අන්තර්ගතයට පනින්න

මගෙ ලෝකෙට නුඹ කොහෙන්ද…

2011 පෙබරවාරි 5

මලට සුවද පැහැ කොහෙන්ද

මල් පෙති අග පිණි කොහෙන්ද

පැහැය සුවද මගේ ලොවට

අරන් ආව නුඹ කොහෙන්ද….

 

රෑ අහසට සද කොහෙන්ද

සද තනියට තරු කොහෙන්ද

මේ සිත ලග තනි රකින්න

මගෙ ලෝකෙට නුඹ කොහෙන්ද….

 

නෙතට කදුලු බිදු කොහෙන්ද

හදට සුසුම් රැලි කොහෙන්ද

නුඹෙ සෙනෙහස පිරුණු මහද

සතුට මිසක් දුක කොහෙන්ද….

 

Advertisement
ප්‍රතිචාර 10 leave one →
  1. 2011 පෙබරවාරි 5 ප.ව. 8:31

    එහෙම තමයි සමනලී…
    හැම දෙයක්ම සිතූ විදියට සිදු වෙනකොට..
    සතුට මිසක් දුකක් කොහිද?

    • 2011 පෙබරවාරි 5 ප.ව. 9:11

      ඒක ඇත්ත… ඒත් සිතූ විදියටත් වඩා අයිතිකාරයා සමනලීව තේරුම් අරන් සමනලීගේ ලෝකෙට ආවේ සමනලී නොසිතු විදියට…. ඒ නිසා වෙන්න ඕන මේ තරම් මේ හැමදේම සුන්දර… 🙂
      ස්තූතියි රොෂාන් 🙂

  2. 2011 පෙබරවාරි 5 ප.ව. 9:29

    hm athi yanthan ekkenek… sathutu hithena deyak liyala… Ohomane inna one…

    Lassanai…

  3. 2011 පෙබරවාරි 5 ප.ව. 11:19

    රෑ අහසට සද කොහෙන්ද ?

    හරිම ලස්සනයි

    “රෑ අහසට සද කොහෙන්ද ? ” අන්න සඳරු කැමති තැන …..

    • 2011 පෙබරවාරි 6 පෙ.ව. 12:01

      ස්තූතියි හිස් අහස (සදරු) 🙂
      ඒත් ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් එක දැක්කාම සමනලීට ලොකු දුකක් දැනුනා…. අහිමිවීම ගැන බයක් දැනුනා….

  4. 2011 පෙබරවාරි 6 ප.ව. 5:31

    අප්පේ…බස් එකේදි දැක්කට මම හිතුවේ නෑ නේ සමනලී අක්කා ලියනවා කියාලා….ඔන්න ආවා හරිය..දැන් ඉතින් බේරුමක් නෑ….බ්ලොග් එක ඉකේයියා කොරනවා මාගේ අප්‍රියජනක කොමෙන්ටු වලින්….හික්ස්

    • 2011 පෙබරවාරි 6 ප.ව. 6:39

      සාදරයෙන් පිලිගන්නව රත්ගමයා….. 🙂
      හානේ ඉතින් ඒ තරම්ම ඉකේයියා කරන්න එපා හොදේ??? 😀 😀 කොමෙන්ටු දාන්න සමනලීගේ ඉසව්වට ඇවිත් යන්න එන්න. ඔයාලගේ අදහස් වලින් තමයි සමනලී ශක්තිමත් වෙන්නේ

      මේ බස් එකේදි දැක්කාය කීවේ??? සමනලීවද? සමනලී දාපු කොමෙන්ටුවද????

  5. 2011 මාර්තු 8 පෙ.ව. 12:38

    mmm lassanai… 🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: