අන්තර්ගතයට පනින්න

ඔය කතා කරන ඇස්…..

2010 අප්‍රේල් 27

අතීතයේ එක දවසක
ලෙංගතුකම හංගාගෙන
අහිංසකව මදෙස බලා හුන්
ඔය කතා කරන ඇස්……

මුවින් නොකී සෙනෙහස
පුරවාගෙන සුරැකිව
මවෙත ආදරෙන් රැදුන
ඔය කතා කරන ඇස්……

ඔය සිතේ ආල පැතුම් ඉටු වූ දින
මගේ හදේ නුඹ රජ වූ කල
වදන් නොවූ සතුට උතුරා ගිය
ඔය කතා කරන ඇස්…….

මගේ සිනා ලඟ හසරැල් මැවෙන
හඩා වැටුනු මසිත පතුල දකින
මගේ දුක් කදුලු ගෙන සිසල ඉසින
ඔය කතා කරන ඇස්……

විසල් ලොව නේක රුදු මාරුත මැද
මුදු බැල්මෙන් මට දිරිය දෙන
මට සෙවන දෙන මගේ සොඳුරු ඉම
ඔය කතා කරන ඇස්……

කතා කරන ඒ ඇස්පියන් යට සුරැකිව පියාසලන සමනලීගෙන් සෙනෙහසිනි……

ප්‍රතිචාර 47 leave one →
  1. 2010 අප්‍රේල් 27 ප.ව. 8:04

    හා හා බොහොම හොදයි. හරි අපූරැ සංකල්පනාවක්…. මෙන්න මගෙන් සුභ පැතුම්……. 🙂

  2. 2010 අප්‍රේල් 27 ප.ව. 8:05

    සමනලී අක්කෙ ඔය කතා කරන් ඇස් සමනල අයියිගෙ නේද? 😀 😀

  3. 2010 අප්‍රේල් 27 ප.ව. 8:10

    ලස්සනයි සමනලියේ.

  4. 2010 අප්‍රේල් 27 ප.ව. 8:35

    ඒ ඇස් හා බැඳුණු තව සුන්දර මොහොතවල් බොහොමයක් උදාවේවි අනාගතයේදීත්.
    සුබ පතනවා ඔබ දෙපළට.

  5. ළමයා permalink
    2010 අප්‍රේල් 27 ප.ව. 9:10

    සමනලී මෙකනම් බොහොම ලස්සන නිර්මාණයක්… මෙන්න මගෙනුත් සුබපැතුම්!

  6. 2010 අප්‍රේල් 27 ප.ව. 9:11

    ඈස් කතා කරනවා………………

  7. සුළග permalink
    2010 අප්‍රේල් 27 ප.ව. 9:11

    හදවතින්ම සුබ පැතුම්…
    ~සුළග~

  8. හා පැටික්කි (MS) permalink
    2010 අප්‍රේල් 27 ප.ව. 9:19

    ඒ කතා කරන ඇස් දෙක යට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල පතනව……!!!!

  9. හා පැටික්කි (MS) permalink
    2010 අප්‍රේල් 27 ප.ව. 10:05

    🙂 🙂 🙂 🙂

  10. wasala0329 permalink
    2010 අප්‍රේල් 27 ප.ව. 10:41

    ඔය කතා කරන ඇස් වලට යන්න නම් දෙන්න එපා අහකට…තියාගන්න නෙතු අද්දර හැමදාමත්….

  11. 2010 අප්‍රේල් 28 පෙ.ව. 12:34

    සමනළි අන්තිමට ගොඩක් දෙවල් කියන්නෙ ඇස් තමයි.. කටින් කියා ගන්න බැරි ගොඩාක් දෙවල් තියනවා ඇස් වලින් කියන.. හරිම ලස්සනයි සමනලී .. බොහොම වටින දෙයක් තමයි කවිය තුලින් මම දකින්නෙ.. ස්තුති ඔයාට මෙක එකතු කරාට…

    • 2010 අප්‍රේල් 28 පෙ.ව. 8:38

      ස්තුතියි රවා අයියේ …… සමනලී ඒ ඇස් වලින් ගොඩක් දේවල් තේරුම් අරන් තියෙනවා, සමනලීට හංගන්න හදපු දේවලුත්…. ඇස් වචන වලට වඩා වේගෙන් කතා කරනවා………

  12. 2010 අප්‍රේල් 28 පෙ.ව. 6:08

    අතිශය ලස්සනයි‍… ආදරේ දැනෙන්න කියවතැකි… ස්තුතියි. ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් අක්කට..!!

  13. 2010 අප්‍රේල් 28 පෙ.ව. 7:20

    අදයි මම ඔයාගෙ බ්ලොග් එක කිය වන්න ගත්තේ …හරිම ලස්සනට ඔයා කවි ලියනවා…ඔබට ජය…

    • 2010 අප්‍රේල් 28 පෙ.ව. 8:35

      සතුටින් පිළිගන්නවා සමනලීගේ ඉසව්වට 🙂 ආයෙත් ඇවිත් යන්න එන්න…..
      දිරිමත් කිරිම්වලට ස්තූතියි මතක මන්දිර ….. ඒවා ගොඩක් වටිනවා සමනලීට

  14. 2010 අප්‍රේල් 28 පෙ.ව. 7:32

    ඔව්. වචන වලින් කියන්න අමාරු දේවල් ඇස් වලින් කියන්න ලේසියි..

  15. 2010 අප්‍රේල් 28 පෙ.ව. 8:25

    තරුත් එක්ක හොරෙන් ඇවිද
    කතා කරන ඇසිපිය යට..
    ආදරයෙන් තියාගන්න
    හිත දුන්නද අරන් යන්න….? 🙂

    ලස්සනයි සමනලී.. සුභ පැතුම්….

  16. 2010 අප්‍රේල් 28 ප.ව. 12:34

    සමනලීට දිල්ගෙනුත් සුබ පැතුම්…..සමනලී බොහෝම හොඳ ආදරවන්තියෙක් කියලා දිල්ට දැනෙනවා…හරියට දිල් කාලෙකට කලින් හිතුවා වගේම සමනලී හිතන හින්දා…සැබෑ ආදරය සමනලී අදුනගෙන…..
    ඔය ඇස් ලගම සමනලීගෙ ජීවිතය ගෙවන්න මගෙන් සුබ පැතුම්…..දෙන්නටම

    • 2010 අප්‍රේල් 28 ප.ව. 1:13

      ගොඩක් ස්තූතියි දිල් අක්කා….. ජිවිතේ මොනා වේවිද සමනලී දන්නේ නෑ.. වතාවක් දිල් අක්කා කීවා වගේ… ඒත් ඒ ඇස් වල අයිතිකාරයාගෙන් මේ ලැබෙන ආදරේ, කරුණාව, රැකවරණය ඒ සේරටම වඩා සමනලීව තේරුම් ගැනිම… සමනලීගේ ජීවිතේට එකපාරට කොහෙන් ලැබුනද මන්දා…. කොහෙත්ම හිතුවේ නෑ එහෙම වාසනාවන්ත වේවි කියලා සමනලී… අක්කාගේම කවියක තිබුනා වගේ මේ සේරටම සමනලී ලෝබයි…. නැතිවෙයි කියලා බයයි……

  17. 2010 අප්‍රේල් 28 ප.ව. 1:11

    සමනලිට ආදරණිය හැගීම් පුබුදු කරන්න මාර හැකියාවක්නෙ තියෙන්නෙ.

  18. Mee permalink
    2010 අප්‍රේල් 28 ප.ව. 7:39

    නීමායී…..ටොප්….

  19. Ansh Lucky Sri Jay permalink
    2010 මැයි 1 පෙ.ව. 5:43

    හරිම ලස්සනයි.

  20. Otuwa permalink
    2010 මැයි 1 ප.ව. 12:17

    Lassanai samanali.matath loba hituna me kawiya kiyewwama 🙂

  21. ishani permalink
    2010 නොවැම්බර් 5 ප.ව. 6:26

    sha oyage nirmana harima agai dear

  22. 2011 මාර්තු 6 ප.ව. 5:39

    ලස්සනයි……..

  23. suga......... permalink
    2011 මාර්තු 6 ප.ව. 5:40

    ලස්සනයි……..fatta……..

  24. කලු මල්ලි permalink
    2011 මාර්තු 30 ප.ව. 3:23

    onna adayi mathak une uya deepu link eka..aththatama lassanai…

    kathakarana as
    paalumakana as

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි