අන්තර්ගතයට පනින්න

සමනලීගේ පියාපතක් බිදී සමනලී එකතැන් වෙයි!!!!!

2010 නොවැම්බර් 13

අනේ කටිටියට හිතුනේ නැද්ද ඈයි මේ සමනලී මාසයකටත් වඩා සද්ද නැතිව ඉන්නේ කියලා? වෙලාව ලැබෙන හැටියට සමනලි කොහොමින් හරි ඉතින් ඔයාලා බලන්න ආවා නෙව ඉස්සර. ඒත් අනේ බලන්න සමනලීට වෙච්ච ඈබැද්දිය……….

මීට මාස 1 1/2 කට විතර කලින් බටහිර අහසින් ලස්සනට ඉර මාමා බැහැගෙන යන හැන්දෑවක සමනලීත් දේශන අවසන් වෙලා බොහොම සතුටින් ගෙදර යන්න පිටත් උනා. එදා ගෙදර ගියාම ටිකක් නිදහසේ ඉදලා ඊලගට කරන්න වැඩ ගොඩක් සැලසුම් කරගෙන එහෙම සමනලි පිටත් උනේ. ඒත් එදාසමනලීට ගෙදර යන්න ලැබුනේ බොහොම දුකින් 😦

සමනලී ගිය බස් එකේ රියදුරු මාමා වේගෙන් ආවෙත් නෑ. ඒත් අනේ සමනලී බස් එකෙන් බහිද්දිම දඩෝං ගාලා වැටුනා නෙව බස් එකෙන් !!!!! සමනලීට දැනුනේ පා වෙලා ගියා වගෙයි. සමනලී දනි පනි ගාලා නැගිට්ටත් සමනලීගේ කකුලේ මොකක් නමුත් වැරැද්දක් වෙලා තියෙන බව සමනලීට දැනුනා. අනේ බලන් ඉද්දිම එක මොහොතින් කකුල හුලං පිරෙන බැලුමක් වගේ ඉදිමුනා. උහුලන්න බැරි වේදනාවයි බයයි එක්ක ඈස් වලට කදුලුත් ඈවිත්.

අන්තිමේ ගෙදර යන්න කියලා ආපු සමනලීට යන්න උනේ ශ්‍රි ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට! එතැනින් x-කිරණ ජායාරූප එහෙම අරන් ඒ අය කීවේ නැතැයි සමනලීගේ කකුලේ අස්ථියක් පුපුරලා ගිහින් කියලා!!! සමනලීට දැනුනේ ලෝකෙම කඩා වැටුනා වගෙයි. අනේ ඉතින් ඒ කකුල වටේට බරම බර ප්ලාස්ටරයක් එහෙම දාලා සමනලීව ගෙදර එව්වා. ඒ කකුල හොදටම සනීප වෙන්න සති 6කට වඩා යාවී කීවා, එතකල් ඒ කකුල බිම තියන්න, ඈවිදින්න, කකුල පහත දාගෙන ඉන්න සපුරා තහනම් කලා.

ඉතින් ඉන්පස්සේ එළැඹුනේ සමනලීගේ ජීවිතේ බොහොම දුෂ්කර කාලයක්. තාමත් සමනලීට හරියටම සනීප නෑ. ප්ලාස්ට​රේ ඉවත් කරලත් නෑ. එහෙ මෙහෙ නිදහසේ සැහැල්ලුවෙන් පියාඹමින් උන්න සමනලී එක පාරටම එකතැන් උනා. මුලදි මේක සමනලීට දරාගන්නම බැරි උනා, දවසෙම කල්පනා කර කර හිතින් තැවුනා, දැනුනු අසරණකම එක්ක සමනලී උපරිමෙන්ම මානසිකව වැටුනා. පොත් පත් රූපවාහිණි පරිගණක සේරම ලගට කරලා දුන්නත් සමනලීට ඒ සේරම ​එපා උනා.

ඒත් සමනලීට එහෙම හිතින් වැටෙන්න ලැබුනේ ටික කාලයයි. සමනලීට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ තුන් දෙනා සමනලීට වැටුනු තැනින් ආයේ සුපුරුදු තැනට ගේන්න එයාලාට පුලුවන් හැම දේම කලා. සමනලිගේ අම්මා සමනලි ලගම ඉදන් මේ වගේ තත්වෙකදි උනත් තමුන්ගේ වැඩ සේරම තනියෙන් කරගන්න හැටි කියාදුන්නා.රෝද පුටුවේ වාඩි වෙලා වැඩ කරගන්න හැටි කියා දුන්නා.

සමනලීගේ අයිතිකාරයා කොයිතරම් බාධක දුෂ්කරතා මැද්දේ උනත් කොහොමහරි මාර්ගයක් හදාගෙන සමනලීව බලන්න ආවා. සමනලී කියවන්න ආසා පොත් ගොඩාක් ගෙනැත් දීලා කල්පනා කර කර ඉන්න එකෙන් සමනලීව වැලැක්වුවා. පුලුවන් හැම මොහොතෙම සමනලීට කතා කලා. සමනලීට ඕනා කරන බෙහෙත් ගෙනැත් දුන්නා. හැම මොහොතකම අයිතිකාරයා සමනලී ලගමයි කියලා සමනලීට දැනෙන්න ගොඩාක් මහන්සි වෙනවා. මොහොතින් මොහොත සමනලී ගැන හොයලා බලනවා. සමනලීගේ හිතට අයිතිකාරයා ලග නැති පාලුව ගොඩක් දැනෙනවා…… ඒත් අයිතිකාරයා සමනලීට තියෙන ආදරේ ගව් ගානක් ඇත උන්නත් දැනෙනවා වගෙයි.

සමනලීගේ තාත්තා සමනලීට කකුල යන්තම් පහත දාන්න විතරක් ​​වෛද්‍යවරු අවසර දුන්න ගමන් සමනලීව විශ්ව විද්‍යාලේ දේශන වලට එක්කන් ගියා. අනේ තාත්තේ මාව වැටෙයි කියලා සමනලී බය වෙද්දි නෑ ඔයා වැටෙන්නේ නෑ තාත්තා ලග ඉන්නවා කියලා කිහිලිකරු වලින් ඈවිදින සමනලීව හෙමින් හෙමින් දේශන ශාලාවට එක්කන් ගියා.

මේ වෙද්දි ප්ලාස්ටර් කරපු කකුලත් වාරු කරන් කිහිලිකරු වලින් ඈවිදගෙන ගිහින් සමනලී එයාගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෟතියේ පූර්ව ඉදිරිපත් කිරීමකුත් (Introduction Presentation) කලා. විවිධ ආයතන වල ප්‍රධානීන් හමුවේ සමනලී කිහිලිකරු වලට වාරු වෙලා කරපු ඒ ඉදිරිපත් කිරීම අවසන් කරනවත් එක්කම ලැබුනු අත්පොලොසන් හඩේ ගෙෘරවය අයිති සමනලීටත් වඩා සමනලීගේ ලෝකේ මහා පවුරක් වගේ ආරක්ෂාව ආදරය දෙන අම්මයි, තාත්තයි අයිතිකාරයටයි තමයි අයිති.

ප්ලාස්ටරේ ඉවත් කලාට පස්සෙත් කාලයක් බිම නොතියපු කකුල තියලා ඈවිදින්න සමනලීට වෙනම පුරුදු වෙන්නත් වේවි. ඒත් සමනලී හුගක් බලාපොරොත්තු තියාගෙන මග බලන් ඉන්නවා ආයෙත් ඉස්සර වාගෙම සැහැල්ලුවෙන් එහෙ මෙහෙ පියාඹන සමනලී වෙන්න……

සමනලීගෙ අයිතිකාරයා මග බලන් ඉන්නවා ආයෙත් සමනලීව ආදරෙන් පපුවට තුරුල් කරන් සමනලීට ජීවිතේ ලොකු හයියක් වෙන්න…….

හොදටම සනීප වෙලා සමනලී ආයෙත් එන්නම්. සමනලීව අමතක වෙන්නේ නෑ නේද එතකල්?

Advertisement
ප්‍රතිචාර 33 leave one →
  1. 2010 නොවැම්බර් 13 ප.ව. 7:49

    දුක්බර කතාවක්. ඒත් ඔබ මානසිකව නොවැටී කෙලින් හිටපු එක මම අගය කරනවා. මේ සිදුවීමෙන් ඔබ ඉගෙනගත් දේවල් අනාගතේදි වැදගත් අත්දැකීම් වේවි. ඒ ගැන හිතලා සතුටු වෙන්න. තව සතියකින් දෙකකින් හොඳටම හොඳ වේවි. එතකොට බය වෙන්න දෙයක් නෑ නේ.

    මට හිතෙනවා ඔයා බස් එකෙන් වැටෙන්න ඇත්තේ බහිනකොට බස් එකට ලම්බකව බහින්න ගිහින් වෙන්න ඇති කියලා. ඒක කවදාවත් කරන්න හොඳ දෙයක් නෙමෙයි. බහිනකොට නිතරම බස් එක යන දිසාවට මුහුණ දාලා බහින්න. පොඩ්ඩක් නිරීක්ෂණය කලොත් දැකගන්න පුලුවන් සාමාන්‍යෙයන් පිරිමි අය බස් එකෙන් බහින විදිය. ලම්බකව බහින්න ගියාම වැටෙන්නේ ඇයි කියලා ඔයා දන්නවනේ.

    • 2010 නොවැම්බර් 14 පෙ.ව. 12:02

      @ඉන්දරේ: ස්තූතියි ! ඒකත් හිතලා බලන්න ඕනි. සමනලී බැස්සේ නවත්වපු බස් එකකින් හැබැයි. ඔව් මේක ජීවිතේට ලොකු අත්දැකීමක් ගෙනාවා වගේම ඈත්තටම හොද යාලුවෝ කවුද කියලත් තෝරගන්න උදවි උනා. සමනලී හිතුවට වඩා සමනලීට ආදරේ යාලුවෝ ඉන්න බවත් දැනගත්තා….

      ———————————
      @සමීර: ගොඩාක් ස්තුතියි සමීර!!

      ——————————–
      @හසියා: අනේ ගොඩාක් ස්තූතියි !!! එහෙනම් සමනලීව අමතක වෙලා නෑනේද? 🙂 අනේ ඒත් තාමත් හරියට සනීප නෑ​නේ මල්ලි​යෝ….. දැන් කකුල බිම තියලා ඈවිදින්න ආසාවේ ඉන්නේ සමනලී. ඔව් සනීප උනාම සමනලී එන්නමි…..

      ——————————-
      @දිනේෂ්: ස්තූතියි !!!! 🙂

      ——————————-
      @නවීන් : ස්තූතියි!!!! 🙂

      ——————————-
      @දක්ෂිණ: ස්තූතියි !!!!! 🙂

  2. 2010 නොවැම්බර් 13 ප.ව. 7:58

    මාර සීන් කෝන් එකක් නේ වෙලා තියෙන්නේ.. කවුද දන්නේ මෙහෙම ඇබැද්දියක් වෙලා කියලා..

    අර කිව්ව තුන්දෙනාගේ පිහිටෙන් සහ මේ බ්ලොග් අවකාසේ ඉන්න හැට හුට හමාරක් වෙච්චි උදවියගේ ප්‍රාර්ථනා වල බලෙන් සමනලීගේ පැලැස්තරේ අද හෙටම කැපෙයි කියල විස්වාස කරනවා..

    ඉක්මනින් සුව වෙවා..!

  3. 2010 නොවැම්බර් 13 ප.ව. 8:59

    අක්කියෝ මේ ඇත්තමයි කියන්නේ අද මට ඔයාව මතක් වුනා…දැන් සමනලී අක්කා බ්ලොග් ලියන්නේ නැත්තේ මොකද කියලා….ඇත්තමයි…..සත්තයි‍‍‍….හිතුනා කැම්පස් එකේ වැඩ වලට හිරවෙලා ඇති කියලා……
    ඇත්තටම දුකයි අක්කියෝ ඔයා ගැන….දැන් ඉතිං සනීප වුනහමනෙ ඇවිත් කියන්නේ…නැතිනම් ඇවිත් බලලා තියෙන දෙයක් කාලා යන්න එන්න තිබුණා…
    අක්කියෝ අක්කියගේ අධිෂ්ඨාන ශක්තිය මම උපරිමයෙන්ම අගය කරනවා….
    ම්ම්ම්ම්ම් කොහොම වුනත් අක්කියෝ අක්කියගේ කකුල ඉක්මණටම හොදටම සනීප වෙලා ආයෙත් මේ බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න හැකිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා……

  4. dinesh permalink
    2010 නොවැම්බර් 13 ප.ව. 8:59

    මාත් ඕන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරණවා…..

  5. නවීන් permalink
    2010 නොවැම්බර් 13 ප.ව. 9:20

    ඉක්මන් සුවය පතමි… එක්තැන් වෙලා හිටපු මගේ පොඩි කාලේ මතක් වුනා… ඉක්මනින් සුව වේවා!!!!!!!!!!!!

  6. 2010 නොවැම්බර් 13 ප.ව. 9:59

    සමනලීට ඉක්මන් සුවය පතනවා.

  7. දයියා permalink
    2010 නොවැම්බර් 13 ප.ව. 11:34

    අනේ සමනලියෝ වෙච්ච ඇබැද්දිය හාංකවිසියක්වත් දන්නෙ නැහැ නොවැ. සමනලීට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන තුන්දෙනා වගේම අපෙත් ප්‍රාර්ථනය තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියල. මොකද අපි ආස නෑ සමනළී කොර ගහ ගහ පියාඹනවට. ඉක්මනින්ම වෙනද වගේ පියාඹල එන්න.
    තෙරුවන් සරණයි.

  8. 2010 නොවැම්බර් 14 පෙ.ව. 7:18

    දුක හිතෙන කථාවක්. ඔබට ශීග්‍රගාමී සුවය ප්‍රාර්ථනා කරමි.

  9. Indraj permalink
    2010 නොවැම්බර් 14 පෙ.ව. 8:03

    භයානක කාලය ඉවර උණත් එක්කම භයානක සිද්ධ්යකට නොවැ සමනලී මුහුණ දීල තියෙන්නෙ.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .

    • 2010 නොවැම්බර් 14 පෙ.ව. 10:35

      ඒකනේ…. ඒක ​වෛද්‍ය විද්‍යාත්මකව නම් සුලු දෙයක් වෙන්න ඈති.ඒත් දෙයියනේ යහතින් උන්න කාලේ කරපු පුංචිම පුංචි දේවල් පවා තනියෙන් කරගන්න බැරි වෙද්දි දැනෙන දුක වේදනාව කියලා නිම කරන්න බැරි තරම්…..
      ස්තූතියි Indraj !!!!!!

  10. මාරයා... permalink
    2010 නොවැම්බර් 14 පෙ.ව. 10:47

    අපොයි නංගියේ දැන්නේ දැන ගත්තේ..
    කවුදෑ දන්නේ මෙ වගක්..
    ඉක්මනට සනීප වෙන්න කියලා ඔං මාත් ප්‍රාර්ථනා කොරනවා…

    • 2010 නොවැම්බර් 14 ප.ව. 3:04

      බොහොම ස්තූතියි මාරයා අයියේ…. !! 🙂
      සමනලී දැක්කා ඕං මාරයා අයියාට සම්මාන එහෙමත් ලැබිලා තිබුනා? සමනලීටත් සතුටුයි ඒ ගැන
      (එදා සමනලී වැටෙද්දි බස් එක ඈද්දුවා නම් ඉතින් සමනලීට මාරයාම අත වනනවා !!!!)

  11. 2010 නොවැම්බර් 14 පෙ.ව. 11:36

    සමනලීට ඉක්මන් සුවය පතනවා!

    ඒ වගේම මේ අනතුරේදී ඔබට ලැබුනු ආදරය, උදව් වගේම ඔබ​ට වැඩිදියුණු කරගත් ​ධෛර්යය, කැපවීම, ඉවසීම වගේ ගුණාංග ජීවිතයේ ඉදිරි කඩයිම් වලදී ඔබේ ගමන තවත් සාර්ථකව ඉදිරියට ගෙන යන්න උදව් වෙයි කියලා මම හිතනවා. ප්‍රාර්ථනා කරනවා….!

    • 2010 නොවැම්බර් 14 ප.ව. 3:01

      ස්තූතියි බුද්ධි අයියේ…. 🙂 අනේ මේ ඔන්න සමනලී කාලෙකින් ආවත් මැරියන් අක්කාවත් මතක් කලා කියන්න හොදේ??
      ඈත්ත මේ සිද්ධ උන දෙයින් ජීවිතේට ලැබුනු ඒ ​දේවල් නිසා හැමදේම වෙන්නේ හොදට කියලා හිතන්නයි සමනලී උත්සාහා කරන්​නේත්

  12. ළමයා permalink
    2010 නොවැම්බර් 14 ප.ව. 1:46

    හනේ.. ඒක තමා සමනලී දැක්කේ නැත්තේ පහුගිය දවස් ටිකේදීම. ගෙට් වෙල් සූන් සමනලී..

  13. කාංචන permalink
    2010 නොවැම්බර් 14 ප.ව. 2:58

    අපොයි වෙච්චි දෙයක්.. 😦 සමනලීට ඉක්මනට සනීපවෙන්න ප්‍රාර්ථනා කරනවා…..

  14. 2010 නොවැම්බර් 14 ප.ව. 4:22

    හුඟක් දුකයි සමනලී ට උන දේ ගැන. ඒත් සතුටුයි ඔයාගේ හිතේ හයිය ගැන. පරිස්සමට වැඩ කරන්න… ඉක්මනටම සනීප වෙයි

    • 2010 නොවැම්බර් 14 ප.ව. 4:39

      බොහොම ස්තූතියි palaamalla !!
      ඒ හිතේ හයිය ඈති කලේ සමනලීගේ ලෝකේ ආදරණීය පවුරු තුන තමයි. සමනලීට හරිම ආඩම්බරයි සමනලී ඒ අය ලබන්න තරම් වාසනාවන්ත වීම ගැන…

  15. 2010 නොවැම්බර් 14 ප.ව. 10:19

    ගොඩක් දුකයි සමනලී !
    මේ වගේ කරදරයක් උනු වෙලාවට තමයි තමන්ගේ අයගේ අගේ දැනෙන්නේ .

    ඉතින් මම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!

    ඔබට ජයවේවා !!

    • 2010 නොවැම්බර් 16 ප.ව. 10:05

      බොහොම ස්තූතියි හිස් අහස…. !
      ඔව් තමුන්​ගේම අය කවුද කියලා දැනෙන්නේත් ඒ අයගේ ආදරේ තදින් දැනෙන්නේත් මේ වගේ වෙලාවකදි තමයි

  16. Nish permalink
    2010 නොවැම්බර් 15 පෙ.ව. 9:11

    samanaleeta ikman suwaya patanawa

  17. Ravi permalink
    2010 නොවැම්බර් 16 පෙ.ව. 11:06

    සමනලී නඟෝ,

    අනේ සමා වෙන්න ඕන, ඔයාට වෙච්චි අකරතැබ්බෙ දැනගත්තෙ ඔයා දාපු කමෙන්ට් එහෙකින්, ඉක්මනින්ම සුවය ලැබෙන්ඩයි මම ප්‍රාර්තනා කරනවා,

  18. 2010 නොවැම්බර් 17 පෙ.ව. 6:32

    ගෙට් වෙල් සූන් සමනලී……….

  19. Hasitha permalink
    2010 නොවැම්බර් 20 පෙ.ව. 11:59

    නීරෝගී සුව ලබාගෙන සුපුරුදු ලෙංගතුකමින් සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන්න එන්න [කරක් ගහන්න ආවාට කමක් නැහැ අතපය පරිස්සමෙන් 🙂 ] හැකිවේවා කියලා හදවතින්ම පතනවා අක්කේ…………….

    • 2010 නොවැම්බර් 20 ප.ව. 6:25

      බොහොම ස්තූතියි හසිත…! 🙂
      අනේ ඔව් ඔව් දැන්නම් සමනලී සෑහෙන පරිස්සම් වෙන්න ඕනා තමයි. ආයේ නම් මෙහෙම වෙන​වට සමනලී බයයි

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: