අන්තර්ගතයට පනින්න

වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්…

2010 අප්‍රේල් 30

ආකාස කුමරි ගෙල බැදි මාල පොට බිදින
සිලි සිලියේ වැහි පබලු මිහි මවගේ මුව සිඹින
සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන
අහස් කුස නෙක රටා ඇදි විදුලි රැස් විදින

අකීකරු කෙස් රොදත් සුළඟ හා රඟ දෙමින
වැහි බින්දු හෙමි හෙමින් කොපුල් තල මත දුවන
මුදු සේල එතී බඳ වටා ඇගෙ රුව වඩන
මුතු කුඩය යටින් හනි හනික දිව යන ගමන

මුදු සුළඟ එති එතී හමා යන නොතනියට
අදුරු නුබ වලා සේලෙන් වැසී ගිය පැයට
ගත සිතට සුව රැගෙන වඩින මුතු වැසි පොදට
පමා වනු නොහැක යන ගමන ඔහු දකින්නට

සැදෑ හිරු කිරණ යට ගෙවන්නට සිතූ පැය
විහඟ ගී නද මැදින් රඟන්නට පැතූ ඇය
වැහි සේල වට කරන් මුතු කුඩයේ රැලි යටින්
සොඳුරු වැස්සක ඇවිද යාවී අතිනත අරන්

ප්‍රතිචාර 30 leave one →
  1. මම දන්නේ නෑ permalink
    2010 අප්‍රේල් 30 ප.ව. 7:08

    ඔන්න සමනලී ඔයාවත් බලන්න මං අවා…. පුංචි සමනලී…
    ඔයත් බොහොම ලස්සනට කවි ගොතන්න දන්නවා නේ.අනේ මංදා මං හැම වෙලේම කල්පනා කරන්නේ ඇයි මට විතරක් කවි ලියන්න බැරි කියලා.ම්.මේ උනාට කමක් නෑ මට පුලුවන්නේ ඔයාලා ලියන කවි කියවලා රසවිදින්න, සතුටු වෙන්න.

    • 2010 අප්‍රේල් 30 ප.ව. 7:29

      ස්තූතියි මම දන්නේ නෑ ……
      අනේ ඇයි බැහැ කියලා හිතන්නේ? හිතට හොදින් දැනුනු දෙයක් කවි පද වලට පෙරලේවි…. උත්සාහ කරන්න හරියට සමනලි වගේ…. සමනලීටත් ඒ තරම් හොදට බැහැ ඒත් පුලුවන් විදියට ලියනවා…..
      ඔයාටත් ලියන්න පුලුවන් වෙන්න කියලා සමනලී ප්‍රාර්තනා කරන්නම්……

  2. 2010 අප්‍රේල් 30 ප.ව. 7:18

    මද හිරැ රැස් යටින්
    සිනිදු සුලං සේල සමගින්
    වැහි පොදයට තෙමී
    මතකයි ගිය හැටි එදා
    අතිනත පටලවා අප…..

  3. 2010 මැයි 1 පෙ.ව. 9:18

    මේ පද ටික් නම් හරිම අපූරුයි සමනලී…හොද රහට ලියලා තියෙනවා…මේ දවසවල එක සීරුවට වහින් වැස්ස නිසාමදෝ පද ටික හිත දැනුනා…..

    • 2010 මැයි 1 ප.ව. 4:30

      ස්තූතියි දිල් අක්කා …….. ඔව් ඔව් මේ දවස් වල දකින වැස්ස එක්ක තමයි මේ අදහස හිතට ආවේ….. පින්තූරේ දැක්කාම තවත් ඒක ස්ථිර උනා…..

  4. 2010 මැයි 1 ප.ව. 12:14

    වැස්ස කොච්චර දරුණු දේ කලත් අපි හැමෝටම වැස්ස එක්ක සුන්දර මතක තියෙනවා.මටත් එහෙමයි. ලස්සනයි.

  5. Otuwa permalink
    2010 මැයි 1 ප.ව. 12:20

    Lassany samanalee.Matath dawasaka mage ekkenat ekka podi wassaka temi temi giya hati matak wenawa.eyata meka pennanna ona.:)

  6. 2010 මැයි 1 ප.ව. 8:44

    අපූරු කවිය..

  7. 2010 මැයි 2 ප.ව. 2:58

    ෂහ් මාර ලස්සනට ලියල තියනව මේ පදපෙළ. නියමයි නංගී.

    ඔයාගෙ අඩවියේ පලකල කතා කරන ඇස් කියන කවිය තවත් සහෝදර බ්ලොග් එකක පලවී තියනවා දැක්ක නිසා ඒ ගැනත් සටහනක් කර යන්න සිතුනා
    http://asa4547.blogspot.com/2010/05/blog-post.html

    • 2010 මැයි 2 ප.ව. 4:37

      ස්තූතියි Raven අයියා…… කවිය ගැන ඔයාලා දෙන අදහස් සමනලීට හුඟක් වටිනවා
      ඒ වගේම සමනලීව කොපිකරපු අඩවිය ගැන සමනලීට කීවට ගොඩක් ස්තූතියි…. හරි දුක හිතෙනවා ඒවා දැක්කාම. ඇයි ඒ අය එහෙම කරන්නේ ? කෙනෙක්ගේ නිර්මාණ ඒ විදියට කොපිකරන එක කොයිතරම් වැරදිද?

  8. 2010 මැයි 2 ප.ව. 3:06

    ලස්සන නිර්මාණයක් සමනලී…….

  9. Mee permalink
    2010 මැයි 2 ප.ව. 8:23

    කෙල්ල කාලෙකින් හොද කවියක් කියෙව්වා…නියමයි…..මේ පදය ටොප්….
    සුළඟ හා රැදි ඇගේ රන් තෝඩු දඟ කරන

  10. Ansh Lucky Sri Jay permalink
    2010 මැයි 2 ප.ව. 9:06

    මේ පද ටික් නම් හරිම අපූරුයි..
    ඇත්තටම නියමයි…!

    • 2010 මැයි 2 ප.ව. 9:11

      ස්තූතියි Ansh Lucky Sri Jay ……. කලබලෙන් ලියලා කලබලෙන් දාපු කවියක් මේක…. ආයේ ආයේ කියවලා හැ‍ඩ බලන්න උනෙත් නෑ, ඒකනේ ඔය අන්තිම පද දෙකේ එළිවැට පැනලා ගිහින් තියෙන්නේ 🙂

  11. Madhu permalink
    2010 මැයි 3 ප.ව. 7:42

    ෂා…හරිම ලස්සනයි මේ කවිය… වැස්සට මමත් හරිම ආසයි.

  12. විහඟ ගීතය permalink
    2010 මැයි 4 පෙ.ව. 9:38

    ගහකොළ පවා සිත් පහදනා සිරියෙනී
    මිහිදුම් සේළ මුතුකුඩ සමඟ යාවුනී
    සුපසන් විහඟ ගී හා බැඳුනු ලොබයෙනී
    සමනළ සිහිනයේ සමනළිය හමුවුනී

    • 2010 මැයි 4 ප.ව. 8:30

      ස්තූතියි විහඟ ගීතය …… හරිම සුන්දර කවි සිත්තම්කින් සමනලීගේ ඉසව්ව හැඩ කලාට……. ඉතින් සාදරෙන් පිලිගන්නවා සමනලීගේ ඉසව්වට…. 🙂

  13. සුළඟ permalink
    2010 මැයි 5 පෙ.ව. 10:45

    පුංචි සමනලී, ඇත්තටම මේක මම කියවපු ලස්සනම කවියක්
    සුළඟ

  14. Madhu permalink
    2010 මැයි 15 පෙ.ව. 7:54

    සමණලී බලන්න ආවාට කෝ සමණලී පේන්න නෑනෙ. මේ දවස් වල වැඩ ගොඩ ගැහිලාද? නැත්නම් නිවාඩු ගිහින්ද? ඔන්න මට නම් නිවාඩු…අම්මේ කාලෙකට පස්සෙ.

    • 2010 මැයි 17 ප.ව. 6:44

      අනේ ඔව් සුළඟ….. ගොඩාක් වැඩ එක්ක හිරවෙලා ඉන්නේ…. ඉස්සරහට සමනලීට විභාග කාලේනේ එන්නේ…..
      ඒවා ඉවරයක් වෙලා හිතට සැනසීමක් ලැබුනාම සමනලී ආයෙත් පියාසලනවා හොදේ……

  15. 2010 මැයි 18 ප.ව. 3:15

    වැස්සට යටින් මම ආවා මේ පැත්තේ
    ඒ විටදි සමනලි නැහැ මම දැක්කේ
    කුඩයක් ඉල්ල ගන්නයි මා මෙහි ආවේ
    ආයෙත් ඉතින් යමි තෙමි තෙමි ආදර වැස්සේ

    මම
    ෴වත්෴

    • 2010 මැයි 18 ප.ව. 7:00

      විභාගයකි ලඟ ලඟ එන අනේ අපොයි
      සටහන් ගොන්න අහස උසට ඉහල නගියි
      වැහි පොද මැදින් සොදුරු සිතුම් නිතර මැවෙයි
      සමනලි ඉඩක් ලද සැනෙකින් ආයේ එවෙයි

      ස්තූතියි සමනලී ගැන සොයා බලනවට…. හරිම සතුටුයි ……. වත් අක්කා ලස්සන කවි ගොඩාරියක් ලියලා තිබුනා… අනේ ඒවට නිවිසැනසිල්ලේ මොනවත් කියන්න වෙලාවක් නෑ අක්කා…. විභාගේ ඉවර උන ගමන් සමනලී එන්නම් හොදේ

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි