ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා…..!!!!

  24. 2010 අප්‍රේල් 14 පෙ.ව. 12:21

    අමතක වෙන්නෙ නෑ සමනොළී…. ඔයා එක්ක තරහකුත් නෑ …. නමුත් .. නමුත් .. මම හුඟක් සංවේදී කෙනෙක් … [ මම දන්නවා ඔයත් ඒ වගේමයි ]
    මම ඔයාගේ සිත රිදවීමට අදහස් කළේ නෑ …එහෙම වුණා නම් මට සමාවෙන්න.

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: